Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබව ගරු ගාම්භීරත්වයට පත් කරන ගජකේෂර යෝගය…

1 year ago 7 Min read
Subha.lk
මකරය කුජ ග්රහයාගේ උච්ච ක්ෂේත්ර රාශියයි. මෙහිදී මේෂය, වෘශ්චිකය, ස්වක්ෂේත්ර රාශි දෙක වශයෙන් සඳහන් කළ හැකිය. ජන්මලාභියකු කේන්දරයේ සුබ ස්ථානගතව කුජ ග්රහයා බලවත්ව තේජවන්තව සිටින විට අනිවාර්යයෙන්ම සුඛඵල හටගෙනවිත් දෙයි. භූත භය එකොළහ කේන්දරයක සසඳා බලන විට කුජ ග්රහයාට සුබ ස්ථානය එම බව හැඟී යයි. තවදුරටත් කේන්දරය ව්යුහාත්මකව විමර්ශනයට ලක්කිරීමේදී පහ, නවය, දහය යන ස්ථානවලද සුබපල උදාකර දෙන බව පෙනී යයි. මේ අනුව විමසිලිමත්ව සලකා බලා පරිපූර්ණ විග්රහයක නිරත වීමේදී ජන්මියා මෙලොව එළිය දුටු ලග්නයේ තුන, හය, එකොළහ යන ස්ථානයක් නෑකම් කීමෙහි තේජවන්ත බලවත් වැජඹීම් තුළින් ගජකේසර යෝගය උදාකෙරෙන බව ජ්යෙතිෂයෙන් සනිටුහන් කර ඔප්පු කළ හැකිය. ගජකේසර යෝගය ගැන ගැඹුරට සිතා විග්රහයක් කර බැලීමේදී මෙය ඉතා සුබපල දෙන ග්රහ යෝගයක් බව සනාථ කර ඇත. මෙම සුබ ග්රහ යෝගයන්ගේ ඇල්ම බැල්ම ආඝ්රාණය වන්නේ ජන්මින්ට පමණක් නොව වෘක්ෂලතා ඒ වගේම සත්ත්ව සංහතියටද එක සේම බලපාන බව සඳහන් කළ හැකිය. ඔබ පොකුරු යෝග උදා කරන බව අසා ඇතිවාට සැකයක් නැත. මේවා හුඟක් දුරට බලපාන්නේ ස්වභාව ධර්මයේ දායාදයක් වන ඵලවලටයි. පලතුරු වර්ග, අල වර්ග සිටුවීමට ඔබ අදහස් කරන්නේ නම් ඉන් විපුල ඵල ප්රයෝජන ලැබීමට නම් ඉහත කී පොකුරු යෝග ඉවහල් කරගත යුතුය. වෘක්ෂලතාදිය පමණක් නොව රඹකැන්, කෑමට ගන්නා පොල් වැනි දේ සුබ ග්රහයෝග පෙර නිමිති උදාවන කල පොළවට පතිත කිරීමෙන් පසු ඒවා හැදී වැඩී එන විට, ඵල හට ගන්නා විට උපරිම පලදාවක් මෙන්ම සාකල්ය වශයෙන්ම හිතට සතුට ගෙන දෙන විදියේ අස්වනු නෙළා ගැනීමට ඔබ උත්සුක වනවා නොඅනුමානය. බොහෝ අයෙක් තම ගෘහස්ථයේ සතුන් ඇති කිරීම කරති. ඒවාද සුඛ මොහොතින් ඇරැඹීම උන්ගෙන් ලබාගන්නා ඵල ප්රයෝජන අනන්ත ලෙස දක්වා ගැනීමට මාර්ගයක් බව ඔබට පෙනී යයි. කොයිම කාර්යයක් වුවද නැකතට පටන් ගැනීම ඉතාමත් සුලබ අත්දැකීමකි. ගජ කේසර යෝගයෙන් උප්පත්තිය දායාද කොට ගත්තෝ සැප සම්පතින් ආඪ්ය ගණයේ පුද්ගලයෝ වෙති. ඓශ්චර්යයෙන් මෙන්ම ගරු ගාම්භීර අතින්ද ඉහළ ස්ථානයක වැජඹෙති. මොවුන්ට ලැබෙන නොයෙක් අන්දමේ වස්තු අතරට රත්රන්, රිදී, මුතු, මැණික්, තඹ වැනි දේද එක්වන්නේ කුණු තියෙන තැනට සියලුම කුණු එකතු වන්නාසේය. සැමියෙක් ලබන සම්භාවනීය සෞභාග්ය වස්තු සම්පත් රාශියකට හිමිකම් කියන මොවුන් ඉතාමත් ආකර්ෂණීය ලෙස සුඛෝපභෝගී ජීවිත ගත කරති. කොටින්ම කියනවා නම් ගජකේසර් යෝගයෙන් උපත ලැබුවෝ සකල විධ දේවල්වලට අධිපති වන අතර ලැබීමට රුසියෝය. ශූරයෝය. නැති බැරිකම් අග හිඟකම් මොවුන් හීනෙන්වත් දැක නැති අතර, හඳුනන්නේද නැත. දුක නොතේරේ. ලොවට නෙත් යොමුකර විමර්ශනය කර බලන විට පෙනී යන කරුණ නම් මැණික්, මිනිරන්, සකල විධ ලෝහයන්ගෙන් සැදුම්ලත් මහා පරිමාණයේ පතල් කරුවෝ ධන සම්පත්වලින් මිරිකී අහස උසට මාලිගාවල් මෙන්ම ධන සම්පත්ද යෝගයන්ගෙන් ගජකේසර යෝගයේ අනුභාව සම්පන්න ඓශ්චර්ය බලය සාකල්ය ලෙසට ලබා උපන්නෝ වෙති. මෙවන් යෝගයකට ප්රාමාණිය යම් හෙයින් දරන්නෝ කුජ නොහොත් අඟහරු ග්රහයායි. පොළොවෙන් ලබන මිල මුදල් වස්තුවලට අධිපතියා කුජ ග්රහයායි. අඟහරුගෙන් මෙලොව බබළන ධන කුවේරයෝ එඩිතරබවින් කාර්යශූර බවින් දැඩි ආනන්දනීය උත්සාහයෙන් පරිපූර්ණය. ඔවුන්ට එඩිතර කාර්යශූර අකලංක උත්සහන නිදන් කර ඇත්තේ කුජ හෙවත් අඟහරු ග්රහයා වේ. ගජකේසර යෝගයේ අප්රතිහත ධෛර්යය ස්වභාවයයි. අප තවදුරටත් ගජකේසර යෝගය පිළිබඳ සොයා බැලීමේදී අපට පෙනී යන තවත් උදාහරණ දැක්විය හැකිය. එකොළොස් වන ස්ථානය මේෂ රාශියක් නම් ජන්මියා උප්පත්තිය ලද්දේ මිථුන ලග්නයෙනි. මෙම මේෂ රාශියේම එකොළොස්වැන්නේ කුජ ස්වක්ෂෙත්රය යෙදෙන විට ගජකේසර යෝගය ජන්මියාට දායාද කොට දෙයි. කුජ ග්රහයා උපරිම බලවත්ව මේෂ රාශියේම එකොළස්වැන්නේ කුජ ස්වක්ෂේත්රය යෙදෙන විට ගජකේසර යෝගය ජන්මියාට දායාද කොට දෙයි. මේෂ රාශියේ තුන්වැන්නේ කුම්භ ලග්නයේ යෙදීමද ගජකේසර යෝගයයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk