Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෙවියන් ප්රිය කරන ජිවිත සුවද කරන සුවද ධුප

1 year ago 7 Min read
Subha.lk
දේව ආකර්ෂණයට සුවඳ ධූපය මෙය සියලුම දෙවියන්ගේ ප්රසාදය සහ ආකර්ෂණය ලබාගැනීම සඳහා සුදුසු මෙම සුවඳ ධූපය සාදා ගන්නා ක්රමය. අවශ්ය ද්රව්යය : දේවරාජ, ගූගුල්, හොර, අරළු, ඉරිවේරිය, කොල්ලන් කොළ, හල්දුම්මල, කොට්ටන්, අගිල්, උක් හකුරු, කලාඳුරු අල, අරළු, සඳුන්, ජටාමාංශ, ගල් සෙවල, සාම්බානි සමව ගෙන වේලා සිහින්ව කුඩු කර මහා දේව ආරාධනයෙන් 51 වර ජීවම් කර දුම් අල්ලන්න. දේවාලවලට සුදුසු සුවඳ ධූපය :- අගිල්, සුදු හඳුන්, ඉරිවේරිය, අරළු, කොහොඔ කොළ, සැවැන්දරා, ලොත්සුඹුළු, කලාඳුරු අල, නාමල් රේණු, නෙළුම් රේණු, ගෝරෝචන, දෙළුම් පොතු, සාම්බුනි සමව ගෙන වේලා කුඩු කර ශ්රී රාම දිෂ්ටියෙන් අටෝරාශියක් (108 වර මතුරා දුම් අල්ලන්න. දේව බැල්ම වැඩි දියුණුවේ. ව්යාපාර දියුණුවට සුදුසු සුවඳ ධූපය :- කීකිරිදිය, කොල්ලන් කොළ, වද කහ, හල් දුම්මල, සුවද කොට්ටන්, ජටාමාංශ, සුදු හදුන්,වියළි පිච්ච මල්, නිල් මානෙල් මල් රේණු, සාම්බානි සමව ගෙන වේලා කුඩු කර ස්කන්ද කුමාර රාජ වශියෙන් හෝ ශ්රී ධනකේශ්වර රාජ වශීයෙන් 1008 වර මතුරා උදේ සවස දුම් අල්ලන්න. කුඩා දරුවන්ට සුවඳ ධූපය :- කුඩා දරුවන්ගේ වලිප්පුව, තනිකම් දෝෂය, ග්රහණිය, මාන්දම, සිහිනෙන් බය වීම ආදියට සුදුසුය. අවශ්ය ද්රව්ය: නෙළුම් රේණු, පිච්ච මල් සහ මුල්, සැවැන්දා, රත් හඳුන්, සුදු හඳුන්, කට්ටකුමංජල්, දේවදාර සමව ගෙන වේළා කුඩුකර සබ්බ පාපස්ස ගාථාවෙන් හෝ බුද්ධක ජිනපංජයෙන් අටෝරාශියක් (108) වර පිරිත් කර දුම් අල්ලන්න. උපදාහරණයට සුවඳ ධූපය :- සුදු හඳුන්, ඵල නෙළුම් රේණු, බෙලි මල්, පිච්ච මල්, විෂ්ණු ක්රාන්තිය, නාමල් රේණු, බැබිල මුල්, සපු මල්, රත් හඳුන්, අගිල්, සුවඳ කොට්ටන්, සාම්බානි සමව ගෙන වේළා කුඩු කරගෙන වෙසමුණි පිරිතෙන් හෝ ජලනන්දන පිරිතෙන් අටෝ රාශියක් (108 වර) පිරිත් කර දුම් අල්ලන්න. ප්රේත දෝෂ දුරු වීමට සුවඳ ධූපය- සුදු හඳුන්, රත් හඳුන්, අගිල්, ජටාමාංශ, වදකහ, එනසහල්, දේවදාර, අගිල්, තුවරලා, කුරුඳු පොතු, සුවඳ කොට්ටන්, නාමල් රේණු, පිච්ච මල්,කලාදුරු අල, සාම්බානි සමව ගෙන වේළා කුඩු කර උදේ සවස නිවෙසට දුම් අල්ලන්න. ප්රේත දෝෂ දුරු වේ. දෙවියන් ප්රිය කරන ජීවිත සුවඳ කරන සුවඳ ධූප- නිවාස ආරක්ෂාවට සුවඳ ධූපය - අගිල්, ගුගුල්, සුවඳ කොට්ටන්, සුදු හඳුන්, සැවැන්න මුල්, රත් හඳුන්, දේවදාර, වරා මල්, කොහොඹ පොතු, පිච්ච මල්, නාමල් රේණු, සාම්බානි සමව ගෙන වේළා කුඩු කර උදේ සවස නිවෙසට දුම් අල්ලන්න. කරදරකාරී සතුන්ට සුවඳ ධූපය :- කපුරු, සාම්බානි, බදුල්ල ඇට, අරළු, බුලු, නෙල්ලි, සුණු සහල්, වරා කොළ, උක් හකුරු, ලා කඩ, හල්දුම්මල සමව ගෙන වේළා කුඩු කර උදේ සවස දුම් අල්ලන්න. මීයන්, මදුරුවන්, මැස්සන්, කැරපොත්තන් වැනි සතුන් දුරුවේ. විෂ්ණු දෙවිඳුට, කතරගම දෙව්දුව, පත්තිනි දෙවඟනට සුවඳ ධූපය - සැන්න මුල්, සුදු හඳුන්, රත් හඳුන්, හල් දුම්මල, පිච්ච මල්, රත් මල්, නාමල් රේණු, දේවදාර, නිලුපුල් මල් රේණු, තුල්සි පත්ර, සාම්බානි සමව ගෙන වේළා කුඩු කර දුම් අල්ලන්න. දෙවියන් ප්රිය වේ.සමන් දෙවිඳු, විභීෂණ දෙවිඳු, ඊශ්වර දෙවිඳුට සුවඳ ධූපය නෙළුම් රේණු, අගිල්, ගුගුල්, පිච්ච මල්, සුවඳ කොට්ටන්, කුදිරක්කර, කොහොඹ කොළ, සාම්බානි සමව ගෙන වේළා කුඩු කර දුම් අල්ලන්න. දෙවියන් ප්රිය වේ. දැඩිමුණ්ඩ දෙවිඳුට, ගණ දෙව්දුට, ලක්ෂ්මි මැණියන්ට, සරස්වතී මෑණියන්ට සුවඳ ධූපය- කරාබු නැටි, වසාවාසි, කපු කිණිස්ස, බෙලි මල්, හල් දුම්මල, රත් හදුන්, සුදු හදුන්, සාම්බානි සමට ගෙන වේලා කුඩු කරගෙන දුම් අල්ලන්න. දෙවියන් ප්රිය වේ. සූනියම් දෙවිඳුට, භද්රකාලි මැණියන්ට, දෙවොල් දෙවිඳුට, කඩවර දෙවිඳුට සුවඳ ධූපය - හල් දුම්මල, කොහොඹ පොතු, කලාදුරු අල, එනසහල්, වසාවාසි, අගිල්, දේවදාර, සැවැන්න. මුල්, පිච්ච මල්, සාම්බානි සමට ගෙන වේලා කුඩු කර දුම් ඇල්ලන්න, දෙවියන් ප්රිය වේ. ඔබේ ජීවිත සුවඳවත් කරලීමට දෙවියන්ගේ ප්රසාදය හිමි වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk