Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරාගේ අපල නැතිකරන සෙනසුරු පුජාව

1 year ago 7 Min read
Subha.lk
සෙනසුරාදා දින උදේ 6ත් 7ත් අතර සෙනසුරුගේ දින කාල හෝරාව පවතින කාලය තුළ මෙය තබන්න. ඊට කලින් මුට්ටියක් ගෙන ආතුරයාගේ අතින් හාල් මිටවල් 9ක් දමා ඊට තල, උඳු, පොල්කිරි, ගිතෙල්, නිල්පාට වීමට කලරින් වර්ගයක් දමා බත උයන්න. මෙම බත ගුළි 9කට ගුළි කර ගන්න. වට්ටියක් ගෙන නිල් රෙදි කඩක් එළා ඒ මත නුග කොළ 9ක් තබා නුග කොළ මත බත් ගුළි තබන්න. ගිතෙල්වලින් පොඟවන ලද පහන් 9ක් ගෙන දල්වා බත් ගුළි උඩින් තබන්න. මීතෙල්වලින් පහනක් දල්වා වට්ටියෙන් තබන්න. මෙම තටුව ගෙට බස්නාහිර පැත්තෙන් බිම සිට අඩි තුනහමාරක් උසට සිටින සේ මැස්ස තනා ඒ මත තබා පහත සඳහන් ගාථාව 9 වරක් කියන්න. නීලාංජන සමාභාෂං රවි පුත්රං යමාග්රඡම් ඡායා මාර්තණ්ඩ සම්භූතං තං නමාමි ශනෛශ්වරං මෙසේ සෙනසුරාදා දින 9ක් ඉදිරියට තබන්න. යළිත් මාස 5ක් ගතවූ තැන එසේ දින ගණන තබන්න. සෙනසුරාගේ අපල කාලය ගෙවන තුරු විටින් විට මෙය තබන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk