Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අත්ලේ ත්රිකෝණ ලකුණක් ඇත්නම් පලාපල මෙහෙමයි .

1 year ago 7 Min read
Subha.lk
අත්ලේ පිහිටි රේඛා ග්රහ මණ්ඩල පිහිටීම අනුව මෙන්ම අත්ලේ පිහිටි සුවිශේෂ සලකුණු මඟින්ද කෙනෙකුගේ ජීවිත පලාපල පැවැසිය හැකිය. ඒ අනුව ත්රිකෝණයක සලකුණද විශේෂ සලකුණක් ලෙස සාමුද්රික ශාස්ත්රයේ සඳහන් වෙයි. නිදහස්ව සටහන් වී ඇති එවැනි ත්රිකෝණ සටහන් විශේෂයෙන් ග්රහ මණ්ඩලවල පිහිටීමෙන් එම ග්රහ මණ්ඩලවල බලයද අසීමිත ලෙස වර්ධනය වෙයි. මේ අයුරින් කෙනෙකුගේ අත්ලේ යම් යම් ස්ථානවල ත්රිකෝණ සලකුණු පිහිටීමෙන් අත්ල හිමියාට හිමි සුබ අසුබතාවන් පිළිබඳව දැන් විමසා බලමු. රූප සටහනේ අංක 1න් සලකුණු කර ඇති ගුරු මණ්ඩලය මත පිහිටි ත්රිකෝණය දෙස දැන් බලන්න. මෙය අත්ල හිමියාට ඉතාමත් සුබපල දෙන පිහිටීමක් වෙයි. රජයේ උසස් නිලතල, කීර්ති, ප්රශංසා ආදිය ලැබීමට මෙය හේතුවෙයි. ජන නායකයන් මෙන්ම ව්යාපාරික ක්ෂේත්රයේ ඉහළම තනතුරු දරන අයගේ අත්වල මෙම ලකුණ ඇති බව ඔප්පු වී ඇත. අංක 2 සලකුණු කර ඇත්තේ ශනි හෙවත් සෙනසුරු මණ්ඩලයේයි. විවිධ ගුප්ත විද්යා කටයුතු වලට දක්ෂ අයගේ අත්වල එම ස්ථානයේ ත්රිකෝණ සටහන් දැකිය හැකිවෙයි අන්යයන්ගේ සිත් හඳුනා ගැනීමේ පුදුම දක්ෂතාවක්ද ඔවුන් තුළ උපතින්ම පිහිටා ඇත. 3 වැනි ස්ථානයේ පිහිටි රවි මණ්ඩලයේ ත්රිකෝණය ජාත්යන්තර වශයෙන් කීර්තියට පත්වන උසස් බුද්ධි බලයක් ඇති අයකු හඳුන්වාදෙයි. 4 වැනි අංකයෙන් පෙන්වනුයේ බුධ මණ්ඩලයයි.දේශපාලනඥයකු, රාජ්ය නිලධාරියෙකු, ව්යාපාරිකයකු හෝ ගන්ථ කර්තෘවරයකු වශයෙන් ප්රසිද්ධිය ලබන අයගේ අත්වල එම ස්ථානයේ ත්රිකෝණ සලකුණ තිබිය හැකිය. 5 කුමන ක්රමයෙන් හෝ ජනයාගේ ආදරයට පාත්රවන අයගේ මෙම කුජ මණ්ඩලය මත ත්රිකෝණ ලක්ෂණය බොහෝ විට දැකිය හැකියි. සටන්කාමී බවේ සංකේතයක් වශයෙන් එය හැඳින්විය හැකිය. හේතුව කුජ මණ්ඩලය හිමි කුජ ග්රහයා සටන්කාමී ග්රහයකු බැවිනි. 6 අංකය සඳහන් චන්ද්ර මණ්ඩලයේ ත්රිකෝණයද, ඉතාමත්ම සුබ පිහිටීමක් වෙයි. එම අත් හිමියෝ අලුත් අලුත් දේ නිර්මාණය කිරීමට දක්ෂයෝ වෙති. ලේඛකයන් මෙන්ම නාවිකයන්, කිමිඳුම්කරුවන්, ධීවරයන් වැනි ජලාශ්රිත රැකියාවන් කරන අයගේ අත්වලද එම ස්ථානයේ ත්රිකෝණ ලකුණ දැකිය හැකිය. ඉතාමත් ඉක්මනින් ඔවුන් දියුණුව ළඟාකර ගනී. 7 වැන්නෙන් සටහන් වෙන සිකුරු මණ්ඩලයේ ත්රිකෝණ සටහනක් ඇත්තේ නම් තීක්ෂණ බුද්ධියෙන් යුතුව විවාහයට පත්වෙන අතර රාගාධික නොවන චිත්ත දමනයෙන් යුතුව ක්රියා කරන්නකුද වේ. 8 ජ්යොතිෂය අනුව කුජ ග්රහයා අභීතව ක්රියා කරන්නෙක්. මේ නිසා කුජට හිමි කුජ මණ්ඩලයේ ත්රිකෝණ ලකුණ වැටීම අති ධාවන පෙන්වීමක්. මෙම හේතුවෙන් පළමු කුජ මණ්ඩලයේ එවැනි පිහිටීම් ඇති අය ඕනෑම දරුණු කාර්යයකට යොමුවෙයි. 9 වැනි අංකයෙන් සටහන් වන්නේ අත්ලේ මැද පිහිටි කුජ තලාවයි. සියලුම බාධක අභිභවා ඉදිරියට යෑමේ අයෝමය ආත්ම ශක්තියක් ඇති අයෙක් කුජ තලාව මත දිස්වෙන ත්රිකෝණයෙන් පෙන්නුම් කරයි. ඇඟිලි මත පිහිටීම 10 මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ ත්රිකෝණ ලක්ෂණ පිහිටීමද සුබය. බුද්ධිමතුන් වන ඔවුන් ධනවත්වීමේ භාග්යය ඇත්තෝය. 11 වැන්න සටහන් කර ඇති මහපට ඇඟිල්ලේ දෙවැනි පුරුකේ ත්රිකෝණයද ඒ වගේම සුබපල දෙන පිහිටීමකි. මෙය හදිසි ධන ලාභවලටද හේතුවෙයි. 12 වැන්නේ ත්රිකෝණ ලක්ෂණයෙන් පුණ්යලාභී උත්තමයකු හඳුනා ගත හැකියි. 13. දබර ඇඟිල්ලේ දෙවැනි පුරුකේ ත්රිකෝණය යහපත් චරිතයක් ඇති අයගේ අත්වල දැකිය හැකිය. එය පැවිදි යෝගයක් ඇති අයගේ අත්වලද පිහිටිය හැකි බව හස්ත රේඛා විද්යාව අනුව කියැවේ. ගුප්ත විද්යාවලට වගේම ඇස් බැන්දුම්වලටත් දක්ෂතා ඇති අයගේ අත්වල දබරැඟිල්ලේ තුන්වැනි පුරුකේ ත්රිකෝණ ලක්ෂණය තිබිය හැකිය. එය අංක 14න් සටහන් වෙයි. අංක 15න් සටහන් වෙන මැද ඇදැඟිල්ලේ මුල් පුරුකේ ත්රිකෝණ ලක්ෂණය පිහිටීමද සුබදායක වෙයි. ඕනෑම කාර්යයකට දක්ෂ වන ඔවුන් කලාවටද ළැදි අය වෙති. 16 අංකයෙන් සටහන් කර ඇති මැඳගිල්ලේ දෙවැනි පුරුකේ ත්රිකෝණය ඇති අයද ගුප්ත විද්යාවන්ට දක්ෂය. 17.ස්ථානයේ එනම් මැදැඟිල්ලේ තුන්වැනි පුරුකේ ත්රිකෝණ ලක්ෂණවලින් කපටි හා වංචාකාර් අන්දමින් දිවි ගෙවන අයකු හඳුනා ගත හැකිය. 18 ප්රසිද්ධ ලේඛකයන්ගේ අත්වල වෙද ඇඟිල්ලේ පළමු පුරුකේ ත්රිකෝණ ලක්ෂණ ඇති විය හැකිය. 19 වෙද ඇඟිල්ලේ දෙවැනි පුරුක දෙස දැන් බලන්න. එම ස්ථානයේ ත්රිකෝණයක් පිහිටන්නේ බොහෝ විට රඟපෑම, චිත්ර ශිල්පය, මූර්ති ශිල්පය වැනි කලා ශිල්ප කෙරෙහි හැකියාවක් ඇති අයගේ අත්වලයි. 20 අංකයෙන් සටහන් වන එම ඇඟිල්ලේ තුන්වැනි පුරුකේ ත්රිකෝණය ගුවන්විදුලි යන්ත්ර ඔරලෝසු වැනි සූක්ෂම කාර්මික කටයුතු කරන අයගේ අත්වල දැකිය හැකිය. 21 සුළැඟිල්ල මුල පුරුකේ ත්රිකෝණයද ඉතා සුබපල දෙයි. යන එන හැම තැනකදීම ගරු බුහුමන් ලබන ඔවුන් අමරණීය නමක් තබා මිය යන්නෝය. 22 දක්ෂ වෛද්යවරුන්, චතුර කථිකයන්ගේ සුළැඟිල්ලේ දෙවැනි පුරුකේ ත්රිකෝණ ලක්ෂණ පිහිටිය හැකිය. 23. සුළැඟිල්ලේ තුන්වැනි පුරුකේ පිහිටි ත්රිකෝණ ලකුණින් දේශපාලන කටයුතුවලින් මෙන්ම ව්යාපාර කටයුතුවලින් දියුණුවන පුද්ගලයකු හඳුනා ගත හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk