Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල ඔක්තෝම්බර් 24 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා

1 year ago 7 Min read
Subha.lk
01.මේෂ අතහැර දමා තිබුණු යම් යම් වැඩකටයුතු ආරම්භ කිරීමට ශුභ යහපත් කාලයක් මේෂ ලග්න හිමි ඔබට උදාවී ඇත. රැකීරක්ෂාවන් නැවතී තිබුණේ නම් ඒවා නැවත ලැබීමට ඉඩ ඇත. දබර කිරීම් මත හෝ විරුද්ධකම් මත අයිතිවාසිකම් අහිමිව තිබූ යම් දෙයක් ලැබීමට ද හැකිය. තමාගේ දියුණුවට කටයුතු සැලසේ. වෙනත් උරුමකරුවන්ටද සුළු සුළු ලැබීම් තිබුණත් තමාගේ කොටස හෝ අයිතිය නිරවුල්ව ලැබේ. එහෙත් වංචා ප්රයෝගවලට හසු වීමේ හැකියාවක් ඇති විය හැකිය.එයින් ද යම් ලාභයක් ලැබීමට පුළුවන. වංචා සහගත වැඩ එළිදරව් වීමටත් ඒවා ප්රසිද්ධ වීමටත් හැකි බැවින් කල්පනාවෙන් වැඩ කරන්න. යම් දෙයක වැරදි කරු තමා යැයි තීන්දු වීමක් දැකිය හැකිය. උසාව්යකට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවක් ද පෙනේ . ගමන් බිමන් අධික වේ. එක තැනක සිටීමට ඇති කැමැත්ත අඩුවිය හැකිය. ජීවිතයේ ඇලුත් කාලපරිච්ඡේදයක ආරම්භය වේ. සමහර විට තිබුණු වාසනාව නොපිට පෙරළෙනු ඇත. දේශපාලනයේ නියුතු අයට ඉතා අශුභයි. ශුභ දිනයි - සදුදා, ශුභ වර්ණය - සුදු පාට, ජය අංක - 07, 15/////////////// 02.වෘෂභ දිගින් දිගටම පවතින කනගාටු ගතියක් අතින් නිතරම අගහිගතා පැවතිය හැකි සතියකි. දරුවන්ටද එතරම් ශුභ බවක් නොපෙනේ. දුර පළාතකට ගමන් කිරීමක් යෙදෙනු ඇත. වැඩිහිටියන්ටද ස්වාමියන්ටද යටත් වීමට සිදුවනු ඇත. හිතවත් ඥාතියකුට තරමක් අපලයි. කලකෝලාහල වලින් දුරස්ව සිටින්න හදිසි අනතුරු, උසකින් වැටීම් සිදුවිය හැකි බැවින් බොහෝ කල්පනාකාර්ව විසීම යහපති. බොරු චෝදනා වලට ලක්විය හැකිය. බලාපොරොත්තු බිඳවැටීමටද ඉඩ ඇත. තිබුණ පිළිගැනීම තරමක් අඩුවී යා හැකිය. සතුරු කරදර නිසා ස්ථාන හැර යෑමකට සිත්වේ. මිත්රයකු සම්බන්ධව අශුභ ආරංචියක් අසන්නට සිදු වේ. අශීලාචාර අයකුගෙන් අපහාසයක් හෝ කරදරයක් විඳීමට සිදුවනු ඇත. ඥාතීන් ස්ත්රීන් තමා ගැන සතුටට පත් වේ. සුළු වශයෙන් හෝ වස්තු ලාභයකට හේතුයි අන්සතු වස්තුවක් හිමි වීමට ඉඩ ඇත. මව ඇසුරේ වැඩි කාලයක් ගෙවීමට සිදුවිය. හැකිය. මවගෙන් උපකාරද ලැබේ. ශුභ දිනය - අඟහරුවාද, ශුභ වර්ණය - රතු, ජය අංක -03, 12,////////////////// 03.මිථුන පෙර තිබුණු තත්ත්වයට වඩා දියුණුව කරා ගමන් කිරීමේ හැකියාවක් මිථුන ලග්නයේ ඔබට මෙම සතියේ ඇති වේ. විශේෂයෙන්ම ලැබීම් පක්ෂය ඉහළ යනු ඇත. මුදල් අතින් අගහිඟකම් අඩුවීමට නියමයි. තෑගී බෝග ලැබීම් මෙන්ම ලබාදීම්ද සිදු විය හැකිය. රෙදිපිළි වර්ග ඒ අතර ප්රධාන වේ. විටෙක නපුරු වැඩ කිරීමටද සිත යයි. අධර්මයෙන් පවා යම් යම් ලාභ සොයන, ලැබෙන කාලයකි. ස්ත්රී පුරුෂ හිතවත්කම්, බැඳීම් තරවෙනු ඇත. පෙම් සබඳතාවලට හේතුයි. විවාහ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවීමට ඉඩ ඇත. අලුත් මිත්රයන් ඇතිවේ. ගේ දොර ඉඩකඩම් ආදී ලාභ ලැබීමට ඇති අවකාශ බොහෝය. රැකියා තනතුරු ස්ථිර වන ලකුණු යෙදේ. ජීවිතයේ දීප්තිමත් කාලයක ආරම්භය සිදු වේ. උසස් මිත්රයන්ගේ ඇසුර ලැබීමට ද පුළුවන. මහන්සියෙන් කළ වැඩ කටයුතුවල ප්රතිඵල ලැබෙන සතියකි. ගොවිතැනින් විශේෂ වාසි ලැබිය හැකි බැවින් ගොවී මහත්වරු ඒ සඳහා උනන්දුවීම, පවුලේ ළඟම ඥාතියකුට දරු ලාභයක් ඇති වීමට නියමයි. ශුභ දිනය. - බ්රහස්පතින්දා, ශුභ වර්ණය. සුදු පාට, ජය අංක - 09, 27,////////////////// 04.කටක සේවා ස්ථානයේ ප්රධානියා සමග හෝ සමාජයේ වෙනත් උසස් අයකු හා බහින්බස් වීමක් හෝ ආරවුලක් ඇතිකර ගැනීමක් කටකයෙන් පෙන්නුම් කරයි. එසේම තම් සේවකයන් සමඟ ද ගැටලු ඇතිවිය හැකිය. යටත් ස්වතයන්ගේ සේවය නිසි ආකාරයෙන් සිදු නොවන්නට ඉඩ ඇත. ශරීරයේ අසනීප ගති මතුවීමට කරුණු යෙදේ අලුත් වැඩක් හෝ රැකියාවත් සොයා මහන්සි වීමට සිදුවේ. අයහපත් අය හා ඇසුරට වැටීමේ වැඩි ඉඩක් පවතියි කවුරුන් හෝ තමාට විරුද්ධව කේලාම් බිමක් නිසා තද සිත්තැවුලක් ඇතිවිය හැකිය. නරක සිරිත් විරිත්වලට ඇබ්බැහි වීමට ඉඩ ඇත. මේ අතරම කරගෙන යන යම් වැඩකින් සැකසීමත් ඉද හැකිවේ. ලද පමණින් සතුටු විය යුතු සයකි. විශාල ආයෝජනවලට එතරම් ශුභ නොවනු ඇත. රසවත් ආහාරපාන ර්මද ඉඩ ඇත. රැකීරක්ෂාවන් සහපත් වන්නේ වී නමුදු වියදම් ඉහළ නීතිය ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇතිවිය හැකි බැවින්. දක්වා උනන්දුවත් උත්සාහයක් ඇතිකර ගැනීම වටී. ශුභ දිනය. - සිකුරාදා ශුභ වර්ණය - ළා නිල් පාට, ජය අංක - 06,15,////////////////// 05.සිංහ ගොවිතැනින් අපේක්ෂිත ලාභ නොලැබී යනු සහ ඇති කරන තිරිසන් සතුන්ට විපත්තිකර කාලයක් සිංහ ලග්න හිමි ඔබට අත්විඳීමට සිදුවේ. මිල මුදල්වලින් අසීරු සතියකි. ගමන් බිමන්වලදී කරදර අනතුරු සිදු විය හැකි බැව්න් ප්රවේශම් විය යුතුය. නීතියෙන් කරදර ඇති වීමට ඉඩ ඇත. ප්රයෝජනයක් නැති දෙයකට මහන්සි වීමට සිදු වේ. යම් අසනීපයකටද හේතුයි. දුකද කනගාටුවද වරින් වර ඇති වේ. මවුපිය වැඩිහිටියකුට හෝ හිතවත් අයකුට තරමක් අපලයි. ගෙදරින් පිටවීමට සිතේ ස්ථානය හැර යෑමට බොහෝ ඉඩ ඇත. ගුරුවරයකුගේ අසනීපයක් ගැන ඇසීමට සිදුවේ. තැන්පත් ධනයටද හානිවේ. අය - වැය තුලනය කරගැනීමට උනන්දු වන්න. ඊර්ෂයාකාරයන් වැඩිවේ. හොඳ මුහුණ පෙන්වා යටින් උගුල් අදින්නන්ගේ වැඩිවීමක් දැකිය හැකිය. හෘදයාබාධයක් වැනි රෝගයක් ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කරන්න. මිත්ර ඇසුරක්ද තෑගි භෝග ලැබීමක්ද විය හැකිය. වාද විවාද වලින් ජය අත්වේ. ශුභ දිනය - සඳුදා, ශුභ වර්ණය - දම් පාට, ජය අංක - 07,16,////////////////// 06.කන්යා උසස් අය හා අමනාප වීමක්, මතභේද ඇතිකර ගැනීමක් පෙන්වන සතියකි. කරදර අධික වේ. ලැජ්ජාවක් හෝ අවනම්බුවක් විඳීමට කරුණු යෙදේ. තනිවී සිටීමට සිදු විය හැකිය. ණය වීමට හෝ තිබෙන ණය ගෙවා ගැනීමේ අපහසුතා මතුවේ. වෙහෙසකර දුර ගමනකට හේතුයි. ඒවා නිශ්ඵල වීමට ද ඉඩ ඇත. දෛනික වැඩ කටයුතුත් වෙළෙඳ ව්යාපාර ආදියත් ඉතා දුකසේ දැඩි පරිශ්රමයකින් කරගෙන යෑමට සිදුවිය හැකිය. එසේ වුවද අවසානයේ එයින් මහත් ප්රයෝජන ලැබීමට හේතුයි. නියම පෝෂදායි ආහාර ලැබීමේ අඩුවක් පවතියි. පවුලේ කිහිදෙනකුටම අසනීපවලින් පෙළීමට සිදුවිය හැකිය. සමහර විට එම අසනීප අමුතු ඒවා විය හැකිය. සතිය මැද පමණ වනවිට ශරීර සෞඛ්යය යහපත් අතට හැරී වාසනාව උදාවීමට පුළුවන. විශාල මුදල් ලාභයක් ලැබීමට ඉඩ ඇත. එය අනුන්ගෙන් ලැබීමක් හෝ හදිසි ධනලාභයක් විය හැකිය. ශුභ දිනය - බ්රහස්පතින්දා, ශූභ වර්ණය - ක්රීම් පාට, ජය අංක - 09, 36 07.තුලා අලාභ හානි, කලකෝලාහල, සතුරු බිය සහිතව ඔබට මෙම සතිය ගෙවී යනු ඇත. මිතුරන් සමඟ ආරවුල්ද පැනනගිනු ඇත. සිත්තැවුල් ඇති වීමට නියමයි. යටිබඩේ හෝ ඇස්වල අපහසුතා ඇති විය හැකිය. හදිසි අනතුරුවලින් ප්රවේශම් වියයුතු සතියකි. අඹු දරුවන් සමඟ ගැටලු මතුවිය හැකිය. නිවස තුළ ඉවසීමෙන් කටයුතු කිරීම වටියි. සිතේ සැනසීම අඩුවී යා හැකිය. ගොවිතැන් කටයුතු අසාර්ථක වීම හෝ පාථිවියමක් දැකිය හැකිය. නිශ්ඵල ගමන් බිමන් යෙදෙනු ඇත. හමේ රෝග, කුෂ්ඨ රෝග, කැසීම් වැනි තත්වයන් ඇති විය හැකිය. යම් ලාභයක් ලැබෙන්නේ නම් ඒ සුළු සුළු ලාභ විය හැකිය. බලාපොරොත්තු වූ දෙයක් ලැබේ. එයින් යම් පමණකට සිතේ සතුටක් ඇති වේ. මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. ලෙඩෙක් හෝ ලෙඩක් පිළිබඳ කතිකාවක් ඇති විය හැකිය. සේවකයකුගෙන් හෝ පහත් අයකුගෙන් යම් වැඩක් කරගැනීමට සිදුවේ. සති මැද හොඳ ප්රණීත සංග්රහයක් කුක්ති විඳීමට හැකිවේ. සතුරන් පරදා ජය ලැබීමකට හේතුයි. ශුභ දිනය - සඳුදා. ශුභ වර්ණය - සුදු පාට, ජය අංක - 33, 51.///////////////////// 08.වෘශ්චික වාසනාවන්ත සතියක ආරම්භය වෘශ්චික ඇතිවේ. රැකියාවන් ලැබීමටද කරන රැකිය සතුටින් තෘප්තියෙන් කරගෙන යෑමට ද හැකිවේ. පංචකාම සම්පත්තියම තමාට රිසිසේ. භුක්ති විඳීමට භාග්යය උදාවිය හැකිය. උත්සව, ප්රිය සම්භාෂණ ආදියට සහභාගීවනු ඇත. සතුරු කරදර පහවයන ලකුණු ණයට දුන් මුදලක් ලාභ සහිතව ලැබීමට නියමයි. තනතුරු ලැබීමේ වාසනාව ඇති සතියකි. ස්ත්රී - පුරුෂ ආශ්රය වැඩිවේ ප්රේම සම්බන්ධතාවලට ශුභයි. විවාහ සහකරුගේ ආවය නොඅඩුව ලැබේ. ආආදායම හොදවේ. වියදම් අඩු සතියකි. තරග විභාග ආදියෙන් ජයකට හැකිය. තමාගේ ප්රකාශන අන් අය විශ්වාස කරන් හෝ පිළිගන්නා කාලයක් බැවින් නිවැරදි දේ පමණක් ප්රකාශ කිරීම වයි නමාව අවශ්යව තිබුණු බඩු මුට්ටු මිලදී ගැනීමට ශුභ සතියකි. මෙහෙතරුවන් අපේක්ෂාවෙන් සිටිධ නම් බලාපාරොත්තු ඉටුවේ.. ශුභ දිනය - බදාදා, ශුභ වර්ගය කොළ පාට, ජය අංක 24, 33.///////////////// 09.ධනු ඉවසිලිවන්තව කටයුතු කළ යුතු තරමක අපලකාර් අවධියක් ධනුවට උදාවන බවක් පෙන්නුම් කෙරේ. ආදායම් ලැබීම අතින් මෙම සතිය යහපත් යැයි කිව නොහැකිය. කරදර වල පැටලීමට සිදුවේ. නිකරුණේ ආරවුල් මතුවිය හැකිය. දරුවන්ටද තරමක අපල කාලයකි. සමහරවිට අඹුදරුවන්ගෙන් ඈත්ව සිටීමට සිදුවිය හැකිය. පිට පළාතකට ගොස් වාසය කිරීමට ද සිත්වේ .දරුවකු ගෙදරින් පිටට යෑමට ද ඉඩ ඇති සතියකි. නඩු හබ ආදියෙන්ද ජය අත්වීමක් දැකිය නොහැකිය. උදරාබාධයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. බෝවන රෝග, වසංගත, වයිස් රෝගවලට පහසුවෙන්ම ගොදුරුවිය හැකි බවක් පෙන්නුම් කෙරේ. රැවටීමකට, මුළාවීමකට දැක්විය හැකිය හදිසි ගමන් බිමන් අධික වේ. ආදර බන්ධන ඇතිවිය හැකි සතියකි. අලුතින් යම් කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට සිදුවේ නම් උගත්කම ද හපන්කමද රටට ලෝකයට පෙන්වීමට ඉඩ ලැබෙන බවක් පෙනේ. ශුභ දිනය බ්රහස්පතින්දා, ශුභ වර්ණය - කහ පාට. ජය අංක 09, 54,/////////////////// 10.මකර මවුපිය වැඩිහිටියන්ගේ අමනාපයට තුඩුදෙන කරුණු මකර ලග්න හිමියන්ට ඇති විය හැකිය. හිතට දුක්පීඩා, කරදර ආදිය දැනෙනු ඇත. ඥාතීන් හා මිත්රයන් ඈත්ව යෑමක් පෙන්නුම් කරයි. වැරදි පුරුදුවලට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ බොහෝය. තත්ත්වයට නොගැළපෙන පහත් අය හා ඇසුරට වැටේ. හිතට බියක් දැනෙනු ඇත. විවිධ අසනීපයන් වැලදීමේ අවදානමක් ඇති සතියකි. බිරියට හෝ ස්වාමියාට ප්රබල අපල තත්ත්වයක් හෝ ඔවුනොවුන්ගෙන් වෙන්වීමක් සිදු විය හැකිය. තමා සතු වස්තුව ශීඝ්රයෙන් අහිමි වී යෑමක් විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න විස ශරීරගත වීමක් නිසා අසනීප වූ ඥාතියකු පිළිබඳ අසන්නට සිදුවේ. හෘද ස්පන්දනය වැඩිවීමක්, තිගැස්මක් හෝ අනියත බියක් ඇති විය හැකිය හෘදරෝගවලින් පීඩා විදින අය වඩාත් ප්රවේශම් වියයුතු කාලයකි. ගෙවතු වගා, ගොවිතැන් වැඩ කරන අයට යහපත උදාවේ යහපත් පොරොන්දු, ගිවිසුම් ආදිය නිසා හිතට සැනසිල්ලක් ලැබෙනු ඇත. ශුභ දිනය සඳුදා, ශුභ වර්ණය සුදු පාට, ජය අංක - 06. 24///////////////////// 11.කුම්භ ධන ලාභද යහපත් මෙහෙකරුවන්ද චිත්ත ප්රීතියද දියුණුවද ඇතිවන ශුභ සතියක් කුම්භ ලග්නයෙන් උපන් ඔබට උදාවේ. නිරෝගී බවද අත්විය හැකිය. දේපළ ලාභ,අයිතිවාසිකම් මෙන්ම උසස් අයගේ ආශ්රයටද හේතුයි. සිතට ගතට දැනෙන විශාල ලාභයක් පෙන්නුම් කරයි. හොඳ නම රැක ගැනීමත් නම්බුව ආරක්ෂා කර ගැනීමත් සිදුවේ. ආදායම ඉහළ යයි. යහපත් මිතුරන් ලැබේ පවුලේ දියුණුව උදාවේ. භූමි ලාභ වලටද හේතුයි. විශේෂයෙන් මැණිකේ, මිනිරන් වැනි ඛනිජ වර්ග ලැබේ. ගොඩනැගිලි සඳහා අත්තිවාරම් දැමීමක් හෝ එවැන්නකට සහභාගී වීමක් පෙන්නුම් කරයි. සමීප වැඩිහිටියකු සතු දේපළක් හදිසියේ ලැබීමට ඉඩ ඇත. මංගල උත්සව සඳහා ආරාධනාවක් හෝ සහභාගී වීමක් පෙන්නුම් කරයි. චිත්ර ශිල්පීන්ට තම වටිනා චිත්ර ප්රදර්ශනයක් පැවැත්වීමට ශුභ සතියකි. පුවත්පත් කලාවේදීන්ට කර්තෘවරුන්ට හා රචකයන්ට ඉතා ශුභ සතියකි. සාරගර්භ රචනාවන් ඉදිරිපත් කිරීමටත් එයින් ජනප්රසාදය වැඩිවීමටත් හේතුයි. ශුභ දිනය - බදාදා, ශුභ වර්ණය - කොළ පාට, ජය අංක - 14, 23///////////////////// 12.මීන ධන ලාභ නැතිවේ. නිකරුණේ මුදල් වැයවන බවක් මීන ලග්න හිමියන්ට පෙන්නුම් කරයි. සමහරවිට තම ධනය අනුන් විසින් පැහැරගනු ලබයි. ණයට දුන්දේ ආපසු නොලැබීමට හෝ පමා වීමට ඉඩ ඇත. දුරදිග නොබලා කරන කතා නිසා ආරවුල් හෝ අවාසි සිදුවිය හැකිය. සඟියෙන් සිටි කෙනෙක් විද්ධ විය හැකිය. හිතවතුන්ගේ ආශ්රය අඩුවේ. නොඑසේනම් ඈත්වේ. ශරීර සනීපයටද එතරම් ශුභ බවක් නොපෙනේ. තද ලෙස කේන්තියනු ඇත. දත්වල ආබාධ ඇති විය හැකිය. ප්රබල වචන පිටවීමට ඉඩ තිබේ. සමහරවිට තදබල අසනීපයක් වැලදීමට පුළුවන, විවාහක අයගේ සහකරුටද අශුභ ගෙනදිය හැකිය. ගර්භණී අවධියේ සිටින කාන්තාවන් වඩාත් ප්රවේශම් වියයුතු කාලයකි. කරදර සහිතව දින ගෙවී යයි. කෑම බිම සම්බන්ධ අපහසුතා මතුවිය හැකිය. සහෝදරයන්ට සැප ලැබේ. හොඳ ආධාරකරුවන් ලැබීමට නියමයි. අසල්වැසියන්ගෙන් හොඳක් ඇසීමට හෝ ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකියි. හිතවත් ඥාතියකුට අපලයි. ශුභ දිනය - අඟහරුවාදා, ශුභ වර්ණය - රතු පාට, ජය අංක - 03,12.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk