Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසක බුද්ධ ශක්තිය බලවත් කර ගන්නේ මෙහෙමයි…

1 year ago 7 Min read
Subha.lk
ශ්රී දේවියගේ ඇල්ම බැල්ම වගේම දෝෂවලින් තොර සුන්දර නිවහනක් තනා ගන්නට සෑම දෙනාම දරන්නේ බලවත් උත්සාහයක්. නිවෙසක් තනා ගැනීමට මුල්වන අදහස සිත් තුළ හට ගන්නා අවස්ථාවේ පටන් එය අවසාන වන අවස්ථාව දක්වාම නිවැරදි බොහෝ කරුණු තාර්කිකව සොයා බලමින් හා ඒවාට අනුගත වෙමින් තමාගේ බලාපොරොත්තුව මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ දරනවා. එසේම සමහරක් කාරණා නිවෙස ඉදිකිරීමෙන් පසුව අශුභ යැයි දැනගතහොත් පවා වෙනස් කරමින් ශුභතාවට පත් කර ගන්නා අවස්ථාවන්ද මාගේ ප්රායෝගික අත්දැකීමෙන්ම දක්වාලිය හැකිය. එසේම බලවත් නිවාස ආරක්ෂාවන්, බහිරව පූජාවන් ආදියද මහා පරිශ්රමයකින් යුතුව සිදුකර ගනු ලබන්නේ කරදරයක් නොවී නිරායාසයෙන්ම සුව සහනය ලැබෙන නිවෙසක් තමා සතු කර ගැනීම අරඹයායි. නමුත් බෞද්ධ හෝ වෙනත් ඕනෑම ආගමිකයකු හෝ වේවා තේරුම් ගත යුතු කාරණාවක් මෙසේ බලවත්ව පවතින ඇත. වාස්තු විද්යානුකූලව කෙතරම් නිවැරදි භාවයකින් යත නිවෙසක් භාවයකින් යුතු නිවෙසක් තමා සතු කර ගත්තද ඇතැම් අවස්ථාවන්හිදී එම නිවැසියන්ට බලවත් ආර්ථික අපහසුතා, රෝග පීඩාවන්, වගේම දරුවන්ගේ හෝ පවුලේ අන් සාමාජිකයන්ට කරදර පීඩා මෙන්ම සිතේ නොසන්සුන් භාවයන් පවතිනු අවස්ථාවන්ද ඇත. වාස්තු දෝෂ ඇතැයි සිතමින් කොතරම් පිරිවැය දරමින් නිවාස පරීක්ෂාවන්, භූමි පරික්ෂාවන් ආදියද සිදු කළද එවැනි අවස්ථාවලදී මේවායේ ගැටලුවක් හෝ අශුභතාවක් මතු නොවනු ඇත. නමුත් නිවැසියන්ගේ නිවාස අභ්යන්තරයේ පවත්නා බොහෝ අනියම් කාරණාවන් පාදක වීමෙන් මෙම දෝෂ මතු වනු ඇත. බෞද්ධ වුවත් නිසි බොදු මාර්ගෝපදේශනයක් නොලත් නිවැසියන්ට මෙවැනි අශුභතාවන් ඉහළින් ජනිතව පවතිනු ඇත. නිවාසවල සතුන් මාංස ලෙසින් අලෙවියට යොදා ගැනීම, සිර කර තබා ගැනීම, නිතර ආවේගකාරී ගති පැවැතුම්වලින් එකිනෙකා අඬදබර ඇති කර ගැනීම පමණක් නොව අසල්වාසීන්ට පවා අනවින - කොඩිවින හදි හූනියම් සිදුකිරීම, නිතර ඊර්ෂ්යා සහගත හැඟීම් දැනීම් ජනිත කරවීම, මත්පැන් පානය, වගේම අලෙවියත්, අනුමත කළ නොහැකි කාම මිථ්යාචාරයේ යෙදීම ආදියත් ඇතුළු වෙනත් අශුභතා ප්රමුඛ වීමෙන් ස්වාභාවිකවම ඕනෑම නිවෙසකට විශ්වයෙන් ලැබෙන ආශීර්වාදය අහිමි වී යනු ඇත. එසේම ප්රායෝගිකව මෙවන් කාරණාවල නොයෙදුණත් තමා සිතින් සිතමින් අන් බාහිර පාර්ශ්වයන් මෙවැනි අශුභ කාරණාවන්ට යෙදවීමත් මේ යටතට ගැනෙනු ඇත. එනම් සිතින් කයින් පමණක් නොව වචනයෙන් සිදුකරනු ලබන පාපී ක්රියාවන්ද බොහෝ නිවෙස්වල නොදැනුවත්වම දෝෂ වශයෙන් හට ගැනෙනු ඇත. බුදුන් වහන්සේගේ ධර්මය තුළ මෙම අශුභතා තුන් දොරින් වන අකුසලතා ලෙසින් මනා ලෙස පෙන්වාදී ඇත. එසේ නම් අප මුලින් සඳහන් කළ අයුරින් නිවෙසක්, පන්සලක් බවට පත් කර ගන්නවාද ඒ හා සමාන්තරව අපගේ තුන් දොරත් පන්සලක් මෙන් ආරක්ෂා කර ගන්නවා නම් අන්න එවන් තැනෙහි බුද්ධ ආශීර්වාදය උතුරා යනු ඇත. අද දින එවැනි නිවෙස්හි නොබිඳෙන බුද්ධ ශක්තිය මහමෙරක්ව පවතින්නටත්, නිවෙසටත් • නිවැසියන්ටත් විපුල ශුභ පල ළං කර ගන්නට, උතුම් ගුණ දෙන යන්ත්රයක් මහත් වූ හරසරින් ඔබ වෙත ගෙන එමි. මේ සඳහා පුරුදු පරිදි පෙරට වඩා තරමක වපසරිය සහිත තඹ පත්රයක් යොදා ගැනීම සිදු කරන්න. බුද්ධ යන්ත්රයක් බැවින් මුලින් කී පරිදි පස් පවින් ආරක්ෂා වීම අනිවාර්ය විය යුතු අතරම මල් යහනාවක් තනා ජීවමට සූදානම් වන්නේ නම් යන්ත්රයට ලැබෙන ගුණාත්මක භාවය ඉහළ යනු ඇත. යහනේ සිවු දෙසින් සිවුවරම් දෙවියන්ට තැඹිලි තෙලින් පහන් දල්වා, සුදු හඳුන්, පිනි දිය, කපුරු, පාට වර්ග 05ක මල්ල ආදිය තබා නිසි පුද සත්කාර සිදු කරමින් පන්සිල්හි පිහිටුවීමෙන් අනතුරුව යහනේ තබාම යන්ත්ර ඇද ගැනීම සිදු කරන්න. බලවත් යන්ත්ර ඉතිපි අරහං සම්මා විජ්ජා සමීප සුග ලෝක සොභගවා සම්බුද්ධෝ චරණ නෙතා කො විදු අනුත්තරො පුරිසධම්ම සාරථි සත්ථා දේව මනුස්සා නං බුද්ධො භගවාති බුද්ධං සරණං ගච්ඡාමි ධම්මසරණං ගච්ඡාමී ඒතං සරණං ජාං ගච්ඡාමි න නත්ථිමෙ සරණං ගච්ඡාමී බුද්ධෝ මජ්ජේ මෙදුපත රණංනචඡ චරං තුමෙප තෙප් නසද්ධ දැන් ඔබ පැමිණ තිබෙන්නේ අසීරුම වුවත් බලවත්ම කාරණාව වෙතටයි. එනම් යන්ත්රය ජීවම් කිරීම වෙතටයි. යන්ත්ර ජීවම සඳහා ඔබට වඩාත් හුරු පුරුදු ගාථා රත්නයක් මේ සඳහා යොදා ගැනෙනු ඇත. මෙම ගාථා රත්නයෙන් 1008 වාරයක් බැගින් නිවැරදිව ජීවම් කිරීමෙන් අනතුරුව මෙම යන්ත්රය නිසි නැකැත් සීහුම් සහිතව පැලඳ ගැනීම හෝ නැතහොත් නිවෙසේ දර්ශනය වන අයුරින් තැම්පත් කර තැබීමෙන්ද විපුල පල නෙළා ගැනීමට හැකියාව පවතිනු ඇත. නිවෙසටත් ඔබටත් මෙතෙක් නොලද බලවත් ආරක්ෂාවක් ලැබෙනු ඇත. ගාථා රත්නය බුද්ධෝ තිලෝක සරණෝ - බුද්ධෝ සූරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං - බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ තිලෝක සරණෝ - ධම්මෝ සූරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං - ධම්මෝ මේ සරණං වරං සංඝෝ තිලෝක සරණෝ - සංඝෝ සූරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං - සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මයං භයං සදා එසේම නිවෙසේ ආර්ථික අපහසුතාවන්ද දුරුවී බෝවන රෝග වගේම අනෙකුත් කරදරකාර් රෝග තත්ත්වයන්ගෙන් මිදීමටද හැකියාව පවතිනු ඇත. තවද සුවිශේෂී කාරණාවක් ලෙසින් තමා සතුව පවත්නා තමාගේ කියන ව්යාපාර හෝ වෙනත් ආර්ථික ධර්ගෝපායන මාර්ග දැඩිව ශක්තිමත් වීමටද මෙම යන්ත්ර බලවත් අත්වැලක් වනු ඇත. ඔබට දළදා සමිඳුන්ගේ ආශීර්වාදය නිරන්තරයෙන්ම උදා වේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk