Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කුජ නිසා හැදෙන ලෙඩ

1 year ago 7 Min read
Subha.lk
කුජ ග්රහයා හැඳින්වීමට බොහෝ ජ්යොතිෂවේදීන් නම් කිහිපයක්ම භාවිතයේදී යොදා ගනී. කොහොම භාවිත කළත් කුජ කියන විට ඇඟ කිලිපොළා යන ගතියක්, සිතට බියක්, සංකාවක්, ඇති කරයි. අඟහරු යනුවෙන් බොහෝදෙනා අතර ප්රචලිත වී ඇති මෙම ග්රහයාට භූමි පුත්ර යනුවෙන්ද හඳුන්වයි. තවත් විධියකින් කියනවා නම් මිහිපුත් යනුවෙන්ද මංගල යනුවෙන්ද, ව්යවහාර කෙරේ. පොළොවට සමාන ගති ගුණයෙන් හෙබි ග්රහ වස්තුවක් වන කුජගේ වික්රමයෙන් මෙන්ම සාදන ලෙඩ රෝගද බොහෝ වෙයි. කුජ ග්රහයා ගැන තවත් විස්තර සොයා බැලීමේදී රක්ත වර්ණයට අයත් ලේ ධාතුවටද මූලික වශයෙන් අධිපතිකමක් දක්වයි. මේ අයුරින් විග්රහ කර විමර්ශනය කර බලන විට ලේ නරක් වීමෙන්, ලේ දූෂ්ය වීමෙන් වැලඳෙන බොහෝ රෝග තත්ත්වයන් කුෆ් ග්රහයා නීච වීමෙන්, දුර්වල වීමෙන් ඇති වන්නේය. විශේෂයෙන් අධික රක්ත රෝගයන්ට මොහුගේ දෘෂ්ටිය බලපායි. කුජ දුර්වල වී සිටින විට හෘද රෝග ඇති වීමට හේතු සාධක ඇත. විශේෂයෙන් කුජ දුර්වල වීමෙන් උෂ්ණ රෝගද ඇති කරයි. බොහෝ අධිපති ග්රහයන් සමඟ කුජ සංයෝග වී ඒකරාශී වී සිටින විට දුර්වල වී ඇති කුජ නිසා උෂ්ණත්වය හේතු කොට ගෙන ලේ නරක් වීම කරණ කොට උෂ්ණ රෝගාබාධ ඇති කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ගබ්සා ඇති කිරීමට දුර්වල කුජ ප්රධාන වේ. එසේ වන්නේ කුජ 6 වැන්නේ දුර්වල වූ විටය. බොහෝ විට 7 වැන්නා පරීක්ෂා කර බැලීමේදී කුජ දුර්වල වූ විට කාන්තාවන්ගේ ප්රසූතියටද බාධා අවහිර සිදුවේ. එපමණක් නොව ගිනියම් වර්ගයේ ලේ උෂ්ණාධික රෝග ඇති කරයි. තවද ලේ ධාතුව විස වීමේ රෝගයෙන් මෙන්ම ඇස් රෝග, මුත්රාබාධ ලෙහෙසියෙන් ජන්මියාට ළං කරයි. මෙය බොහෝ විට සිදු වන්නේ අටවැනි රාශියේ කුජගේ පෙනීම දුර්වල වූ විටදී බව පෙනී යයි. කෙනකුට ඇතිවන විපත් කරදර, බරපතළ රෝගාබාධවලට කුජ ඉතා ඉක්මනින් ළංවන්නේද කුජ දුර්වල වූ විටය. විටෙක කුජ දුර්වල වූ විට මාංස පේශි, ඇස්වල අමාරුද, රුධිර දෝෂ, වාත ආබාධ, ජන්මියාට ළඟා කර දෙයි. වෙනත් ග්රහයන් සමඟ සංයෝග වූ විට තවත් බොහෝ අසනීපයන්ට කුජගේ දුර්වලතාව බලපායි. මෙම කුජ ග්රහයා ඉතාමත් ප්රකටව ඇත්තේ යුද්ධයට අධිපතිත්වය දරන ග්රහයෙක් වශයෙනි. ඒ වාගේම මෙම ග්රහයා උනන්දුව හා දක්ෂතාවද ලබා දෙයි. ඒ නිසා වික්රමාන්විත තේජස් බවක්ද ඇති කරයි. පෙර ආත්ම භාවයන්හිදී අධික ලෙස කෝප වීම නිසා අන් අයට හිරිහැර කිරීමට මෙම ග්රහයා සැදී පැහැදී සිටියි. එසේ වූ විට ජන්මියාට හිරිහැර කරන අතර කපා කොටා තුවාල කරන්නටද කුජ අමතක නොකරයි. ද්වේෂ අන්දමින් පාප කර්ම රැස් කරගෙන තිබෙන ජන්මියකුට සිතෙහි හට ගන්නා බලවත් ආශාවන් හේතුකොට ගෙන එසේ නැති නම් තරහ නිසා අන් අයවලුන් තැතිගන්වමින් බියට පත්කරලීමටද කුජ පසුබට නොවේ. යමෙක් ත්රස්තවාදී ක්රියා සිදු කර ඇත්නම් තමන් අමනාපව සිටින අයට ඇඟේ ලේ වතුර වන අන්දමින් තදබල මරණ බිය ගෙන දෙන්නේද කුජ ග්රහයා විසින්ය. තවද අතීතයෙහි බලවත් බිය වැද්දීම්, කළහොත් එම ජන්මියාට කුජ තදබල ලෙසටම අපල බලපෑමට සලස්වයි. බොහෝ විට ජන්මියාට ලියුකේමියාව හටගන්නේ කුජගේ පාප කර්ම නිසාය. පෙර ආත්ම භාවයන්හිදී කරන ලද කර්ම හේතුවෙන් අධික දුක් විපත් ඇති කරන්නේ කුජ ග්රහයාගේ අනුග්රහයෙනි. අනෙක් අතට කල්පනා කර බැලීමේදී පෙර භවයන්හි කරන ලද අකුසල කර්මයන් බොහෝ දෙනෙක් පිළිගැනීමට මැළිවෙති. ඒ අවස්ථාවන්හිදී හුඟ දෙනෙක් ලැජ්ජාවට බියට පත්වෙන අය අනන්තය. ඒ අනුව සලකා බලන විට මේ ලෝකයේදී සිතන්නට බැරි තරම් යහපත් දේ කළත් සියවසක් උපේක්ෂා සහගත අල්පේච්ඡ ජීවිතයක් ගත කළත් පසුකරන ලද ආත්ම භවයන්හිදී ජන්මියා විසින් කරන්නට යෙදෙන තදබල පාප් කර්මයන් තිබුණොත් එවැනි දේ වළක්වා දැමීමට නම් කිසිවකු සමත්කම් නොදක්වයි. අපගේ තිලොවට තිලක වූ බුදු රජාණන් වහන්සේ පවා සංසාරයේ සැරිසරන අවධියේ බොහෝ වකවානුවලදී අකුසල කර්මයන් සිදුවූ බවට දේශනා කළ සේක, එසේම මහත් බල සම්පන්න බවක් ඇති අග්රශ්රාවක මුගලන් මහ රහතන් වහන්සේටද මීට ආත්ම සිය ගණනකට පෙර කාලවකවානුවේදී මවුපියන්ට පහර වීමේ අකුසලකර්ම විපාකයන්ගේ ප්රතිඵලයක් වශයෙන් සොරුන්ගේ අතවරයට ලක් වී පිරිනිවන්පාන්නට යෙදුණු බව පත කළ සේක. කෙසේ වෙතත් මේවාට ප්රතිකර්ම නැතිවා නොවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk