Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පමා වූ දරු සිහින සැබෑ කරන නොවරදින වත් පිළිවෙත්

1 year ago 7 Min read
Subha.lk
බස්නාහිරට ගිය බෝ පිළිලයක් බලා ගන්න. එළදෙනකුගෙන් නොයිඳුලෙන් කිරි ලබා ගන්න, ඉන්පසුව අස්විද නැකැත දවස පුරාම පවතින දිනක (රැය වුවත් බිය නොවන්න) කිසිකෙනෙකුට නොපෙනෙන්න දුහුල් රෙදිකඩක් ගෙන අමුඩය ගසා ඇඳ ගන්න. පෙර දින බෝ ගස වටා පිරිසුදු කර සුවඳ දුම් අල්ලා හඳුන් කිරිපැන්, කස පැන් ඉස කතරගම, විෂ්ණු සහ පොළෝ මහී කාන්තාවට පින් දෙන්න. නෙළා ගත් බෙලි පිළිලයක් ප්රවේසමෙන් නිවෙසේ එල්ලන්න. ඊට පෙර දින පහන් දල්වා සුවඳ දුම් අල්ලා මල් පහන් පුදන තැන උස් ස්ථානයක තිබේ. නම් එය ප්රවේසමෙන් ආවරණය කොට තබා ගන්න. (මෙය කිසිවකුටත් නොකියා සිදු කරන්න.) තවද දරුවන් ලැබීමට බලාපොරොත්තු වන කාන්තාව කිසිවකුටත් නොපෙනෙන ලෙස පාන්දර කළුවරයේම තනි පාට පැටවකු සිටින එළදෙනකුගෙන් කිරි උරා බී සැමියා සමඟ එක්වන්න. මේ සඳහා ඔබට පහසු දින හතක් තෝරා ගන්න. උදාහරණ ලෙස එනම් එළැඹෙන බ්රහස්පතින්දා දිනයේදී පළමුවෙන්ම මෙම ක්රියාවලිය සිදු කළේ නම් නැවත ඊළඟ බ්රහස්පතින්දා දිනක්ම තෝරා ගන්න. මේ ආකාරයට සතියට එක බැගින් දවස් හතක් මෙම කෙම් ක්රමය පිළිවෙළින් සිදු කරන්න. මේ ක්රියාවලිය රහසිගතව වාජීකරණ බෙහෙත් නොගෙන එක්වන්න. දරුපල සිහිනය සැබෑ වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk