Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෝෂ නැතිව මංගල උළුවස්ස හරියටම තබමු.

1 year ago 7 Min read
Subha.lk
ප්රධාන උළුවස්ස අන් සියලු උළුවහු වලට වඩා ප්රමාණයෙන් විශාල විය යුතුය. නිවාසයක සාලයට ඇතුළු වන ස්ථානයේ මංගල උළුවස්ස හෙවත් ප්රධාන උළුවස්ස තබනු ලබයි. මෙය නිවාසයක වැදගත් ස්ථානයයි. මෙම දොර නිර්මාණය කරන විට එයට යොදන ලී වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. අදාළ උළුවස්ස හා දොර නිර්මාණය කරන විට ලීයේ අග හා මුල තෝරා ගැනීමට කටයුතු කළ යුතුය. නිවසේ ප්රමාණයට, උසට සරිලන ආකාරයට මංගල උළුවස්ස හෙවත් ප්රධාන උළුවස්ස සකස් කළ යුතුය. හිස පහත් නොකර නිවෙසට ඇතුළු වීමට තිබිය යුතුය. මංගල උළුවස්සේ උස අවම වශයෙන් අඩි 6යි අඟල් 9ක් විය යුතුය. උස වැඩි කිරීමට අවශ්ය නම් අඟල් 4.5 ගණනේ උස වැඩි කර ගන්න. ගෙයි අනෙකුත් උළුවහු ප්රධාන උළුවස්සට වඩා විශාල හෝ උස නොවිය යුතුය. දොරේ පළල උළුවස්සේ උසින් භාගයට පමණ ළං වෙන ලෙස තිබීම සුබයි. 1/2 (භාගයට) වඩා අඩුවීම අසුබයි. නිතර දොර පියන දකුණු පසට ඇරෙන ලෙස තබන්න. ගෙයක ප්රධාන දොර සුළඟින් හෝ වෙනත් අයුරකින් ඇරෙන වැහෙන ලෙසත් නොතැබිය යුතුය. දුරස්ථපාලක හෝ වායු පීඩක මඟින් දොර ඇරීම වැසීම දෝෂයක් නොවේ. මංගල උළුවස්ස හෙවත් ප්රධාන උළුවස්ස නිසා යෙදෙන දෝෂ අභ්යන්තර දෝෂ මංගල උළුවස්ස හෙවත් ප්රධාන උළුවස්ස නිසා යෙදෙන දෝෂ අභ්යන්තර දෝෂ ඉබේ ඇරෙන, වැසෙන, පැද්දෙන, දොර ගෙහිමියාට මානසික අසහනය, පවුලේ අසමඟිය ඇති වේ. ගෙයි ප්රමාණයට නොගැළපෙන විශාල, කුඩා, පළල වැඩි හා මිටි දොර ගෙහිමියාට කරදර ඇති කරයි. කුඩා දොර නිසා සොර සතුරු බිය ඇති වේ. මිටි දොර පවුලේ අසමඟිය ඇති කරයි. මංගල දොර භාවිතයේදී යෙදෙන දෝෂ මංගල දොරට අනිවාර්යයෙන් පඩියක් තිබිය යුතුය. එම නිසා අවශ්ය වුණා හෝ නැතා මංගල දොරට කුඩා හෝ පඩියක් සාදා ගත යුතුය. පාවහන්, හිස්වැසුම්, කුඩ ඉහලා ප්රධාන දොරෙන් ඇතුළුවීම නොකළ යුතුය. මිදුල අතුගාන ඉදල, උදලු ආදිය, ආයුධ, තෙත රෙදි, හිස් භාජන, මස් මාළු, මංගල දොරෙන් ගෙට ගැනීම අසුබය. ප්රධාන උළුවස්සට හේත්තු වී තනි කකුලෙන් සිටීම, එළිපත්ත උඩ වාඩි වී ආහාර ගැනීම, උකුණන් බැලීම අසභ්ය වචන කතාකිර්ම අසුබය. ගේ අතුගාන කොස්සෙන් ප්රධාන දොරෙන් එළියට කුණු තල්ලු කිරීම දොර හරහා කෙළ ගැසීම අසුඛය. ප්රධාන උළුවස්සට මොනයම් දේකට හෝ ඇණ ගැසීම අසුබය. අධ්යාපන ලේඛන කටයුතු කිරීමේදී කාමරයේ දොර දෙසට මුහුණලා ඉඳ ගැනීම සුබයි. දොරට පිටුපා ඉඳ ගැනීම අසුබයි. මංගල ද්වාරය නිර්මාණය කරගැනීමේදී මෙම කරුණු සියල්ල සලකා බලා නිර්මාණය කරගැනීම ඉතා වැදගත් වේ. මංගල ද්වාරය මඟින් වේද දෝෂ රාශියක් ගෙන දෙන අතර අප ඉදිරියට ඒවා කතා කරමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk