Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබේ හදහනේ බුධ උච්චද ?

1 year ago 7 Min read
Subha.lk
තම පියාගේ අත අත් නොහැර ගමන් කරන දරුවකු මෙන් බුධ ග්රහයාද ග්රහ ලොවේ රජු වන රවිගෙන් අංශක 18කට වඩා ඈත් නොවේ. හඳහන් වල බොහෝ විට රවි හා බුධ එකම කොටුවක පිහිටන්නේ ඒ නිසාය. දහවල් රෑ අතර වෙනසක් නොමැතිව එකම පැත්තක් සූර්යයා දෙසට සිටින සේ ගමන් කරයි. ඒ නිසා බුධ උච්ච වුවත් ශුභ ඵල නොදී යන අවස්ථා තිබේ. ජ්යොතිෂයේදී බුධ ග්රහයා හැඳින්වෙන්නේ කුඩා දරුවකු ලෙසිනි. බුද්ධියට හා නුවණට අධිපතිත්වය දරන නමුත් ළමා ගතිය පෙන්වමින් සංයෝග වූ දෘෂ්ටි ලැබුණ ආකාරයට ශුභ හෝ අශුභ ඵල දෙයි. එහෙත් අයහපත් ඵල දෙන්නේ කලාතුරකිනි. බුද්ධිමත් මිනිසකු බිහිකරන භද්රා යෝගය යෙදෙන්නේ ස්වක්ෂේත්රගතව හෝ උච්ච බලයෙන් යුක්ත බුධ කේන්ද්රස්ථානයක පිහිටීමෙනි. ලග්නයේදී දිග් බල වන බුධ අති උච්ච වන්නේ තමන්ටම හිමි කන්යා රාශියේ 15 වැනි අංශකයේදීය. මිථුන සහ කන්යා රාශි තමන්ට අයිති ස්ථාන වන අතර කන්යාවෙන් 7 වැන්න වන මීනයේ 15 වැනි අංශකයේදී අති නීච වෙයි. සාමාන්ය වශයෙන් සැලකෙන්නේ බුධ කන්යාවේ උච්ච යයිද මීනයේ නීච යයිද වශයෙනි. උච්ච බලයෙන් පිහිටලාත් යහපතක් සිදුවන්නේ නැතැයි කියන අයද සිටිති. එහෙම වෙන්නේ බුධගේ අඳුරු පැත්ත පොළවට හැරී ඇති අවස්ථාවක උපත ලැබීම නිසාය. කෙසේ වෙතත් බුධ අයහපතක් නොකරයි. යහපත් නම් බොහෝ ශුභ ඵල දෙයි. එසේ වන්නේ දෘෂ්ටි ලැබෙන හෝ සංයෝග පවතින තත්ත්වයන් අනුවය. බුද්ධියට හා කථාවට හා අධ්යාපනයට අධිපති වන්නේ බුධ ග්රහයාය. ඒ අනුව උච්ච වීමේදීත් නීච වීමේදීත් සිදුවන්නේ කුමක්දැයි පහසුවෙන් වටහා ගත හැක. භද්රා යෝගය යෙදෙන්නේ බුධ උච්චව කේන්ද්රස්ථානයක පිහිටීමෙනි. එහෙත් |22 වැනි දෙර්කාණාධිපති හෝ බාධක ග්රහයා වීමෙන් මේ තත්ත්වයන්හි අඩු ලුහුඬු කමක් දකින්නට ලැබේ. කථාවේ දක්ෂතාව හා සිත් ඇදගන්නා විලාසයක් පිහිටන ජන්මියාගේ බුද්ධිය යහපත්ය. ඉගෙනීමේත් මතක ශක්තියේත් හැකියාවන් පිහිටයි. ස්ථානෝචිත ප්රඥාව හිමි වේ. එහෙත් කපටිකමට නම් නොවේ. බොරුව හෝ හොරකම නැත. මෙයින් පෙනෙන්නේ හඳහනක බුධ යහපත් තත්ත්වයකින් පිහිටීම ජන්මියා යහපත් පුද්ගලයකු කරන බවයි. දැන් ඉතින් නීච වුවොත් සිදුවන්නේ කුමක්දැයි විස්තර කරන්නට ඕනෑ නැත. එවැනි ජන්මියා බුද්ධියෙන් අඩු මතකය දුර්වල සියුම් ඥානය අයහපත් පුද්ගලයෙකු වේ. අසත්ය කියන්නට පෙලඹේ, කථාවේ පිරිසුදු බවක් නැත. සමහර විට උච්චාරණයේ දුර්වලකම් පවතින්නටත් ගොත ගසන තත්ත්වයක් ඇතිවන්නටත් පුළුවන. ඉගෙනීමේදී දක්ෂතාවන් දැක්විය නොහැක. තමන් වියතකු යැයි සිතා මහ සභා මැද කථා කොට උපහාසයන්ට ලක්වේ. තැන නොතැන නොබලා කථා කරයි. තමන්ගේ උගත්කම පෙන්වන්නට මහ ලොකු කථා කියන්නේ නූගත්කම නොදැනය. මේ අනුව බුධ නීච වීම පුද්ගලයකුගේ මනසේ ඒකාග්රතාව නැතිකරන්නක් බව පැහැදිලි වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk