Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අකුරු කියැවීමට, මඟුල්තුලාවලට, ළිං පොකුණු කැපීමට නැකැත් පොකුරක්

1 year ago 7 Min read
Subha.lk

දරුවන්ට අකුරු කියවීම, මඟුල්තුලා සහ ළිං පොකුණු කැපීමට ඉතා වටිනා සුබ මුහුර්ත සහිත නැකැත් පොකුරක් නොවැම්බර් 29 වැනිදා සඳුදා යෙදී තිබෙන බව ජ්‍යෙතිෂයෙහි සඳහන් වෙයි.

 

ඒ අනුව නොවැම්බර් මස 29 වැනි සඳුදා උදේ 06.44ට යෙදෙන සුබ මොහොත අකුරු කියැවීම සඳහා ඉතා විශිෂ්ට මුහුර්තයකි. එදින දිශාධිපති ග්‍රහයා සඳු වන අතර සඳු අයස්ථානගතයි. සඳුට අයත් හෝරාවක ගුරුගේ පංචම හා සූක්ෂ්ම කාල හෝරාවක්  උදාව පවතී. එමෙන්ම විද්‍යාකාරක රවි, ඥානකාරක බුධ, අධ්‍යාපනයට උදවු දෙන කේතු ලග්නගතයි. බුධ ලග්නයට දිග් බල බවද දත යුතුය. 

 

සඳුගේ ගුරුගේ ගුරු කාල පරිච්ඡේදයකි. එනම් සඳු පුණ්‍ය ස්ථානය මෙන්ම උසස් අධ්‍යාපන ස්ථාන අධිගෘහිත ග්‍රහයායි. ගුරු යනු 2, 5 හෙවත් කථනය, භාෂාව මෙන්ම මූලික අධ්‍යාපනික ස්ථාන අධිගෘහිත ග්‍රහයායි. එමඟින්ද සඳුගේ හෝරාවක ගුරු පංචමය, ගුරු සූක්ෂ්මය ගැනීම යහපත් බව පෙනී යයි. අෂ්ට වර්ගය තුළද 9, 10, 11 යන භාවවල ඉතා ඉහළ  අගයක් පෙන්වයි. මෙයද යහපත් වේ. තත්කාලයේ ඒරාෂ්ටක නොමැත.

එමෙන්ම 29 වැනි සඳුදා විවාහ කටයුතු උදෙසා ඉතා සුබයි. මුදල් තැන්පත් කිරීමට, හිසකෙස් කැපීමට, ඉඳුල් කට ගෑමට, රැකියා භාර ගැනීමට, කන් විදීමට එදිනම පෙ.ව. 06.44 හෝ පෙ.ව. 7.00 යොදාගත හැකිය.

 

වැව්, ළිං, පොකුණු ආදිය ආරම්භ කිරීම උදෙසා එදින පෙ.ව. 07.00 හෝ පෙ.ව. 10.43 යොදාගත හැකිය. ගිවිසුම් අස්සන් කිරීමට, වෙළෙඳාමට, මුදල් තැන්පත් කිරීමට, රැකියා භාර ගැනීමට එදින පෙ.ව. 07.00 හෝ පෙ.ව. 10.20 හෝ පෙ.ව. 11.10 යොදාගත හැකිය.

 

සුබ දිසාව නැඟෙනහිර වන අතර සුදු මිශ්‍ර චාම් වර්ණ ඉතා යහපත් වේ. එදින උදා නැකැත බවට පත්වන්නේ රවි හිමි උත්‍රපල් නැකැතයි. 

 

එබැවින් බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙන, හත, සුවණ, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී නැකැත් හිමි ඔබට 2021 නොවැම්බර් 29 වැනි දිනය ඉතා වාසනාවන්ත දිනයක් වනු නොඅනුමානයි.

 

ආචාර්ය කැලුම් ගුණතිලක

ප්‍රවීන ජ්‍යෙතීර්වේදී, වාස්තු විශේෂඥ (21/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk