Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහ වෙන්නේ කොහොමද කේන්දරයෙන් බලාගමු

1 year ago 7 Min read
Subha.lk
ඔබට ජ්යොතිෂ දැනුමක් නැතත් මෙම රූප සටහන බලන්න. පළමුවැනි රූප සටහන අනුව හත්වැන්න සොයාගත හැකිය. හත අධිපති මේෂ ලග්නයට සිකුරු සිටින රාශිය ඉහත පළමුවැනි සටහන අනුව බලන්න. වෘෂභ රාශියෙන් හත්වැන්න වෘශ්චික කුජයි. මේ ආකාරයට අනිකුත් රාශිවලට බලපාන හත්වැන්න එහි අධිපති බලාගන්න. මීළඟට එම අධිපතියා සිටින ස්ථානය පළමුවන සටහනෙන් බලාගන්න. හත අධිපතියා කුජ නොවී සිකුරු සමඟ 1, 4, 7, 10 යන ස්ථානයක සිටියොත් ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය ලස්සන, කරුණාවන්ත, සමඟියෙන් ජීවත් විය හැකි කෙනකු වේ. විවාහයෙන් පසු තම දියුණුව හා ප්රීතිය වැඩේ. වෘෂභ, තුලා, ලග්න හිමියන්ට මෙම ප්රතිඵල බලනොපායි. එයට හේතුව ඔවුන්ගේ හත අධිපති කුජ නිසයි. අනිකුත් ලග්න හිමියන්ට මෙම ප්රතිඵල බලපායි. හත අධිපති සඳු නොවී ගුරු සමඟ නම් උසස් ගුණවත් තැන්පත් තමාගේ දියුණුවට පිහිට වන අයකු විවාහයට ලැබේ. මකර ලග්න හිමියන්ට මෙය බලනොපායි. හත අධිපති බුධ සමඟ නම් ඥානවන්ත දැනුම තව දියුණු කර ගන්නට කැමැති එතරම් ලොකුකම් ගණන් ගන්නේ නැති විවාහයෙන් පසු විවාහ පාර්ශ්වයේ අය තම පැත්තට හරවාගත හැකි කෙනකු විවාහයට ලැබේ. හත අධිපති සමඟ ලග්නාධිපතියා එකට සිටීමෙන් බොහෝ දුරට තම අදහස්වලට ගැළපෙන විවාහයෙන් පසුව සමඟියෙන් යුග දිවිය ගෙවිය හැකි කෙනෙකු විවාහයට ලැබේ. හත අධිපතියා සමඟ දහය අධිපතියා එකට සිටීමෙන් තමාගේ රැකීරක්ෂා කටයුතුවලදී හා ව්යාපාර කටයුතුවලට උදවු කළ හැකි කෙනකු විවාහයට ලැබේ. එමෙන්ම තමාගේ වැඩ කටයුතු විවාහයෙන් පසු වැඩි දියුණු වේ. හත අධිපතියා හතර අධිපතියා සමඟ සිටී නම් ආලයෙන් වෙන කිසිවක් නොබලා විවාහ වෙයි. තමාගේ හිතට ඇති විශාල සැනසිල්ල විවාහ වන අය සමඟ සතුටින් කල් ගෙවීම ලෙස සලකයි. හත අධිපතියා පහ අධිපතියා සමඟ සිටී නම් කලින් යම් කෙනකු දැන හැඳින පසුව ඒ අයට ආලය කර විවාහ වෙයි. විවාහ වන අය සතුටින් තබා ගැනීමට හැකියාවක් ලැබේ. ඒ වාගේම වාසනාවන්ත දරුවන් ලැබේ. හත අධිපතියා එකොළහ අධිපතියා සමඟ නම් මිතුරන් නිසා තමාට මඟදී හමුවීමෙන් මිතුරු වී සිටි අයකු සමඟ විවාහ වෙයි. එහෙත් විවාහ වූ අය එතරම් විවාහ ජීවිතයේ වගකීම් ගැන නොසිතයි. උප්පත්තියෙන් සඳු සිටි රාශියෙන් හත අට වැනි රාශිවල ශුභ ග්රහයන් සිටීම විවාහයට යහපත්ය. එනම් ලස්සන පෙනුමක් ඇති යම් කිසි දක්ෂතාවක් ඇති මනා රූ සපුවක් ඇති චරිතවත් කෙනෙකු විවාහයට ලැබේ. සඳු සිටි රාශියෙන් අටේ කුජ සිටි විට තමාට වඩා වයසින් වැඩි ගුණධර්මවලින් තොර සහකාරියක් ලැබේ. ඔබේ කේන්දරය ශනි ශුක්ර හෝ ශනි සඳු එකට සිටී නම් ඉක්මනට විවාහ විය නොහැකිය. පිරිමි කෙනෙකු නම් වයස 30න් පසු විවාහය සිදුවේ. ගැහැනු කෙනකු නම් වයස 27න් පසු විවාහය සිදුවේ. කුජ සිකුරු ලග්නයේ නම් මනා රූ සපුවක් ඇතිවේ. හතේ කුජ සිකුරු සංයෝගය අතිධාවන කාම යෝගයකි. චරිතය කැළල් කර ගනී. වෙනත් ස්ථානවල සිටියත් රහසිගත සබඳතාවලට පෙලඹේ. ගුරු සඳු එකට සිටී නම් හොඳ විවාහයක් සිදු කළ හැකිය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් විවාහ ජීවිතයේ භේද ඇතිවේ. එහෙත් ගුරු සඳු ශනි හෝ ගුරු සඳු සිකුරු සංයෝගව සිටී නම් සමඟියෙන් විවාහ ජීවිතය ගත කළ හැකිය. සිකුරු කේතු එකට සිටී නම් පළමු ආලය කැඩී ගොස් සිත් තැවුලකට පත්වී විවාහ ප්රේම සම්බන්ධතා එපා වී යයි. නමුත් කල් යෑමෙන් පසු විවාහ වෙයි. සිකුරු රාහු එකට සිටීම කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව හදිසි විවාහයක් සිදුවේ. පසුව විවාහ ජීවිතයේ සතුටට බාධා වන දේ සිදුවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk