Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අපායක් වූ නිවසේ අබු -සැමි සමගිය වඩවන විස්මිත ශාන්තියක්..

1 year ago 7 Min read
Subha.lk
විවාහ දිවියට එළඹුණු පසු ස්ත්රී/පුරුෂ කවුරු වුණත් කැමැති තමාගේ සොඳුරු කැදැල්ල තුළ සතුන් සර්වදානයෙන් කාලය ගත කිරීමටයි. නමුත් බොහෝ දෙනා මෙම තත්ත්වයෙන් බැහැරව, තම තමන්ට ආවේණික වූ වෙනත් පැතිකඩයන් සොයා යන්නේ අනේක විධ වාසි ප්රයෝජන පතාගෙනය. හමුත් මේ තත්වය යහපත් පවුල් ජීවිතයකට සුසු දෙයක් නම් නොවේ. එනිසා විවාහයක් සිදුවූවාට පමණක්ම නොව, එය දීර්ඝකාලීනව පවත්වාගෙන යෑමේ අවශ්යතාවද දෙපාර්ශ්වය මැනවින් තේරුම් ගත යුතු වන්නේය. ස්ත්රිය නිවෙස තුළට පායන්නා වූ චන්ද්රයා වැන්නේය. ඇය දරුවන්ගේ අවශ්යතාවන්, ස්වාමියාගේ අවශ්යතාවන් හඳුනාගෙන නිසිලෙස ගළපා සොයා බලා කටයුතු කරයි. පුරුෂයා බලවත් සූර්යයා වැන්න. තම ස්වාමි දියණියට, දරුවන්ට අවැසි ආරක්ෂාව, සුව පහසුව වගේම ආර්ථික බලවත් භාවයද ලබා දෙන්නේ ඔහුයි. එනිසාම ඔහුගේ යහපත් පැවැත්මත්, අවශ්යතාවත් සොඳුරු නිවෙසකට බලවත්භාවය එක් කරන්නකි. නමුත් වර්තමානයේ බොහෝ නිවෙස්වල විවාහ වන අවධියේ පැවැති සොඳුරු සුමිහිරි අත්දැකීම් පෑල දොරින් පිටව ගොසිනි. නිවෙසේ දෙදෙනාට එකක්ව පැවැති ප්රධාන නිදන කාමරය පවා දැන් දැන් දෙදෙනාට දෙකක් බවට පත්වෙලා. ස්ත්රිය කියන බසට පුරුෂයාගේ නම්යශීලීත්වයත්, පුරුෂයාගේ බසට ස්ත්රියගේ නම්යශීලීත්වයත් බොහෝ ඈතට ගිහින්. එකිනෙකාට එකිනෙකාගේ වැරදි අඩුපාඩු වැඩි වැඩියෙන් දැන් දැන් පෙනෙන්නට පටන් අරන් විශ්වාසය අවශ්යම තැන අවිශ්වාසය දලු ලන්න පටන් අරන්. දරුවන්ගේ අධ්යාපන කටයුතු පවා කඩා වැටෙන්න මෙය ප්රබල හේතුවක් බවටද පත්වෙනවා. මෙවන් ආකාරයේ පවුල් සංස්ථා වර්තමානයේ බොහෝ සෙයින් පවත්නා බව මාගේ අත්දැකීමෙන්ම සිහිපත් කළ යුතුය. එසේම ඇතමුන් සියදිවි අහිමි කරගන්නා අවස්ථාද අනේක බව තවදුරටත් සිහි ගැන්විය යුතුය. නමුත් බුද්ධිමත් දෙපාර්ශ්වයක් එක්ව බැඳුණු අවස්ථාවක මෙවැනි අශුභකාරීත්වයන් දිවියට එක්කර ගත යුතු වන්නේද? කෙසේ නමුත් මෙසේ ගෝචරයෙන් පවත්නා ප්රබල ගැටලුවක් වන, ඔබේ නිවෙසේ සොවින් තැවෙන අඹු-සැමි ඔබ වෙනුවෙන් ඔබගේ සිතට බලවත් සහනය ගෙන දෙමින් මෙම මතුව වැඩෙන ගැටලුකාරීත්වයන් අවම කොට සොඳුරු කැදැල්ලක් තනා ගන්නට ශාස්ත්රිය බලවත් භාවයෙන් යුක්ත ක්රමවේදයක් ඔබ වෙත ගෙන එන්නේ සතුටිනි. ඉතා පැරණි ගුප්ත ශාස්ත්රීය අත්පොත්වලද, නිරන්තරයෙන් හමුවන මෙම බලවත් මෙන්ම යහපත් ක්රමවේදය නිසි ලෙසින් සිදුකොට ගතහොත් උච්ච ඵලය නෙළා ගැනීමට ඉක්මනින්ම හැකිවනු ඇත. ගැටලුවෙන් මිදෙන්නට බලවත් අවශ්යතාව පවතිනා ඔබ ස්ත්රී හෝ පුරුෂ හෝ වේවා මේ සඳහා නිවෙසින් පිටත ජලය ශබ්ද නඟා ගලා යනු ලබන ඇළක් - දොළක් ආශ්රිත ස්ථානයක් යොදාගත යුතුය. එසේම පුරුදු පරිදි නිවෙස තුළ සකසන මල් බුලත් තව්ව හෙවත් මල් යහනාව මෙවර මුලින් කී ජලාශ්රිත ස්ථානයේ සකසා පිළියෙල කරගත යුතු වන්නේය. පුර පක්ෂයේ දිනක, රාහු කාලය පරයා, මරුට පිටුපා යහන ළඟ හිඳ ගනිමින්, යහනට පාට පහක් මල්ද, අබ තෙල්, තල තෙල්, එළඟි තෙල්, තැඹිලි තෙල් ආදී පහන් හතරක්ද දල්වා යහන මධ්යයේ සුදු අරලිය මල් දෙකක් තබන්න. පලුදු නොවූ අරලිය මල් ද්විත්වය ජීවම සඳහා යොදාගන්න. කාර්ය සාධනය පතා ජීවම් කළ යුතූ මන්ත්රය සුහිතා මහිතා ලෝහිතා කුත්තා අල්ලාටු කේටු හමියා හනුමා හනුමන්තා හබ්බිල්ලා හම් අම්මා හුම්මා සල්ලි වසල්ලි ආරුල සුලිකා සෙයියකා මොහුමා දිවා අල්ලන් ආලි මොහුමත්,දැන් තඹ පත්රයක දෙදෙනාගේ නම් පැහැදිලිව ලියා, ජන්ම දිනයද සඳහන් කරමින් එයද යහනේ තබා ඊට උඩින් සුදු හඳුන් කුඩු අතුරන්න. තුන් පට කපු නූලක් ගෙන තුනට නමා අරලිය මල් දෙකෙහි නැටි දෙක එකට තබමින් එකිනෙකට වෙලා එකෙනෙහි පටන් ජීවම් කිරීම ආරම්භ කරන්න. හොඳින් යහනට සාබ්රාණි හා සුවඳ දුම් අල්ලන්න. අඩුම තරමින් 108 වාරයක් ජීවම් කළ යුතු අතරම, ජීවම් කිරීම අවසානයේදී තඹ පත්රයද, පහන් හතරේ තෙලින් පොඟවා සිලින්ඩරාකාරව ඔතා එයද තුන්පට කපු නූලකින් ගැට ගසා නූලේ කෙළවරක් අරලිය මල් ද්විත්වයේ නැට්ටේ ගැට ගසන්න. කටයුතු අවසානයේ දෙනාගේම ශුභ නැකැත් සිහුම් ගළපා ශුභ වේලාවකදී අරලිය මල් ද්විත්වය සහිත රෝල් කළ තඹ පත්රය බිමට නොවැටෙන පරිදි නිවෙසේ වහලයට විසි කරන්න. සතියක් වැනි ආසන්න කාලසීමාවකදී උසස් ප්රතිඵලයකට හිමිකම් කියන්නට හැකියාව පවතිනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk