Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විශ්වයේ ආශිර්වාදය අහිමිවේද?

1 year ago 7 Min read
Subha.lk

මහජනතාව අවිනිශ්චිත භාවයට පත් කරමින් යලිත් බලවත්ව හිස ඔසවා ඇති කොවිඩ් වසංගතය වෙනÞට වඩා මාරාන්තික වීමෙන් රටේ, ජනතාව බියට පත්වී තිබේ. මෙම තත්ත්වය සමස්ත රෝහල් සේවාව කායික සහ මානසික වශයෙන් දැඩි පීඩනයකට පත් කිරීමට හේතුවිය. ලෝකායන ජ්‍යොතිෂයට අනුව ආසියානු කළාපයේ අනෙත් රටවල් වලට වඩා ශී්‍ර ලංකාව මෙම ව්‍යසනය නිසා අර්බුදකාරී තත්ත්වයක පවතී. එසේ වීමට බලපා ඇති හේතු ජ්‍යොතිෂ මූලධර්ම අනුව විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ වේ. 

ලංකාවෙහි භාවිත කේන‍ද්‍රය කුම්භ වන අතර, ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ඒරාශ්ටකයක් සමඟ මහජනතාව, දේශපාලනය සහ ආරෝග්‍යශාලා සේවාව ඇතුළු කාර්්‍ය මණ්ඩලය නියෝජනය කරන දොළොස්වැන්නෙහි ගෝචර වී සිටින්නේ ප්ලුටෝ ග්‍රහයා සමඟය. මීට අමතරව ලංකා කේන‍ද්‍රයෙහි රෝගස්ථානය සහ සතුරුස්ථානය වූ හයවෙනි භාවයේ යෝගවී සිටී. එම භාවය සහ එහි සිටින ග්‍රහයින් සෙනසුරුගේ සප්තම දෘශ්ටියෙන් පීඩාවීම මත දැනට පවතින මෙම වසංගත තත්ත්වයේ අඩුවීමක් අපේඬා කළ නොහැක. 

මෙම ග්‍රහ පිහිටීම් සියල්ලටම පරිබාහිරව අගෝස්තු මාසයේ සිදුවන ග්‍රහ යුද්ධයෙන්ද අහිතකර ප්‍රතිඵල උÞකරයි. 2021 අගෝස්තු මස 19 වෙනිදින බුද සහ අඟහරු ග්‍රහයින් දෙදෙනා අතර ඇතිවන යුද්ධයෙන් බුද ග්‍රහයා ජයග්‍රහණය කරයි. මෙම යුද්ධය සිදුවන මොහොතේ ලංකා කේන‍ද්‍රයෙහි හත්වෙනි භාවයේ රවි, බුද සහ අඟහරු යන ග්‍රහයින් තිදෙනාම යෝග වේ. ඊට අමතරව කුම්භ ලග්නයේ යෝගකාරක සිකුරු ග්‍රහයා අටවැන්නේ නීච වී සිටින්නේ රාහුගේ නමවෙනි දෘශ්ටියෙන් සහ සෙනසුරුගේ දහවෙනි දෘශ්ටියෙන් පීඩාවට පත්වෙමිනි. මෙම ග්‍රහ ගෝචරය තුළ සමාජයේ ඉහළ පිළිගැනීමට පාත්‍ර වූ කාන්තාවන්ට, කලා ඬෙත්‍රයේ සිටින අයට මෙන්ම ළමයින්ටද ඉතා අශුභාදායක වේ .

වක්‍ර වී ලග්නගතව සිටින ගුරු සමඟ යෝග වූ නෙප්චුන් ග්‍රහයාගේ බලපෑම මත රටතුළ මහජන කැළඹිලි උත්සන්නවීිම, මංකොල්ලකෑම් වැඩිවීම, ජන අරගල හා විප්ලවවාදී සටන් කෙරෙහි මහජනයා පෙළඹීම, ජලයෙන් විපත් සිදුවීම, සියදිවි නසා ගැනීම් ආදියට හේතුවේ. එමෙන්ම කේතුගෙන් තුන්වැන්නේ සිකුරු ගෝචරය ලග්න කේන‍ද්‍රයෙන් අටවැන්නේ වීම මත දැනට පවතින වසංගත රෝග තත්ත්වය අර්බුදකාරී මට්ටමට පත්වීමත්, මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සිදුවේ. මෙම සිකුරු ග්‍රහයා සඳුගේ නැකතක ගමන් කිරීම මත ජලයෙන් විපත් ඇතිවීමත්, ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ පෑමට සිදුවීමත් පෙන්නුම් කරයි. 

අගෝස්තු දහවෙනි දින බුද සහ අඟහරු යුද වැදීමට පෙර ලංකා කේන්ද්‍රයේ  හයවැන්නාධිපති වූ සඳු එකොළොස්වෙනි භාවයේ ගෝචර වීමත්, එම සඳු කේතුගේ දොළොස්වැනි  දෘශ්ටියට හසුවීමත්, සෙනසුරුගෙන් සහ කේතුගෙන් පාපකර්තරී වීමත් නිසා පාර්ලිමේන්තුවේ කටයුතු නොසන්සුන් වීමටත්, කැබිනට් මංඩලයේ ඉහළ පුටු මාරුවක් ඇතිවීමටත්, රාජ්‍ය සේවාවේ වෙනස්කම් සිදුවීමටත් මෙම ග්‍රහ ගෝචරය සහ ග්‍රහ යුද්ධයේ බලපෑම් හේතුවේ. 

සෙනසුරු රාහුගේ පස්වෙනි දෘශ්ටියෙන්ද. ප්ලුටෝ සමඟ යෝගවී සිටීමෙන්ද පාපී බලය වර්ධනය වීමේ හේතුවෙන් සහ හයවෙනි භාවයට සප්තම දෘශ්ටිය හෙලීමෙන් රාජ්‍ය සේවාව සහ රෝහල් සේවාව කෙරෙහි මහජන අප්‍රසාදය බලවත් වේ. රසායනික ද්‍රව්‍ය, අවි ආයුධ, සතුරු බලය නියෝජනය කරන හයවැන්න පාපීන්ගේ දෘශ්ටියෙන් පීඩාවීම මහජන අරගල වර්ධනය වීමටත්, රජය දැඩි ලෙස ජනතාව පාලනය කිරීමට යාමෙන් අනපේඬිත අර්බුද නිර්මාණය වීමටත් මෙම ග්‍රහ පිහිටීම හේතුවේ. මහජන නියෝජිතයින් අප්‍රසාදයට පත්වීමෙන් ඔවුන් කෙරෙහි මහජන විශ්වාසය පලූඳුවී යයි. 

ස්වභාවධර්මය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කිරීමටත්, භෞතික සංවර්ධනයට වඩා ආධ්‍යාත්මික සංවර්ධනයට මූලිකත්වය දෙමින් කටයුතු කිරීමටත් පාලක පාලිත දෙපාර්ශවයම අසමත් වූවහොත් ප්‍රතිඵල භයානක වේ. මෙම අවස්ථාවේ අදෘශමාන බලවේග වශයෙන් හඳුන්වන ප්‍රේතයින්, භූතයින්, මළ යඬයින් කෙරෙහි බලි බිලි පුද පූජා පැවැත්වීම මාරක විපත් වර්ධනය වීමට බලපෑමක් ඇති කරන නිසා එවැනි මිත්‍යා කටයුතු වලින් මිදී ධාර්මික ප්‍රතිපත්ති වලට යොමුවීම යහපත උÞ කිරීමට හේතුවේ. බොරුවෙන්, ප්‍රෝඩාවෙන් අහිංසක එකිනෙකා රැවටීම අත්හැර දමා අවංකව තම තමන් අදහන දහමට දැඩිව නැඹුරුවීම අවශ්‍යම කරුණකි. පුළුල් ලෙස ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීම මෙම විපත අවම කරගත හැකි මාර්ගයයි. සෑම නිවසකම ආගමික පුදපූජා පවත්වමින් චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කළ යුතුය. කෝපයෙන්, ද්වේශයෙන් කටයුතු නොකර, කාරුණික සිතුවිලි වලින් කි්‍රයාත්මක වීම හැර වෙනත් කිසිම විකල්පයක් නොමැති බව විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළ හැකිය. 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk