Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හිරුගේ ආනුභාවයෙන් කරන කෙම් ක්රම

1 year ago 7 Min read
Subha.lk
රාක්ෂ ගෝත්රික භාවෙන් එළි යනු හිරුය. සී යනු සිංහ වේ. එදා සිවු හෙළයට පණ පෙවු යක්ෂ දේව නාග රාක්ෂ ගෝත්රික සතර වර්ගය වාසය කළේ මෙම පොළොවේය. සී එළි සිංහහෙළ වී සිංහල ජාතික බවට පත්විය. එදා රාවණා යුගයේදී සූර්යයා ඇදහීම බලවත්ව පැවැති බවට සාක්ෂි රැසක් තිබේ. රාවණ පරපුර විමසුම් කිරීමේදී රාවණයන් මෙන්ම රාවණයන්ගේ පියා වන වෛශ්රවණයන් ද මුත්තනුවන් වන පුලතිසි ඉසිවරයාද ආයුර්වේදයට ජ්යොතිෂයට ගුප්ත කර්මයට සහ වෙනත් මාහැඟි වටිනා ශාස්ත්රයනට සහ එම ශාස්ත්රයන්ගේ ආරම්භයට පැවැත්මට අනුපමේය මෙහෙවරක් කළ පරපුරක් වෙති. මාතර දෙවුන්දර විශ්ණු දේවාලයට නුදුරින් ගල්ගේ නම් පුරාණ සූර්ය දෙවොල වර්තමානයේදී විශේෂිත වන්නේ එහි කොටා ඇති බෝ කොළ හත සහිත සූර්ය ලකුණට හිරු කිරණ මුලින්ම පතිත වෙතැයි යන විශ්වාසය මතය. වර්තමානයේ සූර්ය දෙවියන්ගෙන් පිහිට ලබාගන්නා පිරිස් අපමණය. හිරු දෙවි වන්දනාව හින්දු බැතිමතුන් හට නම් අරුමයක් නොවේ. අතීතයේ හිරු දෙවියන් වෙනුවෙන් විවිධ පුද පූජා පවා පැවැත්වූ බවට සාධක ඇත. ජ්යොතිෂයේදී සූර්යයාට ආදේශ කර ඇත්තේ රවි ග්රහයාවය. ජ්යොතිශයෙන් බැබළෙන ග්රහබල කිරණ අතර රවි හෙවත් හිරුට හිමිවන්නේ බලවත් ස්ථානයකි. හිරුගේ කිරණ තරංගයෙන් විශ්වයම ආලෝකවත් කිරීමට සමත්ය. රවි ග්රහයාගේ මෙම කිරණ තරංගයෝ සප්ත වර්ණයන්ගෙන් සමන්විතය. තවත් වර්ණ රැසක් ඇති මුත් එය පියෙව් ඇසකට වර්ගීකරණය කළ නොහැකිය. මෙම කිරණයන් ජීවී අජීවී සියලුම වස්තූන්ටද සඳු, බුධ, සිකුරු ආදී ග්රහ මඬුල්ලේ සෑම ග්රහ වස්තුවකටමද තම බලය බෙදා හරියි. ජීවී අජීවී සැමට බලය - ශක්තිය විවිධාකාරයෙන් ලබාදීම රවිගේ සොබාවයයි. ජන්මියකුගේ ක්රියාකාරීත්වය - දියුණුව පරාජය ග්රහයන් විසින් පැහැදිලිව පෙන්වා දෙනු ලබයි උපතේ සිට කර්මානුරූපව ලැබෙන ග්රහ තරංග බලය විවිධය. විෂමය. කර්මය සහ ග්රහ කිරණ අතර සාපේක්ෂතාව ජන්මියාගෙන් ජන්මියා හට වෙනස් වෙයි ජීවමාන ලෝකයේ ක්රියාකාරීත්වයට ග්රහ කිරණ මූලික වන්නා සේම ඇසට නොපෙනෙන ජීව තරංගයෝන්ද බලවත්ය. මෙම තරංග හුවමාරුව සත්ත්ව ලෝකය තුළ විශේෂිතය. මිනිසාට නොපෙනෙන ආලෝක කිරණ සත්ත්ව ලෝකයට යහපත්ව දර්ශනය වෙයි. බල්ලාට සහ බළලාට රාත්රියේදී පවා විවිධ වර්ණ හඳුනා ගැනීමට හැකිය. ඇසට නොපෙනෙන අමනුශ්ය බලවේගයන් දැකීමේ විශේෂ හැකියාවක් බල්ලාට සහ බළලාට නිතැතින්ම හිමිවෙයි. නිදා සිටින බල්ලන් කන්පට ගැසීම - කන් යොමා සවන්දීම - බිරීම හෝ නැවත නිදා ගැනීම බල්ලාට දැනෙන සංඥා අනුව සිදුවන්නකි. අතීතයේ සුනඛයා හිතමිතරා කරගත් මිනිසා කාලයත් සමඟම බුද්ධියෙන් වැඩෙමින් සුනඛයාව තම ආරක්ෂකයා සේවකයා කර ගත්තේය. ආදී කාලීන යුගවලදී ජීවත්වීම උදෙසා මිනිසා රෝග පාලනයට විවිධ වූ ඖෂධ සොයා ගත්තේය. බලු - බළල් ආදී සතුන් අතරද රෝග නිවාරණයට විවිධ උපක්රම ඇත. මොවුන් උදරයේ ආබාධ වලදී කුප්පමේනියා, තණකොළ වර්ග තෝරාගෙන කා වමනය කරනු දක්නට ලැබේ. මිනිස් වර්ගයා අතරද රෝග නිවාරණය සඳහා ඖෂධ භාවිතයට අමතරව විවිධ යාගහෝම - මන්ත්ර විධි සහ කෙම් පිළිවෙත් ප්රතිකාරක රටාවන් ඇත. විවිධ ජාතීන් හා රටවල් අතරද මෙම ආවේණික ක්රමවේදයන් බොහෝය. රටක වුවද විවිධ ප්රදේශ සහ කුල ගෝත්ර පාරම්පරික උරුමයන් ලෙසද රෝග නිවාරණ රටාවන් පවතී. වෙද හෙදකම පරයන කෙම් ක්රමයන්ද පාරම්පරිකව උරුම වන භාවිත වන සහනය සලසන මාර්ගයකි. කෙක්රම සහ කෙම් ක්රමවලින් සහනය ලබාගැනීමට පිළිපැදිය යුතු පිළිවෙත් විවිධ වෙයි. කෙමක් යනු මිනිසාගේ ක්රියාත්මක ශක්තියත්, චිත්ත ශක්තියත්, සොබාදහමත් සමඟම කාලයද ගුප්ත බලයද කැටි කර මිනිසාට - ගහකොළට සතාසීපාවාට යහපත සැලසීමට යොදා ගන්නා ක්රමවේදයකි. කෙම් ප්රතිකර්ම කරන්නාගේ කායික - මානසික සංවරය මත ප්රතිඵලය බලවත් වෙයි. යහපත් වෙයි. විස්මිත වූ ප්රතිඵල සඳහා මනා අවබෝධයත්, විශ්වාසයත් ඇවැසි වෙයි. කෙම් කිරීමට පැරැන්නෝ වෙන්කරගත් දිනයන් කෙම්මුර දිනයන් ලෙස වෙන්කර ඇත. බදාදා සහ සෙනසුරාදා මෙම දිනයන් අතර විශේෂිතයි. කෙම් කිරීමේදී කතා බහෙන් තොර වීම, උදය කාලයේ කෙම් පිළිවෙත් ක්රියාත්මක කිරීම එහි සාර්ථකත්වයට මඟය. ඇසකට රොඩු වැටුණු විටෙක ඇසේ වම් පස නම් දකුණු පස හක්කට දමා නිදිකුම්බා මුලක් කතා නොකර සැපීම ඇසේ රොඩු ඉවත් වීමට කෙමකි. රෝගියකුගේ වමනය නැවැත්වීමට ඖෂධ පානය කළ භාජනය යටිකුරු කර නැවීමද (වමනය) නවතන ක්රමයකි. උදෑසන හත සහ අට අතර කාලය හිරුගේ දිව්යමය වූ හිරු කිරණ ප්රභාවත් වන වේලාවයි. හින්දුන් හිරු දෙවි වන්දනාව කරන්නේ මෙම වේලාවටය. කුඩා බිලිඳුන් එම හිරු රශ්මියෙන් නැහැවීම බිලිඳු සම පැහැත් වීමට, නිරෝගී වීමට හේතු වෙයි. උදෑසන හිරු දෙස බලා සූර්ය වන්දනාව කර හත් වරක් ඇස්පිල්ලම් ගසා හිරු දෙස බැලීම ඇස් රෝග දුරු වීමට කෙම් පිළිවෙතකි. කෙම් සුව වෙදකමේදී හිරු වන්දනාවෙන් සිදු කෙරෙන වත්පිළිවෙත් පැරැණියන් සාර්ථකව සිදුකර ඇත. අත්විඳ ඇත. එය වර්තමානයෙන් අනාගතයට ගෙනයෑම කෙම් සුව වෙදකම අනාගතයට දායාද කිරීමකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk