Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නව වසරේ රෝග දෝෂ අසුබතා නසන පවුලටම ආරක්ෂාව ආශීර්වාදය ළං කරන විශ්වීය ප්රතිකර්මයක්

1 year ago 7 Min read
Subha.lk
පසුගිය වසර පුරාවටම කොවිඩ් වසංගතය නිසා සෑම දෙනාගේම බලාපොරොත්තු ඒ අයුරින් ඉෂ්ට කරගන්නට නොහැකි වුණා. සමහරුන්ගේ ආදායම් හෝ ධනෝපායන මාර්ගයන් බොහොමයක් අක්රිය තත්ත්වයට හෝ බිඳ වැටීමට පවා ලක් වී තිබෙනවා වන්න පුළුවන්. තම දූ දරුවන් පවා පීඩාවට පත්වෙලා. ආර්ථික ප්රශ්න මෙන්ම මානසික වශයෙනුත් බොහෝ දෙනෙක් පීඩා වින්දා. නමුත් ඉතිං උදා වූ නව වසරේදී සිතට ගත යුත්තේ කෙසේ හෝ ජීවිතය ඉදිරියට ගෙන යා යුතු බවයි. කොඩ් පැමිණි අවස්ථාවේ පටන් එයින් ආරක්ෂා වීමට විවිධ දේවල් සිදු කළා. ආයුර්වේදීය ප්රතිකර්මවලටත් යන්ත්ර මන්ත්ර ක්රමවේදයන්ටත්, නොයෙක් පැරැණි ගුප්ත කර්මයන්ටත් ප්රබලව යොමු වුණා. එමෙන්ම ඒවායින් බලවත් පිහිට නිතරගයෙන්ම ළං කර ගත්තා. ආයුර්වේදයේ එන ඇතැම් දේශීය ඖෂධ අදටත් රෝහවල පවා යොදා ගැනීමට රෝගීන්ට උපදෙස් දෙනු ලබනවා. යටගිය හෙළ වෙදකම ඉස්මතුව ඉන් වැඩ ගන්නට දේශීය වශයෙන් මෙය යම්තාක් දුරට අවස්ථාවක්ද වුණා. දේශීය වශයෙන් ඖෂධ යොදා ගනිමින් දුම් ඇල්ලීමේ ක්රමවේදයද මේ අතර සුවිශේෂී වනවා. විසබීජ නසමින් රෝගහරණය සිදුකරන්න මෙම දුම් ඇල්ලීමේ ක්රමවේදය බොහෝ නිවෙස්වලද ප්රායෝගිකව භාවිතාවේ අදටත් යොදා ගනු ඇත. කෙසේ නමුත් කොව්ඩ් ව්යසනය මුළුමහත් ලෝකයක් ගිලගත් අවස්ථාවක මෙම ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නේ බලවත් අශුභතාව ඔබ නිවෙසට යොමු නොවී, බලවත්ව බැහැර කරමින් ඔබටත්, නිවෙසේ සියලු දෙනාටත් රෝග දෝෂ වලින් මිදී, නව වසර යහපත්ව, සෞභාග්යයෙන් ගත කරන්නට අවස්ථාව සලසා ගන්නා ආකාරය පිළිබඳවයි. මෙම ක්රම වේදයට යොමුවන්නට නම් මෙහි දක්වන ලද ඖෂධයන් පළමුවෙන් ක්රමානුකූලව සපයා ගැනීම සිදු කරන්න. අවශ්ය ද්රව්ය - පිරිසුදු නැවුම් මැටි කළයක්, ඊතණ, පෙරුම්කායම්, වෙනිවැල්කැට, බිං කොහොඹ කොළ මුල්, සැවැන්දරා මුල්, මදුරුතලා මුල්/කොළ, යකි නාරං පොතු/කොළ, කුරුඳු පොතු, පැඟිරි තෙල් ¼, කස්තුර් කහ, පිරිසුදු සුදු රෙදි කඩක්, දැන් පිරිසුදු තරමක මැටි කළය ගෙන එයට දී ඇති සියලු ඖෂධයන් පිළිවෙළින් ක්රමානුකූලව අසුරා ගැනීම සිදු කරන්න. මේ සියලු දේ සමාන බරින්, සමාන ප්රමාණයෙන් ලබාගැනීම සිදු කරන්න. පෙරුම්කායම් පමණක් පිරිසුදු සුදු රෙදිකඩක ගැට ගසා එයද කළය තුළටම දමා, දැන් ඒ සියල්ල උඩින් පැඟිරි තෙල්වත් කර අවසානයේ එහි කට සුදු රෙදි කඩින් ගැට ගසා නව වසර උදා වී ජනවාරි පළමු දින ඉර උදාව සිදු වන පෙරවරු 06 පසුවී මිනිත්තු 19ට නිවෙසේ ඉහළ තැනක මෙම මුට්ටිය ස්ථාපිත කිරීම සිදු කරන්න. නැවත මෙය සති තුනකට හෝ හතරකට පසුව යෙදෙන පුර පක්ෂයේ දිනකදී නැවත අසලට ගෙන ගෙයි මැද ළිපක් තනවා පැඟිරි දර සපයාගෙන පැඟිරි තෙල් මඳ රස්නය ඇති වී බලවත් සුවඳ දුම නැඟෙන තුරාවට රත් කොට නැවත එම ස්ථානයේම තැන්පත් කර තබන්න. මෙසේ ඉදිරියටත් නිසි කාල සීමාවන් තුළදී පුරුදු පරිදි සිදු කරන්න. මෙය නිවසේ බොහෝ අශුභතා නසන්නට හේතු වන විශ්වීය ප්රතිකර්මයකි. බෝවන රෝග වලින් ආරක්ෂා වීමටත් වගේම, ග්රහ අපල දුරු වන්නටත් කදිමය. නව වසරේ වාස්තු දෝෂ ආශ්රයෙන් ජන්මින්ට මතුවන දෝෂ දුරු කරගන්නට වගේම, නිවෙසේ සතුන්ගෙන් වන හානි ආදිය දුරු කර ගන්නටත් බලවත්ව මඟ පාදන්නකි. පැරැණි නිවෙස් ආශ්රයේද මෙම කටයුත්ත රහසේ සිදුකර ආශීර්වාද ලබාගත් ආකාරයන් දැක්වෙන අතරම, මේ ලබන්නා වූ වසර ශුභ කර ගන්නටත්, මුලින් කී පරිදි රෝග දෝෂහරණය කොට සෞභාග්ය උදා කර ගන්නටත් ඔබට අවස්ථාව සලසනු ඇත. මේ ලබන්නා වූ නව වසර ඔබට සකළ සෞභාග්ය සපිරි සුබ නව වසරක් වේවායි හදවතින්ම පතමි! තෙරුවන් සරණයි!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk