Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුධගේ අපල දුරු කරන වත්පිළිවෙත්

1 year ago 7 Min read
Subha.lk
1.රන්, රිදී, ලෝකඩ, පච්ච මැණික්, ඇත් දත්, තැටි, පුටු, සුවඳ ජාති, පාත්ර වී, ගිතෙල්, එළුවන්, මුං ඇටවලින් සාදන ලද කෑම, නිල් පාට රෙදි සිල්වත් ස්වාමීන් වහන්සේලාට හෝ අසරණයන්ට පිළිගන්වා පින් අනුමෝදන් කරන්න. 2. පච්ච මැණික්, රන්-රිදී, මුං ඇට, නාමල්, ගිතෙල්, වද කහ, ඇත්දත්, නිල් රෙද්දක් යන සියලු වර්ග සහිත පූජා වට්ටියක් සාදා බදාදා දිනක බුධ හෝරාවෙන් (පාන්දර 3.00 - 4.00, උදේ 6.00 7.00, දවල් 1.00 -2.00, 608 8.00-9.00) කොහොඹ ගසක් මුල පිරිසුදු කර උතුරු පැත්තෙහි පූජාව තබා බුධ ස්තෝත්ර ගායනා කරන්න. එසේ ගායනා කරන අතරතුර කොකුම්,අගිල් සහ සුදු හඳුන් කුඩු මිශ්ර කර සාදාගත් සුවඳ කුඩුවලින් දුම් දෙන්න. 3. සවස් කාලයේදී ඔසු මිශ්ර ගිලන් පස, සුදු නෙලුම් මල් 07ක්, නිල් කොඩි 07ක්, අබ තෙල් පහන් 07ක් බෝධීන් වහන්සේ නමකට පූජා කර තෙරුවන් වැඳ "සබ්බ පාපස්ස අකරණං" යන ගාථාව 21 වරක් බැගින් දින 07ක් කියන්න. 4. හැකි සෑම බදාදා දිනකම ඖෂධීය පාන වර්ග ගුණගරුක වැඩිහිටියන්ට පිළිගන්වන්න. 5. ශ්රී විෂ්ණු දෙවියන්ට විධිමත් පූජාවක් තබා අපල උපද්රව දුරු කොට දෙන ලෙස භාර වන්න. 6. ශ්රී විෂ්ණු දේව නාමයට ශාස්ත්රානුකූලව සෙත් කවි සාදවා කියන්න. 7. බුධ ග්රහයාට හා විෂ්ණු දෙවියන්ට නියමිත ස්තෝත්ර ගායනා කරන්න. 8. නාමල්, තලමල් බුදුන්ට පූජා කරන්න. 9. පච්ච මැණිකක් ශරීරයේ ස්පර්ශ වන ලෙස ඇල්ල රිදියෙන් හෝ සින්ක් හා තඹ මිශ්ර ලෝහයෙන් තැනූ නියමිත වාර ගණනින් ජප කර පණ ගැන්වූ මුදුවක් පලඳින්න. 10. ශාස්ත්රානුකූලව තඹ පත්රයක ලියූ නියමිත වාර ගණන ජප කළ ශිව සීලම්බර යන්ත්රය, විෂ්ණු අගෝරය හෝ විෂ්ණු නීල මණ්ඩල යන්ත්රය පලඳින්න. 11. කොහොඹ වෘක්ෂයකට සාත්තු කිරීම, නිතර ගස ස්පර්ශ කරන්න. 12. (i) විලඳ (පොර්), නෙලුම් අල, නාමල් රේණු, මුතු ඇට, ගෝරෝචන, මී පැණි යන ඖෂධ වර්ග 6ක් හෝ (ii) මී පැණි ගෝරෝචන, කුකුරු මුවන්, කිරි,දීකිරි, ගජ මුතු, ගොම, නාමල් රේණු, සුවඳ කොට්ටම්, විලඳ, මුතු යන ඖෂධ වර්ග 11 සමව ගෙන තම්බාගත් ජලය හෝ මෙම බෙහෙත් ද්රව්ය පැය 06කට වැඩි කාලයක් බහා තැබූ ජලය ස්නානය කරන්න. 13. තමන්ගේ උසට සර්ලන කොළ කොඩියක තමන්ගේ නම ලියා "බුධගෙ අපල දුරුවේවා" යන්න නම ඇතුළත් කොට වැඩිපුර පිසක් දුකින බෝධියක එල්වා තබන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk