Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල ඔක්තෝම්බර් 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වා

1 year ago 7 Min read
Subha.lk
01.මේෂ - අනාගතය ගැන සිතා යම් යම් ආයෝජනයන් කිරීමට අදහස් ඇතිවන බවත් මේෂ රාශියේ ග්රහ ගෝචරයෙන් පෙන්නුම් කරයි. එහෙත් එම කටයුතු වල ප්රතිඵල ලැබීමට වසර දෙකක් පමණ ගතවෙනු ඇත. එසේම රහසිගතව, අප්රසිද්ධව යම් යම් කටයුතු වලට මුදල් වියදම් කිරීමටද සිදුවිය හැකිය. විශේෂයෙන්ම පුණ්ය කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ. අසරණයන් වෙනුවෙන් උදවු කිරීමට සිතෙන කාලයකි. බොරු චෝදනාවන් අසන්නටද සිදුවිය හැකිය. පිට පළාතක සිටින්නේ නම් කනගාටුදායක සිදුවීමක් හේතුවෙන් ගමට යන්නට සිදුවනු ඇත. දුරබැහැර ගමන් බිමන් වැඩිවිය හැකිය. අතහැරදමා තිබුණු යම් යම් කටයුතු නැවත ආරම්භ කිරීමට යහපති නැතිවී ගිය රැකී රක්ෂා නැවත ලැබෙන්නට පුළුවන අවුල් සහගතව තිබුණු දේපළ ප්රශ්නවලට තරමින් හෝ සතුටුදායක විසඳුමක් ලැබිය හැකිය. දේශපාලකයන්ට මහජන අප්රසාදය වැඩිවීමට පුළුවන හිසේ ආබාධ, සෙම් රෝග, වාත රෝග නිතර නිතර ඇතිවිය හැකිය. සුබ දිනය සඳුදා, සුබ වර්ණය දම් පාට, ජය අංක - 07, 16............. 02.වෘෂභ - නැති වි ගිය රැකියාව හා යම් යම්වස්තූන්ද නැවත ලැබෙන කාලයක් වෘෂභයට උදාවේ. අසනීපයෙන් සිටියේ නම් එයින් සුවය ලැබීමට හැකිවනු ඇත. බොහෝ කරුණුවලින් ලාභ අත්විය හැකිය. ඉතා යහපත් මිතුරු මිතුරියන් ලැබෙන අතර බොහෝ කාලයක් යනතුරුම ඔවුන්ගෙන් ප්රයෝජන ලැබෙනු ඇත. දේපළ ඉඩකඩම්වලින් ලැබෙන ආදායම වැඩිවේ තත්ත්වය උසස්වේ. අත්වේ. සිතට ප්රීතිය ගෙනදෙන සැනසිලිදායක තියකි. වෙළෙඳ ව්යාපාරවලින් පසුගිය කාලයට වඩා වැඩි ලාභයක් උපයා ගැනීමට හැකිවේ. ගෙදර දොර සැනසිලිදායක කාලයක් ආරම්භ වේ. ආදායම ක්රමයෙන් වර්ධනය වනු ඇත. දූ දරුවන්ටද යහපත උදාවේ. ගරු සැලකිලි ලැබේ. ගෙවල්වල වැඩකටයුතු කරන්නට සිටියේ නම් ඒ සඳහා යහපත් සතියකි. ගොවිතැන් කරන අයට ඉතා හොඳින් වැඩ කටයුතු ඉටුකර ගත හැකිය. කලක සිට සිතේ තිබුණු බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමටද හැකිවේ. පවුලේ අයකුට දරුපල ලැබෙන බවක්ද පෙන්නුම් කරයි. සුබ දිනය- සෙනසුරාදා, සුබ වර්ණය තද නිල්, ජය අංක 08, 17.............. 03.මිථුන - තරුණ තරුණියන්ට විවාහ යෝජනා පැමිණිය හැකි කාලයක් උදාව ඇති බව මිථුන රාශියේ ග්රහ ගෝචරයෙන් පෙන්නුම් කරයි. තරග විභාග ආදියට ඉදිරිපත් වීමට සිටී නම් දිවා රෑ නොබලා මහන්සි වීමට සිදුවනු ඇත. පවුලේ වැඩිහිටියකුට ආධාර උපකාර කිරීමට සිදුවිය හැකිය. දරු දැරියන්ගේ උසස්වීමක්ද බලාපොරොත්තු වීමට පුළුවන. යම්කිසි ශාස්ත්රයක් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසේ. තම තත්ත්වයට, ප්රමාණයට වඩා ලොකු වැඩ කරන්නට යෑම නිසා පරාජයට පත්ව නින්දාවක් විඳීමට සිදුවිය හැකි බැවින් සෑම තැනදීම හොඳට සිතා බලා ප්රවේශමෙන් ඉවසිලිවන්තව ක්රියා කිරීම වටියි. ශරීර සනීපය තරමක් අයහපත් වීමට ඉඩ ඇත. රැකියාවේ උසස් වීම් අපේක්ෂා කරන කාලයකි. නව රැකියා සොයන්නට ද සිදුවේ. උසස් අය හා ආරවුල්වල පැටලීමට පුළුවන ස්ථාන මාරුවක් ද පෙන්නුම් කරයි. ගොවිතැනින් අපේක්ෂිත ලාභ නොලැබී යාහැකිය. ඥාතීන්ගෙන් දොස් ඇසීමට සිදුවේ. හදිසි මුදල් ලැබීමකටද මේ අතරම ඉඩ පවතියි. සුබ දිනය - සිකුරාදා, සුබ වර්ණය - ළා නිල් පාට, ජය අංක - 06, 15............. 04.කටක - වන්දනා ගමනකට හෝ විනෝද ගමනකට සහභාගි වීමට කටක රැසින් උපන් ඔබට හැකි වන බවක් පෙන්නුම් කරයි. සමහරවිට මුහුදේ හෝ වෙනත් ජලාශයක ගමන් කිරීමටද හැකිවේ. ඉගෙනීමේ යෙදී සිටින ශිෂ්යයන්ට අලුත් උසස් දේ ඉගෙන ගැනීමට අවස්ථාව උදාවේ. විභාගවලින් ජයගත හැකිවේ. වෙනත් භාෂාවන් ඉගෙනීමට ද යහපති. කලත්රයාගේ පවුලේ අය හා ආශ්රය වැඩිවනු ඇත. ඔවුන්ගේ උපකාර ලැබීමටද භාගය හිමිවේ. පිටස්තර අය හා කරන ගනුදෙනුවලින් ලාභ අත්විය හැකිය. පියාටත් ගුරුවරුන්ටත් ඉතා සුබ කාලයකි. පිට පළාත්වල සැරි සැරීමෙන් වාසනාව උදාකරගත හැකිය. වෙනත් පළාතක වාසයට යෑමටද සුදුසුය. ආගම් භක්තිය, දේව භක්තිය වැඩිවනු ඇත. මුදල් ලාභ ලැබෙනු ඇත. අනුභාවය පවත්වා ගැනීමට හැකිවේ. රජයෙන් උදවු උපකාර, ගරු සැලකිලි ලැබිය හැකිය. ක්රියාවෙහි දක්ෂ බවක් පෙන්නුම් කරයි. සිත් සතුටට නිතර කරුණු යෙදෙනවා ඇත. තරුණ තරුණියන්ට එකවර පෙම් සබඳතා ඇතිවිය හැකිය. සුබ දිනය - බ්රහස්පතින්දා, සුබ වර්ණය සුදු පාට, ජය අංක - 09, 36............... 05.සිංහ - වෙළෙඳ ව්යාපාර සාර්ථක කරගත හැකි සතියක් සිංහ ලග්න හිමියන්ට උදාවෙමින් පවතියි.මැදිවියේ කාන්තාවන් සමඟ හිතවත්කම්, බැඳීම්, ආශ්රයන් ඇති වීමට නියමයි. සමාජ ආශ්රයට ළැදිවේ. අලුත් මිතුරන් ලැබීමට පුළුවන, අමාශයේ හෝ අධෝමාර්ගයේ ආබාධයක් ඇති වීමට වැඩි ඉඩක් පවතියි. කනගාටුවට කරුණක් ඇතිවිය හැකි අතර රාජ දඬුවම් ලැබීමටද ඉඩ ඇත. දරුවකුට විපතක් හෝ දරුවකුගෙන් ඈත්වීමක් සිදුවිය හැකිය. ගමන් බිමන් අධික කරයි. එහෙත් ප්රයෝජන අඩුය. හදිසි අනතුරුවලින් දැඩිව ප්රවේශම් වියයුතුය. චෝදනා අපවාද අපකීර්තිය පැතිරයන කාලයකි. වරින් වර සතුරු උවදුරු ඇතිවීමට පුළුවන. ඥාතීන් සමඟත් ඇසුරු කරන්නන් සමඟත් ආරවුල් පැනනඟින්නට ඉඩ තිබේ. සිතේ අසතුටට කරුණු යෙදෙනු ඇත. නීතිමය කටයුතු වලින් හෝ නඩු කටයුතුවලින් අවාසි වීමට පුළුවන. විවාහ සහකරුගේ සහයෝගය හා ආධාර උපකාර නිතර ලැබෙනු ඇත. ලාභ ප්රයෝජනද ගෙනදේ. කෙසේ නමුත් යහපත්ව විසීම මැනවි. සුබ දිනය - ඉරිදා, සුබ වර්ණය - නිල් පාට, ජය අංක – 04, 13............... 06.කන්යා- ගෙදරදොර වාසනාවන්ත කාලයක් උදාවන බව කන්යා රාශියේ ග්රහගෝචරය අනුව පෙන්නුම් ඉදිරිපත්වනු ඇත. නිසි වයසේ සිටින අයට මංගල යෝජනා ව්වාහ සිදුවීමද සාර්ථක ගිවිසගැනීම්ද සිදුවිය හැකිය. පෙම් සබඳතාද ඇති කරයි. පුත්ර ලාභද සිතට කයට සැප එළවන බොහෝදේ ලැඛෙන්නට පුළුවන. හොඳ ආහාරපාන හා වාහන පහසුකම් ලැබෙන සතියකි. අනුමානයට කරන වැඩකටයුතු පවා සාර්ථක වනු ඇත. නීතිමය ප්රශ්නවල පැටලෙන්නට පුළුවන. ආදායම ඉහළ යන ලකුණු ඇත. ඇලංකාරයටත් සැප පහසුවටත් වුවමනා කරන දේ ලැබිය හැකිය. කලක සිට බලාපොරොත්තු සිටි යමක් ඉටුවීමට නියමයි. ඥානය දියුණුවේ. තම ආයතන ප්රධානීන්ගේ ගෞරවයට හා සැලකිල්ලට ලක්වන කාලයකි. විවාහයට යහපත් වේ. අනුන් සමග හොද සහ සම්බන්ධයකින් යම් යම් ව්යාපාර කිරීමට සුදුසුය. ගෞරවය කෙලෙසන වැඩවලට සිත යාහැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න. සුබ දිනය සඳුදා, සුබ වර්ණය - දම් පාට, ජය අංක - 7,25................ 07.තුලා - තම සිත අසතුටට පත්වෙන කරුණු නිවෙස තුළ ඇතිවන බවක් තුලා ලග්න හිමියන්ට මේ සතියේ දැනෙනු ඇත. කනගාටුදායක තනිවූ කාලයක් බවද දැනෙන්නට පුළුවන. නමුත් ඒ තනිකමම ඔබව ප්රයෝජනවත් ක්රියාවලට යොමුකරන්නට ඉඩ ඇත. සතුරු කරදර නිසා හෝ ඇසුරු කරන හිතවතුන් සමඟ ඇතිකර ගන්නා අමනාපයක් හේතුවෙන් සිටි තැනින් ඉවත්ව යන්නට පවා සිදුවිය හැකිය. සිතට කයට සැප ඇති කරන දේවලින් ඈත්වන්නට හෝ ඒවා නොලැබීයන්නට ඉඩ පවතියි. වාහන ගමන් වලට පහසුකම් සැලසේ ලාභ ප්රයෝජන තරමක් අඩුවන බවක් දැනෙනු ඇත. රැකී රක්ෂා මෙන්ම මුදල්ද හානි විය හැකිය. ශරාබාධද ඇති කරයි. රැකියාවෙන් අස්වී යෑමට සිතෙන තරම් ගැටලු ඇතිවිය හැකිය. දූ දරුවන්ට අසනීප හෝ ඔවුන්ගෙන් ඈත්වන්නට ඉඩ තිබේ. සිතට බියක් දැනෙන්නට පුළුවන් කාලයකි. ආගන්තුකයන්ගෙන්, අමුත්තන්ගෙන් තම දියුණුවට සහයෝගය ලැබේ. වෙළෙඳ කටයුතු සාර්ථක කරගත හැකිය. සුබ දිනය - සෙනසුරාදා, සුබ වර්ණය - අළු පාට, ජය අංක - 17, 26............... 08 .වෘශ්චික - උසස් රැකියාවලටත් නිලතලවලටත් පත්වීමට ලැබිය හැකි කාලයක් උදාවෙමින් පවතියි. නොයෙක් කටයුතුවලින් ලාභ ලැබෙනු ඇත. සුළු වශයෙන් හෝ ධනලාභ ලැබෙනු ඇත. වෙළෙඳ ව්යාපාර ආදියද යහපත් වේ. ආදායම් හොඳ වනු ඇත. වාසනාවන්ත තත්ත්වයකට හෝ තැනකට යෑමට අවස්ථාව උදාවිය හැකිය. අදහස් ඉෂ්ට වන කාලයකි. සතුරන් මැඬ ඉදිරියට යන්නට හැකිවේ. ආරම්භ කරන කටයුතු වැඩි දියුණුවන ලකුණු. අනාගත දියුණුව වෙනුවෙන් යම් දෙයක් කරන්නට අදහස් ඇතිවන අතර එම කටයුතු සාර්ථක වීමට ඉඩ තිබේ. ප්රේම සම්බන්ධතා ඇතිවීමටත් හේතුයි. ගව මහීෂාදී සතුන් ද ලැබෙන බවක් පෙන්නුම් කරයි. උත්සාහයන්ගේ ප්රතිඵල ලැබෙනු ඇත. යටත් සේවකයන් සමඟ මනා සම්බන්ධතාවක් ගොඩනඟා ගනු ඇත. තමාටත් දූ දරුවන්ටත් නිරෝගී සුව ලැබෙන කාලයකි. කලක සිට සිතේ පැවැති කරදරයකින් නිදහස් වීමට අවස්ථාව උදාවෙනු ඇත. සුඛ දිනය සිකුරාදා, සුබ වර්ණය - නිල් පාට, ජය අංක - 06, 15............. 09.ධනු - තම ආදායම අඩුවී ණය බර වැඩිවීමට ඉඩ ඇති බවක් ධනු රාශියේ ග්රහ චාරය පෙන්නුම් කරයි. නෑදෑයන්ගෙන් කරදර ඇතිවිය හැකි කාලයකි. දෛනික ක්රියා කලාපයේ වෙනසක් සිදුවිය හැකිය. දුර්වල හෝ පහත් අය හා ආශ්රයට වැටෙන්නට ධන පුළුවන. ඔවුන් නිසා දුක් කරදර හා අලාභ හානිද ඇතිවිය. හැකිය. ගොවිතැන්වලින් අපේක්ෂිත අදායම නොලැබී යනු ඇත. ළඟින්ම ඇසුරු කළ කෙනෙක් නිසා හෝ පිටස්තරින් තමන් සිටි තැනට පැමිණි කෙනෙක් නිසා කරදරයකට මුහුණ පාන්නට සිදුවිය හැකිය. මේ දිනවල විවාහ ගිවිසුම් ආදියෙන් රැවටීමට ලක්වීමට පුළුවන, එබැවින් විවාහ ගිවිසුම් හා ආදර බැඳීම්වලට අසුබවන්නට පුළුවන. අධි රුධිර පීඩනය, රත්පිත වැනි රෝගයන්ද ඇති කරයි. මිලට ගැනීම හා විකිණීම වැනි කටයුතුවලින් ලාභ ලැබෙන කාලයකි. ඉඩකඩම්, දේපළ ආදිය නිසා විශේෂයෙන් ලාභ ගෙනදෙනු ඇත. වාහන පිළිබඳ ලාභ ලැබෙන බවක්ද පෙන්නුම් කරයි. තමා සිටි තැනින් නැගෙනහිරට හෝ බටහිරට යන්නට සිදු විය හැකිය. සුබ දිනය - බ්රහස්පතින්දා, සුබ වර්ණය - ක්රීම් පාට, ජය අංක - 06. 24................ 10.මකර - ශරීර සෞඛ්යයට නම් එතරම් සුබ තත්ත්වයක් උදාවේයැයි මකර රාශියේ ග්රහ ගෝචරයෙන් නොපෙනේ. යම් අසනීපයක් තිබුණේ නම් එය උත්සන්න වන ලකුණු ඇති බැවින් ප්රතිකාර කටයුතු පිළිබඳව දැඩිසේ උනන්දු වන්න. පදිංචිය වෙනස් කිරීමට හෝ උපන් ගම හැරයෑමට තරම් සිතෙන අවධියකි. ගෙදරට පැමිණි විට සිතට කිසිදු ප්රීතියක් නොදැනෙන තරමට ප්රශ්න හා කරදර බොහෝ පැවැතිය හැකිය. මුදල් අතින් තරමක් අසීරු සතියකි. අතේ තිබෙන මුදල්ද නිකරුණේ වියදම් වීමට ඉඩ ඇත. අනුමානයට වැඩ නොකළ යුතුය. පරාජයට පත්විය හැකිය. හිතවතකුගේ විපතක් හෝ විනාශයක් අසන්නට සිදුවේ. සමහර විට එවැනි අයෙක් තමන්ගෙන් දුරස් වීමට හෝ හැරදමා යෑමට ඉඩ ඇත. චෝදනා අපවාද නිකරුණේ නමුත් අසන්නට සිදුවේ. අහේතුකව ඇවිදීමට සිදුවේ. පවුලේ අයට තමන්ගෙ උපකාර වැඩි විය හැකිය. සමහර විට සහෝදරයකුට උසස් වීමක් හෝ තනතුරු ලැබීමක් සිදුවේ. සුබ දිනය – සඳුදා, සුබ වර්ණය :- සුදු පාට, ජය අංක - 16, 25............... 11.කුම්භ - ගරුනම්බු ලැබීම්, මිල මුදල් ලැබීම්, ආදායම වැඩිවීම්, වැටුප් වැඩිවීම්, ඥානය දියුණුවීම් වැනි බොහෝ සුබපලයන් කුම්භයට පෙන්වාදිය හැකි සතියකි. සැපවත් කාලයකි. රසවත් ප්රණීත ආහාරපාන ලැබීමට හේතුයි. උත්සව පවත්වන්නට හෝ සහභාගි වන්නට හැකිවේ. ඥාති මිත්රයන් තමන් සොයාගෙන එනු ඇත. ඔවුන්ගෙන් උපකාරද ලැබේ. ශුද්ධ භූමිවල සැරිසරන්නට හැකිවේ. විභාගවලින් ජය පෙන්නුම් කරයි. රැකියාවේ උසස්වීම් තනතුරු ලැබීම් සහිතයි. ශරීර සනීපය යහපත් වේ. වටිනා දෙයක් මිලදී ගැනීමට සිතේ සමහර විට දරු උපතක් සිදු වීමට ඉඩ ඇත. සුදුසු වයසේ පසුවන්නන්ට ස්ථිර මංගල යෝජනා ඉදිරිපත් වේ. තරුණ තරුණියන්ට ප්රේමණීය ඇරැයුම් ලැබෙනු ඇත. ස්ත්රීන්ගේ ආකර්ෂණයට ලක්වේ. ආරම්භ කරන හෝ භාරගෙන කරන වැඩවලින් දියුණුවද ජයද ලැබේ. විවාහක අයගේ රියට හෝ සැමියාට ධන ලාභ, වස්තු ලාභ සහිත කාලයකි. අලුත් තත්ත්වයක් උදාවනු ඇත. ප්රීතිමත් ගමන් බිමන් යෙදේ. සුබ දිනය - සෙනසුරාදා, සුබ වර්ණය - කළු පාට, ජය අංක - 08, 35................ 12.මීන - තමන් ආශ්රය කළ හිතවතකු පිළිබඳ අසුබ ආරංචියක් අසන්නට සිදුවන බව මීන ලග්නයෙන් පෙන්නුම් කරයි. වියදම් අධික විය හැකිය. අනුන් වෙනුවෙන් කරන වියදම් ඉහළ යයි. රැකියාව පිළිබඳව හෝ පදිංචිය පිළිබඳව වෙනසක් සිදුවිය හැකිය. රැකී රක්ෂා හෝ තනතුරු උසස්වීම් පිළිබඳව ගන්නා උත්සාහයන් නිෂ්ඵල විය හැකිය. නොයෙකුත් කරදර එක පිට එක පැමිණිය හැකි බවක් පෙනේ. සතුරන් මෙන්ම ඊර්ෂ්යාකාරයන්ද ඇතිවිය හැකිය. සමහර විට මොවුන් තමන්ගෙන් අප්රමාණ උදවු උපකාර ගන්නවුන් විය හැකිය. අතින් රැකියා හෝ ව්යාපාර සෙවීමට වඩා දැනට තිබෙන දේ පමණක් හොඳ සිහිකල්පනාවෙන් කරගෙන යායුතු කාලයකි. පවුලේ අයගෙන්ම තමාට නොහොබිනා කතා අසන්නට සිදුවිය හැකිය. උසස් අයකුගේ පිහිට හෝ උපකාර සොයා යෑමට සිදුවේ. ශරීරය කෘශ වේ, දුර්වල වේ. නැතහොත් අසනීපයක් වැලඳීමට ඉඩ ඇත. මධුමේහය, රක්තහීනතාව වැනි රෝග ඒ අතර ප්රධාන වේ. මංගල යෝග උදාවීමට හේතුයි. සුබ දිනය - බ්රහස්පතින්දා, සුබ වර්ණය - රතු,පාට, ජය අංක - 09,18..............

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk