Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහ දෝෂ මගහැර නව වසරේ යුග දිවියට පිවිසෙමු

1 year ago 7 Min read
Subha.lk
ජ්යොතිෂයේදී තදබල විවාහ දෝෂ ලෙස හඳුන්වන්නේ කුජ ග්රහයා හත්වැන්නේ, අටවැන්නේ යෙදීමයි. එම දෝෂයට ගැළපෙන ලෙස විවාහයක් සිදු වූයේ නම් කරදර බාධා වළක්වා ගත හැකිය. 7 වැන්නෙන් විවාහයද 8 වැන්නෙන් ව්වාහයෙන් පසු ගෙවන ජීවිතයද පෙන්නුම් කරනු ඇත. බොහෝ ජ්යොතිර්වේදීන් පොරොන්දම්වලට මුල්තැනදී කර්මය හා කර්මපල පෙන්නුම් කරන ග්රහ පිහිටීම් පිළිබඳව සොයා නොබලා කටයුතු කිරීම විවාහය කඩා වැටීමට හේතු වී ඇත. කුජ 7 වැන්නේ, 8 වැන්නේ ඇති කේන්දර හිමි අය කුජ 1,2,4,12 යන ස්ථානවල පිහිටා තිබෙන කේන්දර ගැළපීම සුදුසු නැත. එවන් ගැළපීම් ඇතිව විවාහ වූ බොහෝ දෙනා අතර ඉක්මනින් මරණයට පත්වූ අය, දික්කසාද වූ අය, වෙනත් සබඳතාවලට එක්වූ අය, එක ගෙදරක විසූවත් ආගන්තුකයන් ලෙස වෙන්ව ජීවත් වන අයගේ කේන්දර සටහන් මා වෙත ලැබී ඇත. කුජ 7 වැන්නේ,8 වැන්නේ සිටින අය විවාහයක් සිදුනොවී වියපත් වූ අයද වෙති. මෙම සියලු කරුණු මෙසේ සිදුවන්නට හේතු වන්නේ පෙර භවයේ අන් අයගේ විවාහ ජීවිත කඩාකප්පල් කිරීම, අනියම් සබඳතාවලට යොමුවීම ආදී කරුණු වන බැවින් මේ භවයේදීවත් එවන් පාපකර්මවලින් ගැලවී ජීවත්වීම අප විසින් කළ යුතුව ඇත. පාසල් අධ්යාපනයේදී බුද්ධ ධර්ම විෂයට හෝ මෙම කර්මය හා පලය පිළිබඳ දරුවනට උගන්වන්නේ නම් ඔවුන් බුද්ධිමත්ව සිතා බලා ඒවායෙන් වැළකී කටයුතු කරනු ඇත. විවාහ දෝෂ ඇති කෙනෙක් හා විවාහ දෝෂ නැති කෙනෙක් විවාහ වූ විට ඒරාෂ්ටක අපල කාලවලදී එම දෝෂ පල දීම සිදුවනු ඇත. ඈත්ව ජීවත් වනවිට (රටවල් දෙකක) මෙම දෝෂ පලදීම අඩුවනු ඇත. මෙවන් දෝෂ එක ළඟ ජීවත් වන විට පලදීම සිදුවේ. මෙවන් දෝෂ හර්යාකාරව සොයා බලා විවාහයට එළඹීමට බුද්ධිමත් වන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk