Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අත බලා හිත කියන ශිර්ෂ රේඛාව

1 year ago 7 Min read
Subha.lk
හස්ත රේඛා අධ්යයනයේදී, හස්තයේ පවත්නා ප්රධාන රේඛාවන් අතරින් ප්රමුඛ වන මෙන්ම බලවත් බවින්ද ඉහළ රේඛාවක් ලෙසින් ශීර්ෂ රේඛාව හඳුන්වා දෙන්න පුළුවනි. මෙම ශීර්ෂ රේඛාව ප්රධාන වශයෙන් මොළය නියෝජනය කරයි. එනිසා ජන්මියකුගේ මානසික සමතුලිතතාව පිළිබඳ ඉස්මතු කරන චිත්ත රේඛාව මෙය වේ. බැලූ බැල්මට බොහෝ දෙනකුගේ හස්තයන්හි දැකගත හැකි අතරම, ජන්මියාට බලපාන කරුණු කාරණා සමගත් ගෝචර වෙමින් පවතින දිශාවන් වල බලපෑම සමගත් රේඛාවෙහි පිහිටීම විවිධ වන බව මූලිකවම දක්වාලිය යුතුය. සාමාන්යයෙන් ගුරු මණ්ඩලය පහතින් ජීවන රේඛාවත් සමඟ ආරම්භ වන ශීර්ෂ රේඛාව චන්ද්ර මණ්ඩලය දක්වා විහිදේ. නමුත් සමහර ජන්මින්ගේ ශීර්ෂ රේඛාව ජීවන රේඛාවෙන් වෙන්වී ඇරැඹේ. මොවුන් දැඩි ආත්මාර්ථකාමී පුද්ගලයන් වෙයි. ස්වාධීන තීරණ ගන්නා නමුත් ආර්ථික තත්ත්වය ප්රබලව වර්ධනය කරගැනීමට නොහැකි පුද්ගල චරිත වේ. එසේම ඉතා සියුම් හා සුමටව සහ සිහින් ශීර්ෂ රේඛාවන් පිහිටන හස්තයන් ද මා දැක ඇත. මෙසේ ඉහළින් ඇරඹෙන ශීර්ෂ රේඛාව ගැඹුරුව එහෙත් සියුම්ව තිබීම ඉතා සුබ වේ. මෙවැනි ශීර්ෂ රේඛා පිහිටන ජන්මින් ඉතා හොඳ කල්පනා ශක්තියකින් හෙබි පුද්ගලයන් වේ. ඔවුහු සමාජය හා පාරිසරික දැනුමින් පිරිපුන්ව ජීවිත ගත කරන අය වෙති. එසේම මෙවැනි පුද්ගලයන් තුළ යහපත් මානසික සමබරතාවක් ඇති කරයි. බොහෝ ජන්මින්ගේ ශීර්ෂ රේඛාව පහළ කුජ මණ්ඩලයෙන් ඇරඹී ජීවන රේඛාව ඡේදනය කරමින් ඉදිරියට විහිද යන අවස්ථා ද බහුල වේ. හස්ත පරීක්ෂාවේදී මෙවැනි තත්ත්වයන් බැලු සැණින්ම ඔවුන්ගේ යතා ස්වභාවය බැලූ සැණින්ම ඔවුන්ගේ යථා ස්වභාවය පිළිබඳ නිගමනයන්ට එළැඹිය හැකිය. එවැනි හස්තධාරීන්ගේ ජීවන තත්ත්වයන් ඉතා අක්රිය ස්වභාවයක් ගනී. මෙය විවිධ දිශා ඔස්සේ සිදු විය හැකිය. එනම් විවාහ ජීවිතය බිඳ වැටීම, සුරා සූදුවට යොමු වී ජීවිතයේ අන්තයට වැටීම, මුදල් හා දේපළ හානි මඟින් විනාශ මුඛයට පත්වීම ආදී විය හැකිය. එසේම පුත්ර හානිය හෝ දරු සම්පත් හීනවීම වැනි කාරණාද මේ තුළින් දක්ෂ හස්ත රේඛා ශාස්ත්රඥයාට ඉස්මතු කොට දක්වා ලිය හැකියි. ගුරු මණ්ඩලය මැදින් ශීර්ෂ රේඛාව ඇරඹීම ඉතා ප්රබලයි. ජීවිතයේ සියලු අවධින් (කුඩා අවධිය, තරුණ අවධිය, මැදිවිය) දක්වා ඉතා හොඳින් වැඩුණු සමම්බර පුද්ගලයකු බව කිව හැකිය. එවැනි ජන්මින්ට ඉතා හොඳ අනාගතයක් හිමි වේ. එසේම රටේ කීර්තිමත් පුද්ගලයකු වීමට තරම් වාසනාව හිමිවේ. ශීර්ෂ රේඛාවේ ද්විත්ව වීමද ජන්මියාගේ බලය දෙගුණවීමට බලපාන බව සිහිතබා ගත යුතුය. මතක ශක්තිය, චිත්ත ශක්තිය වැඩි කරයි. එසේම තීරණ ගැනීමේ හැකියාව ද ප්රබල කරවයි. සාමාන්ය පුද්ගලයකුට මෙම රේඛා මඟින් නිවැරදි සාර්ථක අවබෝධයක් ලද නොහැකි වුවත් කෙටි හෝ මඟ පෙන්වීමක් මේ තුළින් ලැබෙනු ඇත. මන්ද මඳකට සිතා බැලුවහොත් සාමාන්ය ජන්මියකුගේ හස්තයේ රේඛා 120ක් පමණ ඇතත් ඔබට බැලූ බැල්මට පෙනෙන්නේ රේඛා කිහිපයක් පමණි. එය ඉතා සියුම්ව බැලිය යුතු කාරණාවකි. එනිසා නිවැරදිම ප්රතිඵලයකට නම් පළපුරුදු ශාස්ත්රඥයකු විසින්ම හස්ත රේඛා පරීක්ෂාවක් සිදු කොට ප්රතිඵල කථනයක් කළ යුතුය. ඒ තුළින් ඔබේ දිව්යට ශීර්ෂ රේඛාව තුළින් කුමන කරුණු කාරණා බලාත්මකව මතු කරමින් ජනිත වනවාද යන්න නිසැකවම අවබෝධයක් තබාගත හැකි වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk