උපන් දිනයෙන් කියැවෙන ඔබේ ගතිගුණ (නොවැම්බර් 21 සිට නොවැම්බර් 27

නොවැම්බර් 21
ජනප්‍රියත්වයට පත්වෙයි
නොවැම්බර් විසිඑක් වැනි දින උපත ලැබූ අයගේ චෛතසික අංකය වශයෙන් අංක තුන සැලකේ. අංක දෙක සහ අංක එක සංයෝග වීමෙන් ඇති වන ප්‍රතිඵලය අංක එක සහ අංක දෙක එක්වීමෙන් ඇතිවන ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් බව අවධාරණය කළ යුතුය. අංක විසිඑක ගුරු ග්‍රහයාගේ නියෝජනයට අයත් වේ. මෙම අංකවල ගති ලක්ෂණවලට අනුව අංක දෙක මෘදු වූ සියුම් ගති පැවතුම් නියෝජනය කරන අතර දියුණු කළ හැකි ශක්ති සම්පන්න වූ ගති ලක්ෂණ අංක එක මඟින් පැහැදිලි වේ.
මෙම ලක්ෂණ දෙකෙහි එක්වීම තුළින් නොවැම්බර් විසිඑක්වැනි දින උපත ලැබූ ජන්මීන් තම ජීවිතය හොඳින් සාර්ථකත්වය කරා ගෙන යෑමට සමත් වේ. එනිසාම මොවුන් ජනප්‍රියත්වයට පත්වේ. මෙදින උපත ලැබූ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ යෙදී සිටින ජන්මීන් තම ව්‍යාපාර ඉතා සාර්ථක ලෙස පවත්වා ගැනීමට උනන්දු වේ. ඉතා උපක්‍රමශීලී ලෙස බාධා ජයග්‍රහණය කරයි. රාජ්‍යතාන්ත්‍රිකයන් වශයෙන්ද ගැටලු නිරාකරණයේ මැදහත්කරුවන් ලෙසද කටයුතු කිරීමට මෙදින උපත ලැබූවෝ සුදුස්සෝ වෙති.
නොවැම්බර් 22
හිත මිතුරන් හා ඥාතීන් පිළිබඳව සැලකිලිමත් වන්නෝ වෙති
චෛතසික අංකය හතර වශයෙන් සැලකෙන නොවැම්බර් මාසයේ විසිදෙවැනි දින උපත ලැබූ ජන්මීන් තුළ මුරණ්ඩු, හිතුවක්කාරී ගති පැවැතුම් විද්‍යමාන කරයි. හිතමිතුරන් මෙන්ම ඥාතීන් පිළිබඳව සැලකිලිමත්වීම මොවුන්ගේ ලක්ෂණයකි. එසේ නමුදු පවුල් ජීවිතය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. බොහෝ දුරට කලත්‍රයාගෙන් වෙන් වී ජීවත්වීමට හෝ පවුලේ අයගෙන් අෑත්වී වෙනත් ප්‍රදේශයක ජීවත්වීමට රුචිකත්වයක් දක්වයි. නොවැම්බර් විසිදෙක උපත ලැබූ ජන්මීන් සතු විශේෂ ලක්ෂණය වනුයේ ඉතාමත් ප්‍රායෝගිකවූත් ක්‍රමානුකූලවූත් ආකාරයෙන් වැඩ කිරීමට පෙලඹීමයි.
රැකියාවක හෝ වෘත්තියක යෙදී සිටී නම් කාර්යශූර ලෙස සිය වගකීම් ඉටුකිරීමෙහි දක්ෂයෝ වෙති. අනෙක් අයගේ සහයෝගයෙන් තොරව කටයුතු කිරීමට ඇති අකැමැත්ත නිසා බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. මෙදින උපත ලැබූ ජන්මීන් දේශපාලනයෙහි නිරත වන්නේ නම් ඉතාමත් සාර්ථක ලෙස එම කටයුතු ක්‍රියාවේ යොදවති. ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නා වූ මෙදින උපත ලැබූවන් අන් අය පරදවා ඉතා විශිෂ්ට ලෙස තම ව්‍යාපාර හොඳින් දියුණු කරගනී.
නොවැම්බර් 23
කැපවීමෙන් වැඩ කරන්නෝය
ස¾දු ග්‍රහයා නියෝජනය කරන අංක දෙක සහ ගුරු ග්‍රහයාට අයත් අංක තුන සංයෝජනයෙන් බිහිවූ අංක විසිතුන සාර්ථකත්වය පෙන්නුම් කරන අංකයකි. නොවැම්බර් විසිතුන් වැනි දින උපත ලැබූ ජන්මීන්ගේ චෛතසික අංකය පස්වැනි අංකයයි. අංක පහ නියෝජනය කරනුයේ බුධ ග්‍රහයා විසිනි. මෙම සංයෝගයට අනුව නොවැම්බර් විසිතුන් වැනි දින උපත ලැබූ අය ඉතා බුද්ධිමත් මෙන්ම වෙහෙස මහන්සි වී කැපවීමෙන් වැඩ කරන අය වෙති.
විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාළ කරුණු ඉගෙනීමට
මොවුන් දක්ෂයෝය. කිසියම් ක්‍ෂේත්‍රයක නියැළී සිටියහොත් කැපවී කටයුතු කිරීම හේතුවෙන් සාර්ථකත්වය කරා ළඟා වීමත් ඒ නිසාම ජනප්‍රියත්වයට පත්වීමත් සිදුවේ. උසස් තනතුරු දැරීමේදී තම රාජකාරියට අදාළ වූ අධිකාරී බලය හිමිවීම මත සිය සේවක සේවිකාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වේ. එහෙත් මොවුන් සතු එකම දුර්වලකම වනුයේ නොසන්සුන් බව සහ ක්ෂණික කෝපයයි. විනෝද ගමන් යෑමටත් අන් අය අතර කැපී පෙනෙන ලෙස වැඩ කිරීමටත් රුචිකත්වය දක්වයි.
නොවැම්බර් 24
මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගනී
ස¾දු ග්‍රහයාට හිමි අංක දෙක සහ රාහු ග්‍රහයාට හිමි අංක හතර සංයෝග වීමෙන් නිර්මාණය වූ අංක විසිහතර තුළින් සැකසුණු චෛතසික අංකය වන අංක හය නියෝජනය වන්නේ සිකුරු ග්‍රහයාගෙනි. මෙම අංකයට අයත් ගති ලක්ෂණ අනුව නොවැම්බර් විසිහතර වැනි දින උපත ලැබූවන් මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගනී. එහෙත් අංක හතරට අයත් ගති ලක්ෂණවලින් හැඟීයන නොවෙනස් වන ගුණාංග අංක දෙකට අයත් ගති ලක්ෂණ හා සමාන නොවේ.
මේ අනුව මෙදින උත්පත්තිය ලැබූ ජන්මීන් චංචල වූ ගති පැවතුම්වලින් යුක්ත වේ. එම චංචල ගුණය නිසා සිය කටයුතු මුළුමනින් සාර්ථක කර ගැනීම අපහසු වේ. මොවුන් තුළ ගුප්ත වූ අදහස් පවතින අතර සිය කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමට උනන්දුවීම කැපී පෙනෙන ලක්ෂණයකි. සෑම විටම සැකයෙන් කටයුතු කිරීම නිසා තමා ඇසුරු කරන අය කෙරෙහි පවතින්නේ අවිශ්වාසයකි. එය ඔවුන් සතු දුර්වලකමකි.
නොවැම්බර් 25
පසුකාලීනව ආර්ථික දියුණුව ලබයි
අංක දෙක නියෝජනය කරන ස¾දු ග්‍රහයා බුධ ග්‍රහයා වෙත සම බලයෙන් යුක්ත වුවත් අංක පහ නියෝජනය කරන බුධ ග්‍රහයා ස¾දු ග්‍රහයා වෙත දක්වන්නේ සතුරු බලයකි. එම හේතුව මත මෙම අංක දෙකෙහි සංයෝගය එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදක්වයි. නොවැම්බර් විසිපස් වැනි දින උත්පත්තිය ලැබූ ජන්මීන් කෙරෙහි මෙම අංකය සතු ගති පැවතුම් ආරෝපණය වනු ඇත. මෙවැනි පරස්පර වූ සම්බන්ධතාවක් අංක විසිපහ තුළ පවතින නිසා එදින උපත ලැබූ ජන්මීන් තුළද ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමක් නිවේදනය නොවේ. මෙම ජන්මීන්ගේ චෛතසික අංකය වූ හත්වැන්න කේතු ග්‍රහයා විසින් නියෝජනය කරනු ලබයි.
ජීවිතයේ බාල කාලය අමාරුකම්වලට මුහුණ පෑ නමුදු පසුකාලීනව විටින් විට වෙනස්වන ආර්ථික දියුණුවකට හිමිකම් කීමට සමත් වේ. කේතු ග්‍රහයා තුළ පවතින ආකූල ව්‍යාකූල භාවය මෙදින උපත ලැබූවන් තුළද පවතින හෙයින් මෙවැන්නෝ සිහින ලෝකවල ජීවත් වීමට උත්සාහ දරති. එමෙන්ම සහජයෙන් පවතින කලාකාමී හැකියාවන් මත මන--කල්පිත වීම නිසා තමා විසින් කරන කටයුතුවලදී නොසන්සුන් බවක් පෙන්නුම් කරයි. මොවුන් සතු විශේෂත්වය වනුයේ තමාගේ සහජ දුර්වලතා තම පළපුරුද්ද සහ අත්දැකීම් තුළින් හ¾දුනාගෙන ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරි කටයුතු කිරීමට පෙලඹීමයි.
නොවැම්බර් 26
දෛවය ගැන විශ්වාස කරන්නෝය
ස¾දු ග්‍රහයාගේ නියෝජනය හිමි අංක දෙක සහ සිකුරු ග්‍රහයාගේ නියෝජනය හිමි අංක හය සංයෝග වීමෙන් අංක විසිහය නිර්මාණය වේ. අංක අට මෙදින උපත පැබූ ජන්මීන්ගේ චෛතසික අංකය ලෙස හැඳින්වේ. මෙම අංක අට සෙනසුරු ග්‍රහයාගේ පාලනයට අයත්ය. නොවැම්බර් විසිහය වැනි දින ජන්ම ලාභය ලැබූවන් භෞතිකවාදී මෙන්ම දෛවය කෙරෙහි විශ්වාසයකින්ද යුක්ත වූවෝ වෙති. මෙවැන්නෝ ජීවිතයේ මුල් කාලය විවිධ බාධාවන්ට මුහුණ දෙමින් ජීවිතය කෙරෙහි සෘණාත්මක ආකල්ප මත කටයුතු කිරීමේ අදහස් දැරුවෝ වෙති.
මෙම ජන්මීන් කෙරෙහි සදු හා සිකුරුගේ සංයෝගය හිමිවීම නිසා විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය මොවුන්ට හිමිවේ. සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී බුද්ධිමත් නොවීමෙන් පවුල් ජීවිතය තුළ අර්බුදකාරී තත්ත්වයන් ඇති වේ. එහෙත් වෘත්තීය කටයුතුවලදී ජන්මියාගේ මධ්‍යම වයසේදී පමණ ඉහළ තනතුරුවලට පත්වීම මත සිය රාජකාරි කටයුතු සාර්ථකව ඉටු කිරීමට හැකි වේ. තමා තුළ පවතින හිතුවක්කාරී මුරණ්ඩු අදහස්වලට අනුකූලව සේවක සේවිකාදීන් හට සැර පරුෂ වීම නිසා අනවශ්‍ය සතුරන් නිර්මාණය කර ගැනීම මොවුන් සතු දුර්වලකමකි.
නොවැම්බර් 27
නිවහල් චින්තනයක් ඇත්තෝ වෙති
අංක නවය චෛතසික අංකය වශයෙන් නොවැම්බර් විසිහත් වැනි දින ජන්ම ලාභය ලැබූවන්ට හිමිවේ. අංක විසිහත ස¾දු ග්‍රහයාට හිමි අංක දෙක සහ කේතු ග්‍රහයාට හිමි අංක හත සංයෝග වීමෙන් නිර්මාණය වී තිබේ. මෙදින උපත ලද ජන්මීන් අංක විසිහතට අදාළ වූ ගති ලක්ෂණවලින් සමන්විත වේ. මෙවැන්නෝ නිදහස් නිවහල් චින්තනයක් දරන ඔවුන්ට පැවරෙන රාජකාරි කටයුතු සාර්ථක ලෙස ඉටුකරන සැලසුම් සහගත පුද්ගලයෝ වෙති.
මෙදින උපත ලද අය ව්‍යාපාර කටයුතුවල යෙදී සිටී නම් ඒවා ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යෑමටත් පවුල් ජීවිතය යථාර්ථවාදී ලෙස ගෙන යෑමටත් උත්සාහ දරන අය වීම සැලකිය යුතු වැදගත් කරුණකි. පවුලේ අයට මෙන් බාහිර පාර්ශ්වයන් කෙරෙහිද කාරුණිකව සැලකීම මොවුන් සතු යහපත් ලක්ෂණයකි. බුද්ධියට වඩා හැඟීම්බර වී වැඩ කිරීමට යෑම නිසා කලබලයට පත්වීම මොවුන් සතු දුර්වලකමක් ලෙස පෙනීයයි.
කිවිපති
කල්‍යාණි හේරත් මැණිකේ (21/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)
Advertisements


