Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රෝ - දුක් නසා, සකල දෙසින් ආරක්ෂාව කැදවන වාජවාජනවි යන්ත්රය

1 year ago 7 Min read
Subha.lk
සුවහසක් වූ දිවියට ආරක්ෂාවක් අවැසිමය. ඒ ආරක්ෂාව බොහෝදෙනා විවිධ මාර්ග ඔස්සේ දිවියට ළං කර ගනු ඇත. රෝග පීඩා අතින්, ආර්ථිකමය අතින් වගේම රැකියාවක් සිදුකරන්නේ නම් ඒ තුළින්ද පවුලක් විදිහට සමස්ත සාමාජිකයන්ගේ සාමූහික ආරක්ෂාවත් බොහෝදෙනකු බලාපොරොත්තු වන තත්ත්වයන්ය. මේ ආරක්ෂාව නිසි ලෙස සම්පූර්ණ වන තැනේදී ජන්මියකු වශයෙන් නිදහස්ව නිවහල්ව දිවි ගෙවන්නට හැකියාව විවර කර ගනු ඇත. යම්කිසි අවස්ථාවකදී පවුලේ එක් අයකුට හෝ මෙවන් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයක් මතුවන තැනේදී සමස්ත පිරිසම එම ගැටලුවෙන් පීඩාවිඳිනු ඇත. තවත් අවස්ථාවකදී බෝවන ආදී රෝග තත්ත්වයන් වගේම පරම්පරාවෙන් පරම්පරාවට පැවැත ගෙන එනු ලබන බලවත් රෝග තත්ත්වයන්ගෙන්ද බොහෝදෙනා සිත මෙන්ම ගතද ඔද්දල් කර ගනු ඇත. මෙතුළින් දුකට පත් වනු ඇත. එසේම තවත් සමහරෙක් තමාට හෝ පවුලේ ළඟම හිතවතකුට සිදුවිය හැකි බාහිර බලවේගයන්ගෙන් සිත පීඩාවට පත් කර ගනු ඇත. ඇස් - වහ, හදි හූනියම්, භූමි පාළු ආදිය සිදුවෙතැයි සමහරුන් බොහෝ සිත් වේදනාවෙන් පසුවනු ඇත. මෙම තත්ත්වයන් සත්ය වශයෙන්ම තමාට ආරක්ෂාවක් නිසි අයුරින් නොමැති වීම තුළින් මතු වන ගැටලුකාරී තත්ත්වයන්ය. මෙම තත්ත්වයන්ගෙන් ඔබ්බට ගිය තැනේදී නිවෙසේ ඉඩමේ හතර කොන ආරක්ෂාවත් මේ යටතේදී සිහිපත් කළ යුතුය. නිසි ලෙසින් තමා ජීවත් වන නිවසටත් ඉඩමටත් නිත්ය බලවත් ආරක්ෂාවක් නොමැත්තේ නම් එවන් අවස්ථාවන්හිදීද නිසි ආරක්ෂාව පරදා වෙනත් බලපෑම් හිස ඔසවනු ඇත. එවිට නිවෙසේ ඉඩමේ ජීවත් වීම පවා පසුකාලීනව ගැටලු සහගත කරවනු ඇත. වර්තමානයේ මෙම තත්ත්වයන් සඳහා බොහෝ පිළිගත් සම්ප්රදායන් මත පිහිටා සිදුකරනු ලබන ක්රමවේදයන් ඇතත් ඒවායින් සත්ය ලෙසින්ම නිසි ආරක්ෂාවක් සැලසෙන්නේ දැයිද ප්රශ්නකාරීද වනු ඇත. නමුත් තම සහෘදයන් එකට වෙසෙන සොඳුරු කැදැල්ල ආරක්ෂාවක් නොමැතිකමින් අවුලෙන් අවුලට පත් වනවාට වඩා ශාස්ත්රීය අතින් යම් අවබෝධයක් සහිත ඔබටම විශ්වාසයෙන් යුතුව සිදුකර ගත හැකි බලවත් ආරක්ෂා යන්ත්රයක් අද දින මෙතුළින් ඔබ වෙත ගෙන එමි. මෙම යන්ත්රය අනෙක් යන්ත්ර අතරින් සුවිශේෂී වන්නේ නිසි ලෙස ඇඳගත් යන්ත්රය ජීවම් කිරීම සඳහා මන්ත්රයක් යොදා නොගැනීමයි. මෙය යම්තාක් දුරට කටයුතු සිදුකරන ඔබට පහසුවක් ගෙන දෙනු ලබන අතරම නමුත් යන්ත්රය නිසි ලෙස ඇඳ ගැනීමත් ඇඳීමේදී දැක්විය යුතු උපරිම පුද සත්කාරයන් නිසි ලෙස යොදා ගැනීමටත් වගබලා ගත යුතුය. සමචතුරස්රාකාර හැඩයේ තඹ පත්රයක් මේ සඳහා යොදා ගැනීම සිදුකළ යුතු අතරම රේඛා,අක්ෂර නිසි ලෙස දී ඇති අයුරින්ම ස්ථාපිත කිරීම සිදු කළ යුතුය. එසේම නිවෙසේ හෝ ඉඩමේ හතර කොන ආරක්ෂාව වෙනුවෙන් මෙම යන්ත්රය යොදා ගැනීම සිදුකරන්නේ නම් එකම ආකාරයේ යන්ත්ර හතරක් හෝ අටක් වශයෙන් සූදානම් කර ගැනීම සිදුකළ යුතුය. විධිමත් ආරක්ෂක බඳුන් හෝ කුප්පි යොදාගෙන ඒවා වෙනම ආරක්ෂා තෙල් වර්ගයක බහා ඊට සූදානම් කර ගත් යන්ත්ර තැන්පත් කර ගැනීම සිදුකරන්න. නිසි නැකැත් සීහුම් සහිතව ඉඩමේ හතර කොන තැන්පත් කිරීමත් නිවෙසේ නම් සම්පූර්ණ නිවෙස ආවරණය වන අයුරින් සිවිලිමට ආසන්නයේ ඉහළින් අදාළ ආරක්ෂා බඳුන් තැන්පත් කරන්න. පෙර කී අයුරින් නිවෙසේ ජන්මින්ට පැලැඳ ගැනීමට හැකියාව ලැබෙන අයුරින් සකස් කර ගැනීමෙන් ගෙල පැලඳීමටද යෝග්ය වන අතරම දිවිය පුරාවටම් බල සම්පන්න ආරක්ෂාවක් උරුම කර ගන්නට හැකියාව ලැබෙනු ඇත. ඔබට උතුම් තුන් රුවනේ ආරක්ෂාව ලැබේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk