Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනුන්ගේ සිත් හදුනා ගත හැකි මනෝ දර්ශන රේඛාව

1 year ago 7 Min read
Subha.lk
අන් අයගේ චරිත ලක්ෂණ, ගතිගුණ, සිතුම් පැතුම් ආදිය ගැන ඔබට දැන ගැනීමේ හැකියාවක් ඇත්නම් මොන තරම් ආඩම්බරයක්ද? එවැනි පුදුම සහගත ඉවක් ඇති, ඉතා කලාතුරකින් අතක දැකිය හැකි රේඛාවක් පිළිබඳවයි අද අනාවරණය කරන්නේ. දියුණු කරගත් චිත්ත සන්තානයක් ඇති අයටත් පුනරුප්පත්තිය අනුව කාලයක් තිස්සේ නොකඩවා දියුණු කරගත් මනසක් ඇති අයගේත් අත්වල මෙම රේඛාව හොඳින් දර්ශනය වී ඇති බව දැකිය හැකිය. මෙම රේඛාව පරහිත් (අන්හිත්) දර්ශන රේඛාව හෙවත් මනෝ දර්ශන රේඛාව යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම රේඛාව පිළිබඳව විමර්ශනයට පළමුවෙන් හස්ත රේඛා සටහන දෙස හොඳින් බලන්න. ඔබේ අත්ලේ මෙම රේඛාව චන්ද්ර මණ්ඩලයේ උතුර දිශාවෙන් ආරම්භ වී අර්ධ කවයක් මෙන් නැමී හෘදය රේඛාවේ පහළින් පහළ කුජ මණ්ඩලය මතදී අවසන් වෙයි. ඇතැම් අවස්ථාවලදී මෙය බුධ මණ්ඩලයට හෙවත් සුළැඟිල්ලේ මුලට වැටෙයි. එමෙන්ම මෙම රේඛාවේ විශේෂ ලක්ෂණයක් වනුයේ කිසිම අවස්ථාවක සෘජු රේඛාවක් වශයෙන් පිහිටීමයි. එමෙන්ම ගැඹුරු හා පැතලි රේඛාවක්ද නොවීමයි. මනෝදර්ශන රේඛාව හැම අවස්ථාවේම සියුම් රේඛාවක් වේ. හිස්නොටිසම් "මැස්මර්සම්" මනෝ විද්යාව වැනි පෝෂණ ක්රම හා දර්ශන විද්යා උගතුන්ගේ අත්ලෙහිත් එම රේඛාව පිහිටිය හැකිය. එහෙත් ප්රායෝගික ජීවිත ගත කරන ඇතැමුන්ගේ අත්වල මෙම රේඛාව කිසිසේත්ම දර්ශනය නොවේ. මනස නොදියුණු මිනිසුන් තමාට නිරුත්සාහයෙන්ම වශීවෙන ගතියක් ඇති වේ. මනෝදර්ශන රේඛාව මඟින් ඇති කරවන බලවේගය අනුව සිත තුළ හට ගන්නා අදහස් ඉතා ගැඹුරු දර්ශනයක සේයාවක් ගනී. යමකුගේ මනසෙහි ස්වභාවයෙන් පවතින චල ගතිය මෙම රේඛාවක් වැටීමත් සමඟම අවසන් වෙයි. වැඩ ගැනීමට හැකි, තමාට පාලනය කරගත හැකි අචල චිත්ත සන්තාපයක් මෙම රේඛාව මඟින් ඇති කරවයි. එමෙන්ම භූතාත්ම සමඟ දැඩි සම්බන්ධකම් පවත්වන දේව ආකර්ෂණය ලත් අය, සත්ය ලෙස ප්රකාශ කරන අයගේ අත්වල මෙම රේඛාව පිහිටා ඇති අතර ඔවුන්ගේ මනසෙහි අත්භූත සිතුවම් දර්ශන මැවෙයි? මෙම රේඛාවේ බලපෑම ප්රමාණය ඉක්මවා ගියවිට අසාධ්ය මානසික ආබාධවලට හැරී අවාසනාවන්ත ජීවිත ගත කිරීමටද හැරී අවාසනාවන්ත ජීවිත ගත කිරීමටද සිදුවනු ඇත. මනෝදර්ශන රේඛාව පිහිටා ඇති අය සිතන්නේත්, පතන්නේත්, ක්රියා කරන්නේත් අන්අයට වඩා වෙනස් ආකාරයකටයි. අවස්ථාවට උචිත ආකාරයෙන් ක්රියාකිරීම තවත් වැදගත් ලක්ෂණයක් වන්නේය. චන්ද්ර මණ්ඩලයේ උතුරු කොටසින් පටන්ගෙන කුජ මණ්ඩලයෙන් අවසන්වෙන මනෝදර්ශන රේඛාවක් අත්ලේ පිහිටා තිබේ නම් එවැන්නන්ට යමක් කලින් පෙනෙන,දැනෙන ඥානයක් ඇතිවේ. එවැන්නෝ ගුප්ත ශාස්ත්රයට දක්ෂයෝ වෙති. මෙම ලක්ෂණය වම් අත්ලේ පමණක් දර්ශනය වේ නම් උප්පත්තියෙන්ම පිහිටා ඇති එවැනි ප්රවීණතාවක් දියුණු කර නොගෙන එයින්ම අඥාන කෙනෙකු හෝ මානසික ලෙඩකු හෝ වීමක් පෙන්නුම් කරයි. හොඳින් පිහිටා ඇති එකී රේඛාවත් සමඟම හෘදය රේඛාවත් ශීර්ෂ රේඛාවත් කතිර ලක්ෂණයක් වැටී ඇත්නම් එවැනි අයට හිස්නොටිසම් "මැස්මරිසම්" වැනි පෝෂණ ක්රම ප්රගුණ කළ හැකිය. දියුණු කරගත හැකි මනෝ ශක්තියක් ඇති පුද්ගලයකු විය හැක්කේ එවැනි අයටය. රේඛාව කුඩාවටත් රේඛා සමූහයකුත් සංකලනය වී පිහිටියේ නම් එවැන්නෝ ස්නායු දුර්වලතාවයෙන් පෙළෙන හා සුළු දේවල්වලට පවා අධික ලෙස කැලඹෙන අය වෙති. මෙම රේඛාව කෙටි රේඛාවලට කැඩී බිඳී ගොස් තිබේ නම් අපස්මාරය හෝ ආවේශවී ශාස්ත්රකීම් හෝ එවැනි තත්ත්වයන්ට පත්වේ. මෙම රේඛාව කෙටි රේඛාවලින් හරස් අතට කැපී ගොස් තිබේ. නම් තමාගේ ඥාතීන් හා ළඟින් ඇසුරු කරන අයගේ බලවත් විරෝධය මැද ගුප්ත ශාස්ත්ර ප්රගුණ කිරීමට පෙලඹුණු ගතියක් පෙන්නුම් කෙරේ. මනෝදර්ශන රේඛාවේ සිට ශාඛා රේඛාවක් පැන නැඟී දෛව රේඛාවට සම්බන්ධ වී නම් තමාගේ රැකියාවත්, ජීවන මාර්ගයත් එම ගතිගුණ නිසාම පිරිහීමට පටන් ගනී. රේඛාව ආරම්භ වන්නේ දූපත් ලක්ෂණවලින් නම් සිහිනෙන් කතා කිරීම, සිහිනෙන් ඇවිදීම වැනි විකෘති ක්රියාවලින් නොයෙකුත් හිරිහැර විඳීමට සිදුවේ. තාරකා ලක්ෂණ වැටීම හේතුවෙන් දරුණු මානසික රෝගවලට ගොදුරු වෙයි. මෙම රේඛාව පැහැදිලිව, ගැඹුරුව පිහිටීම ඉතා උසස් ප්රතිඵල ඇති කරයි. එවැනි රේඛා ඇති අයට අන් අයගේ සිත් ගැන පුළුල් අවබෝධයක්ද ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk