Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබටත් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්ද ? කේන්දරයෙන් දැනගනිමු.

1 year ago 7 Min read
Subha.lk
අප රටේ දේශපාලන ක්ෂේත්රය දෙස බැලීමේදී නොයෙක් තරාතිරමේ පුද්ගලයන් දේශපාලනයට අවතීර්ණ වී ඇති බව පෙනෙයි. පවුල් පසුබිම, මුදල් පසුබිම මත දේශපාලනයට යොමුව ඇත. නමුත් මෙයින් සාර්ථක දේශපාලකයකු වන්නේ කීයෙන් කී දෙනාද? සාර්ථක දේශපාලකයකු වන්නට ග්රහ බලය තුළින් ලැබෙන බලය ඉවහල් වන බව අප කවුරුත් නොසිතෙන කාරණයකි. ධනය බලය කොපමණ තිබුණත් රටක මුල් පුටුවට පත්වීමට ග්රහ බලය, පූර්ව පින් බලයද බලපානු ලැබේ. තමන්ගේ ඡන්ද ව්යාපාරවලට මුදල් වියදම් කළද සැමටම ජනාධිපතිවරුන් අගමැතිවරුන් වීමට පුළුවන්කමක් නැත. කොපමණ මුදල් තිබුණත් බලය තිබුණත් ග්රහ බලය නොමැති නම් රටට දැයට වැඩ ඇති දේශපාලකයකු බිහි වන්නේද නැත. එවැනි සුබ පිහිටීම් පිහිටන්නේ පෙර පිනටය. ප්රධාන වශයෙන් රටේ පාලන ක්ෂේත්රය මෙහෙයවීමට ප්රධාන ග්රහයන් කිහිපදෙනකු බලවත් විය යුතුය. රවි, බුධ, සෙනසුරු දේශපාලකයන් ඉහළට ඔසවා තබන ග්රහයන් වේ. මෙම ග්රහයන් බලවත් වු විට සාර්ථක දේශපාලකයකු වීමට හැකිවේ. රවි - ශරීර පෙනුම, පෞරුෂය, නිර්භීතකම, ප්රසිද්ධිය, ගෞරවය, ශ්රියාව, රජයේ ඉහළ තනතුරු , බුධ - කතාව, බුද්ධිය, කතාවට කාරක වන බුධ බලවත් වීම (දෙවැන්න) දේශපාලකයකුට අවශ්යයම බලවත් වීමකි. සෙනසුරු- දේශපාලනයේදී ඕනෑම දුකක් විඳ දරා ගැනීමේ හැකියාව සෙනසුරු බලවත් වූ විට ලැබේ. සෙනසුරු ලග්නයට ලග්නාධිපතිව 7 වැන්නට කුමක් හෝ සම්බන්ධව තිබිය යුතුය. මෙම සම්බන්ධය මත සාමාන්ය ජනතාවගේ ආකර්ෂණය, සහයෝගය සෙනසුරු බලවත් වීම මත ලැබේ. සඳු - නිරවුල් මානසිකත්වයක් තිබිය යුතුය. ගුරු- ආත්මාර්ථකාමී සිතිවිලිවලින් බැහැරව මිනිසුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්රියා කිරීම. සිකුරු- සැප සම්පත් ලැබීමට හේතුවේ. කුජ- හැකියාව, එඩිතරකම, ශක්තිය, ධෛර්ය ලැබීම. දේශපාලකයකු වීමට රවි, බුධ, සෙනසුරු වඩාත් ප්රබල විය යුතුය. රටට ජනතාවට සේවයක් කරන්නට නම් තමන් වෙත පෙර පිනෙන් ග්රහ බලයෙන් ලැබුණු ආශීර්වාදය හේතුවන බව කවුරුත් සිතාගත යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk