Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහයට පෙර පොරොන්දම් බැලිය යුතුද ?

1 year ago 7 Min read
Subha.lk
ජිවිතය අවහිර බාධකවලින් තොරව යහපත් අන්දමින් දිවි මඟ ගත කිරීමට ගන්නා ප්රයත්නයේ මහඟු ප්රතිඵල මෙනයින් සනිටුහන් වේ. විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ - නරක පොරොන්දම් බැලීම තුළින් විද්යාමාන වේ. පාරම්පරිකව එන විධියට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක්කිරීමෙන් සුබ - අසුබ විනිශ්චය කර තීරණ එළැඹීමට පහසුතාවක් ඇතිවේ. විවාහයක අතිසාර්ථකත්වයක් ඇති - නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත් පොරොන්දම් පරීක්ෂාවෙන්ම එය සාර්ථක නොවේ යන්න මගේ හැඟීමයි. කුමන පරීක්ෂණයක් කළත් සමහර විට විවාහයට ප්රශ්න ඇතිවන අවස්ථා නැතිවා නොවේ. එය සාමාන්ය දෙයකි. විවාහයේ සාර්ථකත්වය විමර්ශනය කර බැලීමේදී දික්කසාද වීම, රෝගීවීම,වැන්දඹුවීම, අකල් මරණයට පත්වීම යනාදිය සාකල්ය වශයෙන් පරීක්ෂා කර බැලිය යුත වන්නේය. බොහෝ විට ඉහත සඳහන් සියලු දෝෂයන් කුජ හා ශනි යෝග වීමෙන් ඇති වන්නට බොහෝ දුරට ඉඩප්රස්තාව ලැබිය හැකිය ඇත. බොහෝ විට විවාහයට එළැඹිය හැකි තරුණ ස්ත්රීන් හෝ පුරුෂයන් දැක හඳුනා ගැනීමෙන්ද දැකීමෙන්ද මෙසේ වන අවස්ථා ඒමට මා ලත් අත්දැකීම්වල අඩංගුව ඇත. විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි, කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ, කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය. නාශාංසක ගතව ඇති 7 අධිපතියා මෙන්ම 5 අධිපතියාද විවාහ දෝෂයක් ලෙස මෙහිදී දැක්වීම වැදගත් වේ. ග්රහයන්ගේ දෘෂ්ටි පැවතීම සහ යෝගව සිටීම නිවැරැදි අන්දමට පරීක්ෂා කිරීම වැදගත්වේ. විවාහ දෝෂ ඇති සියලුම ග්රහයන්ගේ සම්බන්ධතාද ඒ ඒ දේ යෙදෙන අන්දමට පරීක්ෂා කර බැලීම කාලෝචිතය. මේ අන්දමට පරීක්ෂා කිරීමේදී කුජ හා ශනි ගැන විශේෂයෙන්ම පරීක්ෂණයට ලක්කළ යුතුය. එහි මංගල දෝෂය කුජ, රාහු, කේතු එසේත් නොවන්නේ නම් ශනි, කේතු ගැන ජන්ම පතක තිබෙන විට අනිත් ජන්ම පත්රයෙද එම දෝෂවලින් එකක්වත් තිබිය යුතු බවත් සඳහන් කළ යුතුය. බොහෝ අවස්ථාවල දෝෂ භංග වී යන්නේ එවිට බව පෙනේ. බොහොම අවස්ථාවල පුරුෂයන්ගේ විනාශය සිදුවන්නේ, 1, 4, 7, 8, 12 යන ස්ථාන ස්ත්රී ජන්ම පතක යෙදී ඇති විටය. එසේම ස්ත්රියගේ විනාශය සිදුවන්නේ පුරුෂයාගේ කේන්දරයේ ඉහත සඳහන් ස්ථානයක කුජ තැන්පත්ව සිටීමෙන් බව සත්ය කරුණකි. එසේම මෙම දෝෂය භාග වන අවස්ථාද තිබේ. එසේම 1, 4, 7, 8, 12 යන ස්ථානවල කුජ ජන්ම පත් දෙකේම සිටීමෙන් එය නියමාකාරයෙන් සිදුවේ. විශේෂයෙන් කිව යුතු වන්නේ ගුරු බලවත්වීම ගුරුට, අඟහරුට නැත්නම් කුජ පෙනීමෙන් එසේ නැතිවේ නම් රෝගී වීමෙන් දෝෂ අවම කර ගත හැකි, අඩුකර ගත හැකි ස්වභාවයක් පෙන්වා දිය හැකිය. 1, 2, 3, 4 යන නැකැත් පාදයන් නාශාංශක වශයෙන් ව්යවහාරයේ පවතින රවි, ගුරු, සිකුරු, ශනි සහ නැකැත්වල මෙය පිළිවෙළට යෙදේ. දෝෂ ඇති වීමට හෝ නැතිවීමට බලපාන අවස්ථා ඇත. ඒ පස්වැන්න, හත්වැන්න අධිපති වෙනත් භාවාධිපතියකු සමඟ පරිවර්තනයට ලක්වීමෙන් සිදුවේ. සමහර විට විවාහ වන දෙදෙනාගෙන් එක් අයකු මරණයට පත්වීම, දෙදරායෑමට පත්වීම, රෝගීවීම, පොරොන්දම් සියයට සීයක් ගැළපුණත් සිදුවිය හැකිය. විශේෂයෙන් නැකැත් පොරොන්දම, මහේන්දු පොරොන්දම, යෝනි පොරොන්දම, ස්ත්රී දීර්ඝ පොරොන්දම, වශ්ය පොරොන්දම, රාක්ෂ පොරොන්දම, පක්ෂි පොරොන්දම, ලිංග පොරොන්දම ගැන විශේෂයෙන් සලකා බැලීමට අවශ්ය වේ. ග්රහ පොරොන්දම් බැලීමේදී පාපාංශක චන්ද්රයාට අෂ්ටකූටය හා සුදර්ශන චක්රය සෝදිසි කිරීම වැදගත්ය. විශේෂයෙන් විසි පොරොන්දමෙන් 18ක්ම චන්ද්රයා විමසා බැලීමට උපයෝගී වෙයි. දෙදෙනා දීර්ඝ කාලයක් ජීවත්වීමට හේතු සාධක තිබේද යන්න සනාථ කරගත හැකි පොරොන්දමින් එය සනාථ කර ගත හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk