Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රැගෙන ගිය දරු දෙදෙනා නැවත ගෙන්වා දුන් සෙත් කවි

1 year ago 7 Min read
Subha.lk

දෙදරු මවක වූ දයාසීලී තුන් වැනි දරු උපතේදී මිය ගියාය. දරු දෙදෙනා ඇගේ මවගේ සෙනෙහස ලබමින් වසරකට ආසන්න කාලයක් සුවසේ ගත කළහ. මෙම අවධියේදී මෙම දරුවන්ගේ පියා චින්තක කාන්තාවක් සමඟ සම්බන්ධයක් පවත්වාගෙන ගියේය. මෙය ආරංචි වීමෙන් දයාසීලීගේ මව සහ පවුලේ අය ඊට විරුද්ධ වූහ. වෙනත් සුදුසු කාන්තාවක සමඟ විවාහ වන ලෙස කිහිපවරක් ඔහුගෙන් ඉල්ලා සිටියද ඊට එකඟ නොවීය. මෙහිදී බහින්බස් වීම නිසා ඔහු මවගේ භාරයේ සිටි දරුවන් රැගෙන ගියේ, දරු දෙදෙනාගේ හඬා වැලැපීමද නොසලකමිනි. මෙයින් බලවත් කම්පාවට පත් දයාවතී කිහිපවිටක්ම චින්තක හා දරුවන් දෙදෙනා ආපසු කැඳවා ගැනීමට උත්සාහය ගත් අවස්ථා නිෂ්ඵල විය. 

මේ අතර සෙත් කවි ක්‍රමයකින් හෝ දරුවන් කැඳවා ගැනීමට දයාවතී සිතුවාය. ඒ අනුව ලියැවුණ සෙත් කවි දෙකකි. අවශ්‍ය පුද පූජා සහිතව දේවාලයකදී දින හතක් ගායනය කරන ලද එම සෙත් කවි දෙක මෙසේය. 

"සාදා සෙත් පිරි, සෙනෙහෙනි ළබැඳිණ

    - මවකගෙ අඩුවක් නොවු     ලෙසිනේ 

ආදා චින්තක සිටි දරු දෙදෙනා 

    - රැගෙන ගියේ දුක් ගිනි     දෙමිනේ 

බාධාවන් ‍ෙදාස, හැරදා ඔහුගෙන් 

    - මුදා දෙමිනි දියබඳ     තෙදිනේ 

සාදා සෙත් සුව දයාවතී වෙත ගෙන්වා දෙන් 

    - ඉගිලුම්     දෙමිනේ"

 

"සාදා සිත් තුළ සපිරි සෙනෙනි සිට 

    - මව නැති අඩුවක්     නොලබමිනී

ආදා චින්තක දරුවන් දෙදෙනා 

    - රැගෙන ගියේ සෝදුක     දෙමිනී 

බාධා දුක් පිස මුදා ඔහුගෙන් 

    - සබලදාරි දිඩ තෙද     ලමිනී 

සාදා සෙත් සුව දයාවතී වෙත 

    - කැඳවන් සිටි තැන් දැන     සෙදිනී"

ශ්‍රී  විෂ්ණු දෙවිඳුට සහ ශ්‍රී  කතරගම දෙවිඳුන් වෙත ආයාචනා කර රචිත මෙම කවි දෙක නියමිත උපදෙස් අනුව ගායනා විය. සිය බිරිය මියගොස් කලක් නොගෙවුණ ද ඔහු පැවැත්වූ සම්බන්ධය අතනොහැර ඇය සමඟ විවාහයට වූ අදහස ද අතනොහැර තිබිණි. දරුවන් දෙදෙනා සිය නිවෙසෙහි සිටියහ. 

මේ අතර දිනක් ඇගේ නිවෙස වෙතට ගිය ඔහු විවාහය සඳහා දින නියම කර ගැනීමට සිය පෙම්වතියගේ එකඟතාව විමසා සිටියේය. දරු දෙදෙනකු සිටින බවද ඇයට රහසක් නොවීය. ඔවුන් මිත්තණියගේ රැකවරණයේ සිටින බවද දන්නීය. එසේම විවාහයෙන් පසු ඔවුන් කැඳවා ගැනීමේ අකැමැත්තක් එතෙක් ප්‍රකාශ නොවීය. එහෙත් මෙම කවි කියවා සති තුනක් පමණ වනවිට ඇයගේ සිත වෙනස් විය. දරු දෙදෙනා සමඟ සිටිය නොහැකි බවත්, පෙර මෙන් දයාවතීට භාර දෙන්නේ නම් විවාහය සිදුවන බවත් ඇය විසින් ඔහුට ප්‍රකාශ කරනු ලැබිණ. ඉන් දින කිහිපයකට පසු දරු දෙදෙනා සමඟ නැවත දයාවතීගේ නිවෙසට පැමිණියහ. වරදට සමාව යැද ඔහු දරුවන් ඇයගේ භාරයට පත් කළේය. 

මෙහි ශාස්ත්‍රීය කරුණු ස්වල්පයක් මෙසේය. කවියට ආරාධනය දයාවතීය. ඇයගේ ජන්ම නැකැත මුල නැකැතය. කවිය ආරම්භය 'ස' අක්ෂරය සියාවසය. එය මුල සිට හය වැන්නයි. එනම් සාධක නැකැතයි. ඕනෑම අපහසු කාර්යයකට සාධක නැකැත බලවත් වේ. නාමයේද කවියේ 'ස' අක්ෂර වේද නොවේ. 'ද' පඨවි භූතයි. 'ස' ජල (ආපෝ) භූතයි. පසට ජලය මෙන් පලදායකයි. සිද්ධි චක්‍රයට අනුව 'ද - ස'  සුසිද්ධය. ඉතා මැනැවි. නක්ෂත්‍ර චක්‍රය අනුව මුල නැකැතේ සිට අට වැන්න වූ මෛත්‍රි නැකැත ශුභයි. 

ෂඩ් කෝණ චක්‍රය අනුව 'ද' සිට 'ස' තුන්වැන්න ලාභ ගෙනදේ. වාහක ක්‍රමයට මුල සිට හය වැන්නෙහි සියාවසයේ ' ස' දැක්වේ. හය වැන්න 'ජම්බුක' වාහකයයි. සැප සම්පත එහි පලයයි. 

කවියෙහි ආරම්භය භූමි (ම) ගණයෙනි. එයද ජය සම්පතයි. ඉන්පසු දේව ගණ යෙදේ. එනම් මිත්‍ර ගණයට පසුද මිත්‍ර ගණ යෙදුම මහත් ලාභ ගෙනදේ. 

මෙහි නාම අභිධානය 'දයාසීලී' ය. එහි යෝනිය මෙසේය. ස්වර ව්‍යංජන වෙන්වූ විට

ද් - අ - ය් - ආ - ස් - ඉ - ල් - ඉ 

6 + 6 + 4 - 6 + 3 + 4 + 2 + 4 = එකතුව 35 යෝනි සංඛ්‍යාව වූ 8න් බෙදූ විට = 35 ¤ 8 = 4 ඉ - 3. ඉතිරි 3 = සිංහ යෝනියයි. 

සිංහ යෝනියට ගජ යෝනිය විරුද්ධය. කවියෙහි ගජ යෝනි බැහැර කළ යුතුය. 

ඒ අනුව කවියේ මුල් පාදයේ වචනවල යෝනි මෙසේය. 

සාදා (නාග) සෙත් (මුව) පිරි (සිංහ) සෙනෙහෙන (නාග) ළබැඳි (මුව) මවකගෙ (මුව) අඩුවක් (මුව) නොවු (බිළාල) ලෙසිනේ (ගුරුළු) 

මෙහි කිසිදු තැනෙක ගජ යෝනිය නොයෙදේ. මෙම පද්‍ය පාදයේ යෝනි සංඛ්‍යා එකතු කර අටෙන් බෙදූ විට අවසාන යෝනිය මුව යෝනියයි. ශුභයි. 

පහසුවෙන් වැටහෙන සරල බස් වහරකි. ව්‍යාකූල නොවේ. මාත්‍රා 30කින් පාද සකස් වූ විරිත කාර්යයට ගැළැපේ. 

දෙවැනි පද්‍යද උචිත අයුරින් සකස් වේ. ඉඩ ප්‍රමාණයේ සීමිත බව නිසා එහි විස්තර නොදැක් වේ.

ජ්‍යෙතිෂවේදී, සෙත් කවි රචක

විශ්‍රාමික ආචාර්ය

පියදාස කලන්සූරිය (21/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk