Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජෝතිෂ්යය දුන්නේ දෙවියන්ද ?

1 year ago 7 Min read
Subha.lk
බොහෝ විට පුරාවිද්යාවට මූලාශ්ර වන්නේ ජනශ්රැතීන්ය. ඒවායේ සුලමුල සොයා යෑමේදී සත්යතාව පසක් වේ. වාස්තු විද්යාව මිනිසාට අනාවරණය කරන ලද්දේ විශ්මකර්ම දෙවියන් විසින් යැයි විශ්වාසයක් පවතියි. ඒ මය නමැති සෘෂිවරයාටය. එය බොහොදෙනකු පිළිගන්නකි. වසර පන්දහසකට පමණ පෙර ලංකාවේ විසූ රාවණ රජතුමා පිළිබඳව නොඇසූ කෙනකු සිටිය නොහැකිය. එතුමාට හිස් දහයක් තිබුණේ යැයි සැලකූ හෙයින් දසිස් යනුවෙන්ද හැඳින්විණි. එහි අර්ථය වන්නේ රාවණ රජතුමා විෂයයන් දහයක් සම්බන්ධයෙන් අතිදක්ෂයකු වූ බවයි. ආර්ථික විද්යාව, තාරකා විද්යාව හා ජ්යොතිෂය ඉන් කිහිපයක් ලෙස සැලකේ. රාම - රාවණා යුද්ධය සිදුනොවන්නට ඔහු විසින් විශ්වයම ජය ගන්නට ඉඩ තිබූ බව බොහෝදෙනකුගේ විශ්වාසයයි. මේ බව දැනගත් විෂ්ණු දෙවියන් රාමා නමින් උපත ලැබූ බවටද විශ්වාසයක් තිබේ. රාවණ රජු එවකට දඬුමොනර යන්ත්රයෙන් ලොව පුරා සැරිසැරූ බව විශ්වාස කළ හැකි සාක්ෂියක් ලෙස පේරු රාජ්යයේ දැකිය හැකි සෙල් චිත්රය දැක්විය හැකිය. විවෘත ගුවන් යානාවකින් අහසේ ගමන් ගන්නා මිනිසකුගේ රුවක් එහි කොටා තිබේ. හිසකෙස් සුළඟට හසුව පසුපසට විහිදෙන හෙයින් යානය යාත්රා කරමින් තිබෙන බව පැහැදිලිව සිතා ගන්නට පුළුවන. එසේනම් රාවණා රජු පේරු දේශයට ගමන් කොට තිබිය යුතුය. එසේ නැත්නම් ආදි පේරු වැසියන් ලක්බිමට පැමිණියේ යැයි සිතන්නට සිදුවේ. එහෙත් පාතාලය ලෙස හැඳින්වූ ඇමෙරිකා මහාද්වීපයට හෙළයන් ගොස් වාරි කර්මාන්තයට අවශ්ය කටයුතු සැලසුම් කළ බවට ඉතිහාසඥයෝ විශ්වාස කරති. රාවණ යුගයේ හෙළදිව හා ලොව අන් රටවල් සමඟ පැවැති සම්බන්ධතාව කදිමට ඔප්පු කරන්නා වූ සෙල් පුවරුවක් අනුරාධපුරයේ රන්මසු උයනෙන් දැක ගත හැකිය.අනුරාධපුරයට වන්දනාමාන සඳහා ගියත් වැඩිදෙනකු එහි යන්නේ නැත. උයනේ දොරටුවෙන් ඇතුළුව මඳ දුරක් යන විට වම්පස ඇති පොකුණක් වැනි ස්ථානයක ඇති ගල්පුවරුව කුමක් සඳහා කවුරුන් විසින් තනන ලද්දේදැයි මේ දක්වා හඳුනාගෙන නැත. කෙසේ වෙතත් එවැනිම සෙල් පුවරුවක් ඊජිප්තුවේ ද දක්නට ලැබෙන බව කියැවේ. බොහෝදෙනකු විශ්වාස කරන්නේ විශ්වයට අවතීර්ණ විය හැකි සලකුණක් හෝ දොරටුවක් බවය. දෙවනුව ඊජිප්තුවේ පිරිමීඩ ගොඩනඟා ඇත්තේ ඔරායන් (දඩයක්කාරයා) තාරකා මණ්ඩලයේ ප්රධාන තරු තුන ( දඩයක්කාරයාගේ බඳපටියේ විශාලතම තරු ත්රිත්වය) අනුව යැයි පැවැසේ. අනුරාධපුරයේ රුවන්මැලි සෑය, අභයගිරිය හා ජේතවනාරාමයද නිමවා ඇත්තේ එම තාරකා පිහිටීම් අනුවමය. රුවන්මැලි මහා සෑය, සඳහා අවශ්ය ගඩොල් වනාන්තරයක තිබෙනු දුටු වැසියකු ඒ බව රජතුමාට සැල කළ බව මහවංසයේ සඳහන්ය. ඒසා විශාල ගඩොල් ප්රමාණයක් මහ වනයක සාදන ලද්දේ කවුරුන් විසින්ද? විශ්වකර්ම නම් දිව්ය පුත්රයාගේ කාර්යයක් යැයි සමහරු අදහස් කරති. අප නොදන්නා යමක් පිළිබඳව කතා කරන විට දෙවියන් සම්බන්ධ කර ගැනීම ව්යවහාරයේ පවතියි. “දෙවියන්ගේ ලෙඩ" දෙයියෝ තමයි දන්නේ “ දෙවියෝ බේරුව“ වැනි යෙදුම් භාවිතයේ පැවතීම එයට උදාහරණ කිහිපයකි. පිරිමීඩයක පාදයේ පැති හතරෙහි දිග එකතු කළ විට 36,524කි. එය සියයෙන් බෙදූ විට ලැබෙන පිළිතුර වන්නේ සාමාන්ය වර්ෂයක දින ගණන හෙවත් 365.24කි. වසර දහස් ගණනකට එපිටදී පවා වසරක දින ගණන කොපමණදැයි ඔවුහු දැන සිටි බව ඉන් පැහැදිලියි. ලංකාවේ පැරණි නොදන්නා යමක් පිළිබඳව කතා කරන විට දෙවියන් සම්බන්ධ කර ගැනීම ව්යවහාරයේ පවතියි. "දෙවියන්ගේ ලෙඩ” දෙයියෝ තමයි දන්නේ “ දෙවියෝ බේරුව“ වැනි යෙදුම් භාවිතයේ පැවතීම එයට උදාහරණ කිහිපයකි. පිරිමීඩයක පාදයේ පැති හතරෙහි දිග එකතු කළ විට 36,524කි. එය සියයෙන් බෙදූ විට ලැබෙන පිළිතුර වන්නේ සාමාන්ය වර්ෂයක දින ගණන හෙවත් 365.24කි. වසර දහස් ගණනකට එපිටදී පවා වසරක දින ගණන කොපමණදැයි ඔවුහු දැන සිටි බව ඉන් පැහැදිලියි. ලංකාවේ පැරණි වාරි කර්මාන්තයද විස්මයජනකය. යෝධ ඇළේ බැස්ම සකස් කොට ඇත්තේ සැතපුමකට අඟලක් වන ආකාරයටය. පොළොවේ මට්ටම අනුව කලාවැව පිහිටා ඇත්තේ තිසා වැවට පහළිනි. සැතපුමකට අඟලක බැස්මෙන් පහළ සිට ඉහළට මෙවැනි ජල කඳක් රැගෙන ගිය බව දැකිය හැකි වුවත් හිසකෙසක් පවා පළා මනින්නට හැකි නැනෝ තාක්ෂණය පවතින වර්තමානයේ එවැන්නක් සාදන්නට නූතන විද්යාඥයන්ට හැකි වී නැත. සීගිරි ගල මුදුනට ජල සැපයුම ලබාගත් ආකාරයත් රජතුමා ගල මුදුනට නැඟුණු ආකාරයත් අද වන තෙක් අධිරහසක්ව පවතියි. ඒවා අධ්යයනය කරන්නට විදේශිකයෝ මෙරටට පැමිණෙති. ඉහතින් සඳහන් කරුණු අනුව හෙළබිම හා මිසරය අතර ඉතා ඈත අතීතයේ සිටම සම්බන්ධතාවන් පැවැති බව පිළිගැනීමට සිදුවේ. මිසරයේ රජ කළ පාරාවෝ පෙළපත පිටසක්වළින් පැමිණි පිරිසක් බවත් පිටස්තර පුද්ගලයන් සමඟ විවාහ සම්බන්ධතා පැවැත්වීම තහනම් කර තිබූ බවත් ඉතිහාසඥයන්ගේ මතයයි. එම පෙළපත විනාශ වන්නට ඇත්තේ ආවේණික ජානමය දුර්වලතා උත්සන්න වීමෙන් බවද පිළිගැනේ. මේ අනුව ඉතා ඈත අතීතයේ අප හා පිටසක්වළ ජීවීන් අතර සබඳතාවක් පවතින්නට ඇති බව සිතිය හැකිය. විශ්වකර්ම දෙවියන් ඇතත් නැතත් මිනිස් මොළයකට ගෝචර නොවන බොහෝ දේ එදා සිදුවී තිබේ. අති සූක්ෂ්ම දුරදක්න නොතිබූ ඈත අතීතයේ ඉර, හඳ, තාරකා මෙන්ම ඒවායේ පිහිටීමත් පරිභ්රමණයත් ජ්යොතිෂයෙහි ඉතා නිවැරදිව දක්වා ඇත්තේ නූතන විද්යාඥයන් විස්මයට පත්කරමිනි. ග්රහ ලෝකයන්ගෙන් පොළොවට පතිත වන කිරණ පෘථිවියට පමණක් නොව මිනිස් සිරුරටත් මනසටත් ඇතිකරන බලපෑම එහි පැහැදිලිව දක්වා තිබේ. උපතින්ම රැගෙන එන රෝග තත්ත්වයන් උපතේදීම සාදන හඳහනක් මඟින් ප්රකාශ කළ හැකි වීම එහි ප්රතිඵලයකි. මේ සියලු කරුණු කාරණා බුද්ධිමත්ව විමසීමේදී ජ්යොතිෂය අපට නොවැටහෙන යම් පිරිසකගෙන් අපට දායාද වී ඇති බව පැහැදිලිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk