Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අන්ධභාවය සහ මානසික රෝග මුහුකරන අන්ධක දෝෂය සහ කාණ දෝෂය

1 year ago 7 Min read
Subha.lk
මිනිසාට නිවෙසක් යනු අත්යවශ්යම මූලිකම අවශ්යතාවකි. එය තම සිත්සේ ඉදිකරනු ලැබුවද යම් රීතීන්ට අනුව එය ගොඩනැගිය යුතුවේ. නැතහොත් එම සිහින නිවෙස බලාපොරොත්තු සුන්කොට ගැටලු රැසක් මතුකර හිස මත කඩා වැටේ. නිවෙසක අංග තැබීම පමණක් ප්රමාණවත් නොමැත. තබන්නා වූ අංග නිසි ලෙස ප්රමාණාත්ක තැබිය යුතුය. ඇතැම් අංග නොතැබීමද දැඩි ගැටලු දෝෂ මතු කෙරේ. වාස්තු විද්යාව තුළ පෙන්වාදී තිබෙන එහෙත් වැඩිපුර අවධානය යොමු නොකරන එහෙත් වඩා කතා නොකරන මාතෘකා 2ක් අද පෙන්වා දෙන්නෙමු. අන්ධක දෝෂය නිවෙසට ආලෝකය, වාතාශ්රය ලබන්න ජනෙල් අවශ්යය. එම ජනෙල් තැබිය යුත්තේ නිසි දිග පළලකට අනුවය. යම් බිත්තියක ප්රමාණයට සරිලන පරිදි ජනෙල් පිහිටු විය යුතුය. ඇතැම් ස්ථානවල විශාල බිත්තියකට ඉතා කුඩා ජනේල තබා තිබෙන අවස්ථා බොහෝ දක්නට ඇත. කඳුකර පෙදෙස්වල නිවෙස්වල,ගම්බද නිවෙස්වල නාගරිකව ද මෙම දෝෂය දකින්නට ඇත. විශාල බිත්තියක කුඩා ජනේලයක් තැබීම තුළ අවලස්සන භාවයක්ද නිවෙසට එකතුවේ. මෙහි අවලස්සන කමට වඩා අශුභතා අත්වන්නේ එය වාස්තු දෝෂයක් වන නිසාවෙනි. නිවෙසක අවශ්ය ප්රමාණයට වඩා ජනේල අඩුවූ විට මෙම දෝෂය මතුවේ. මේ තුළින් නිවැසියන්ට සෞඛ්ය දුර්වලතා මතුවේ. මානසික සුවය අඩුවේ. එවැනි නිවාස තුළ පරිහානියද දක්නට ලැබේ. එබැවින් ඔබ නව නිවාසයක් සකසන විටත් නිවෙසට සරිලන පරිදී ජනේල ප්රමාණවත් අන්දමින් තැබීමද ඒවායේ ප්රමාණයද ඉතා කුඩා නොවන අන්දමින් තැබීම කළ කළ යුතුය. කාණ දෝෂය මින් අදහස් වන්නේ කිසිම කවුළුවක් නොමැතිවීමය. මෙය සඳහන් කළ විට ඇතමකුට මෙවැනි නිවාස තිඛෙනවාද යන්න සිතෙනු ඇති. එහි පිළිතුර “ඔව්” යන්නය. නිවාස දෙකකට මැදිව, කඩ කාමර දෙකකට මැදිව එකම බිත්තියකින් වෙන්වී ඇති නිවාස අප සමාජයේ බොහෝ දක්නට ඇත. මෙම ඇතැම් නිවාසවල ජනෙල් නොමැත. ඇතැම් නිවාසවල කාමර සදහා කිසිදු ජනේලයක් නොමැත. මේ තුළින් නිවෙසට ලැබිය යුතු ආලෝකය, වාතාශ්රය ප්රමාණවත් අන්දමින් නොලැබේ. එය කාණ දෝෂය ලෙස හඳුන්වනු ලැබේ. මිනිසාට ආලෝකය, වාතාශ්රය නිසි ලෙස ලැබිය යුතුය. එසේ නොලැබීම තුළ අන්ධකාරය හේතුවෙන් නිවැසියන්ට අක්ෂි දුර්වලතා, අන්ධභාවයට පත්වීම වැනි දුර්වලතා මතුවේ. තවද නිවෙසේ පරිහානියද සිදුවේ. මානසික සුවය අඩුවේ. ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති ඉහත දෝෂ නිසා ඔබට කුමක් සිදුවනවාද යන්න ඔබගේ නව ඉදිකරන නිවෙසටද දැනට වෙසෙන නිවෙසටද මෙම දෝෂ නොයෙනා ලෙසින් සකසා සුන්දර නිවහනක් ලෙස ඔබගේ නිවෙස සකසා ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk