Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහයට පෙර පොරොන්දම් ගැලපීම අත්යවශ්යද?

1 year ago 7 Min read
Subha.lk
මෙයට පෙර ලිපියකින් අපේ පොරොන්දම අපිම බලාගනිමු පවසමින් පොරොන්දම් බැලීමේදී අවශ්ය කරන ලග්න දොළහ (12) සහ ලග්නාධිපති දොළොස් දෙනා (12) පැහැදිලි කර දුනිමි. මේ දෙවැනි ලිපියෙන් පොරොන්දම් ගැළපීමේදී 'ලග්නය' මෙන්ම තමාගේ 'ජන්ම නැකැතද' වැදගත් වේ. ඒ නිසා බොහෝ දෙනා තමාගේ ලග්නය දැනගත්තද ජන්ම නැකැත මතකයේ නැත. ඔබට හඳහනක් (ජන්ම පත්රයක්) ඇත්නම් ඒ ජන්ම පත්රයේ ජන්ම නැකැතද අනිවාර්යයෙන්ම ඒ ජ්යොතිය මහතා හෝ මහත්මය සටහන් කර ඇත. ඔබට ඇත්තේ ඒ නැකැත සොයාගැනීමයි. සෑම අයකුගේම 'ජන්ම නැකැතේ පළමු (1) දෙවැනි (2) තුන්වැනි (3) හතරවැනි (4) පාදය ලෙස සටහන්ව ඇත. පොරොන්දම් ගැළපීමෙදී 'මේ පාදය' අමතක කරමු. බොහෝ විට ජන්මපත්රයේ 'ජන්ම තාරකා විසින් නැකැතේ පාදය" ලෙස ලියා ඇත. නැතහොත් පැහැදිලිව ලග්නය සහ නැකැත වෙන්කොට සටහන් කර ඇති අතර ඉදිරි මහ දසාවද සටහන්ව ඇත. ජන්ම පත්රයක ඇති 'තුන්දු ලිකෙන්ද ජන්ම නැකැත සොයාගත හැකිය. දැන් ඔබට ඔබේ ජන්ම නැකැත සොයා ගන්නට අවබෝධයක් ලබන්නට ඇතැයි සිතමි. ඒ ඒ දිනවලදී නැකැත් වෙනස් වේ. පංචාංග ලිතේ ඇති නැකැත නොව ඔබට අවශ්ය ඔබගේ උපන් දිනයේ සටහන් වන ජන්ම නැකැතයි' මේ ජන්ම නැකැත් (27) විසිහත ඔබගේ අවබෝධය පිණිස මෙහි සටහන් කරමි. 1 අස්විද , 2 බෙරන, 3 කැති, 4 රෙහෙණ, 5 මුවසිරස, 6 අද, 7 පුනාවස, 8 පුෂ, 9 අස්ලිස, 10 මා, 11 පුවපල්, 12 උත්රපල්, 13 හත, 14 සිත, 15 සා, 16 විසා, 17 අනුර, 18 දෙට, 19 මුල, 20 පුවසල, 21 උත්රසල, 22 සුවණ, 23 දෙනට, 24 සියාවස, 25 පුවපුටුප, 26 උත්රපුටුප, 27 රේවතී ඇතැම් විට ඇතැම් 'පැරණි' ජ්යොතිෂ මහතුන් මේ ජන්ම නැකැත්වලට වෙනත් නම් ආරෝපණය කර ඇත. උදාහරණ ලෙස 'මුවසිරස' නැකැත 'මුව හිස' ලෙසත් 'දෙනට' නැකැත 'දෙනමේ' නැකැත ලෙසත් 'මා' 'සා' නැකැත් 'තනි අකුරේ' නැකැත් ලෙසත් ජන්ම පත්රවල ලියා තිබී අපට හමුව ඇත. මෙම විස්තර දැනගැනීමට අනිවාර්යයෙන්ම ස්ත්රී පුරුෂ දෙදෙනාගේම ජන්ම පත්ර අවශ්ය වේ. වැඩි දෙනෙක් පොරොන්දම් ගැළපීමට දෙදෙනාගේ ජන්ම පත්ර රැගෙන ආවත් ඇතැමුන් ගෙන එන්නේ ජන්ම පත්රයක් නොව උපන් දිනය හා වේලාව පමණි. ආධුනිකයකුට එවැනි අවස්ථාවලදී ගැටලු මතුවේ. ඵ් නිසා එවැනි අවස්ථාවකදී ඔබට ජ්යොතිෂ මහතකුගේ උපකාරය අත්යවශ්ය වේ. අලුතින් ජන්ම පත්රයක් සෑදීම ඔබට පහසු නැත. ඒ නිසා පළමුව දෙදෙනාගේ උපන් දිනය, වේලාව, ජන්ම පත්රය, ජන්ම නැකැත ආදී විස්තර ලබාගැනීමට අවශ්යය. ඒ විස්තර අත්යවශ්යය. උපන් දිනය ගැනීමේදී එය 'දවස' අවශ්යය. එනම් සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යනු හතයි. දිනත් යනු 1,2,3,4, සිට 30 හෝ 31 දක්වා සටහනයි. දවස යනු සඳුදා සිට ඉරිදා දක්වා දවසයි. ඒ නිසා මේ 'දිනය' සහ 'දවස'ඵකක් නොව දෙකක් බව සිතා ගන්න. ඒ අනුව දැන් ඔබ ලග්න (12) දොළහ සහ නැකැත් (27) පිළිබඳව දැනුමක් ලබා ඇතැයි සිතමි. මෙයට අමතරව තවත් කරුණු දැනගැනීම අවශ්ය වේ. එය සරලය. පැහැදිලිව අවබෝධ කරගෙන හෝ ඔබට නිවැරදිව වටහා ගත හැකිය. ජ්යොතිෂවේදීන් වන අපද ගුරුවරයකුගෙන් අත්පොත් ලබාගෙන පොත පත කියවීමෙන් හා "පරිශීලනයෙන් අවබෝධය ලබාගත් අයයි. පොත පතේ දැනුම තිබුණද පරිශීලනය නොකළහොත් සාර්ථකත්වයට පැමිණීම අපහසුය. අපේ ඊළඟ ලිපියෙන් 'රාශි' පිළිබඳ අවබෝධයක් ලබාගනිමු. ඇතැමුන් 'ලග්නය' හා 'රාශිය' එකක් සේ සැලකුවද ජ්යොතිෂයේ 'ලග්නය'හා 'රාශිය' වෙන් වෙන්ම දක්වා ඇත. ඒ නිසා ඉදිරියේදී ඒ වෙනස හා රාශියේ අධිපති (රාශ්යාධිපති) කවුරුන්ද යන්න තේරුම් ගනිමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk