Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙදරට මුල්ගල තියන්නේ පරිස්සමින් ?

1 year ago 7 Min read
Subha.lk
අලුතින් නිවෙසක් සෑදීමේදී මුල්ගල තැබීමේ චාරිත්රයටද මුල් තැනක් දෙයි. පදිංචියට නිවෙසක් සෑදීමේදී ඉඩමක් තෝරා ගත් පසුව තමාගේ ජන්ම නැකතට සීහුම් වන පරිදි සුබ දවසක් තෝරාගෙන සුබ මුහුර්තයකදී නිවෙසක් සෑදීමේ මුල් පියවර ලෙස ලණු ඇදීම, අත්තිවාරම් කැපීම හා මුල්ගල තැබීම සිදු කරනු ලැබේ. මෙම කාර්යයන් සියල්ලම එකම දිනයකදී කරනු ලබයි. මුල්ගල තැබීමේ කාර්යයද සුබ මුහුර්තයකදී කළ යුතු වෙයි. මෙම මුල්ගල ගෘහ මූලිකයා විසින් තැබිය යුතුය. ගෘහ මූලිකයා නොමැති නම් ගෘහ මූලිකයාගේ බිරිය විසින්ද මුල්ගල තැබුවාට වරදක් නැත. එම දෙදෙනාම නොමැති නම් පවුලේ වැඩිමහල් අය විසින්ද මුල්ගල තබනු ලැබේ. මෙහිදී බොහෝ විටම මුල්ගල තැබිය යුතු පුද්ගලයා විය යුත්තේ නිවෙස සෑදීමට මුදල් වියදම් කරන අයයි. වර්තමානයේ බොහෝ විට මුල්ගල වෙළෙඳසල්වලින් මිලට ගනී. එසේ නොමැතිනම් මුල්ගලක් සාදා ගැනීමට පුළුවන. මෙම මුල්ගලේ උස අඟල් 5ක්ද, පළල අඟල් 4ක්ද, දිග අඟල් 09ක්ද වීම සුබය. මුල්ගල තබන නැකතද නිවාස නැකැතට අයිතිය. මුල්ගල තබන දිශාව කුමක්දැයි බොහෝ දෙනකුට ගැටලුවක් වී ඇත. වැඩි දෙනෙක් ඊසාන දිශාව සුබ යැයිද තවත් අය ගිනිකොන දිශාව සුබ යැයිද පිළිගනිති. නමුත් නිවැරැදි දිශාව විය යුත්තේ ඊසාන දිශාවයි. ඇතැම් පොත්වල ගිනිකොන දිශාව මේ සඳහා සුදුසු යැයි අනුමත කරනු ලබන්නේ මුළුතැන් ගෙයයි. මුළුතැන්ගෙය සාදන තැන නිතර ගිනිගන්නා ස්වභාවයක් ඇත. තවද මුළුතැන්ගෙයින් ඉවත දමන ඉඳුල් වැනි දෙයින් එම ස්ථානය නිතර අපවිත්රවීමටද ඉඩ ඇත. ඒ නිසා නිතර අපවිත්ර වන ස්ථානයක මුල්ගල තැබීම කිසිසේත්ම සුදුසු යැයි අනුමත කළ නොහැකිය. මුල්ගල තැබීම සඳහා සුදුසු ස්ථානය ලෙස මරු නැති දිශාව යොදා ගත යුතු බව පිළිගැනීමයි. එසේ නම් මරු නැති දිශාව ලෙස ඊසාන දිශාව තෝරාගෙන ඇත. මෙම මුල්ගල ප්රධාන උළුවස්සට හෝ නිතර පෑගෙන ස්ථානයක තබනු නොලැබේ. තවද වැසිකිළියක් හා ගවර වළක් ආසන්නයේදීද මුල්ගල තැබීම නොකළ යුතුය. මෙසේ අපිරිසුදු ස්ථානයක් ආසන්නයේ මුල්ගල තැබීමෙන් නිවෙසේ සිටින අය අතර සමඟිය නැතිවීම මෙන්ම නිවෙසේ දියුණුවද නැතිවෙයි. එසේම මුල්ගල තබන අවස්ථාවේදී පිරිත් සජ්ජායනයද සුදුසු බව දෛවඥකාම ධේනුව පොතෙහි සඳහන් කර ඇත. මුල්ගල තබන විට මුල්ගල තුළ ඉඩ ඉතිරි වී තිබේ නම් වී වැනි දෙයකින් එම අඩුව පිරවි යුතුය. මෙම කටයුත්තද පුර පක්ෂයේ සුබ දිනයක කිරීම වැදගත්ය. ජලවක, නවවන, අටවක, තුදුස්වක හා පසළොස්වක දින මේ සඳහා සුදුසු නැත. රාහු කාලයද මඟහැරිය යුතුය. කෝණ මාසවලද මෙම නිවාස නැකැත්වීම අසුබය. තවද නිවාස සාදනු ලබන භූමියේ සිටින භුත කොටස් හා අමනුෂ්ය දෝෂ ආදිය ඉවත් කර ගැනීමට සුවඳ දුම් අල්ලා පරිසරය සුවඳවත් කළ යුතුය. දෙවියන්ට පින් අනුමෝදන් කර දේවාශීර්වාදය ලබාගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk