Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දේශීය වෙදකමට ජීවය දෙන ධනවන්තරී දෙවියෝ..

1 year ago 7 Min read
Subha.lk
පුරාණයේ පටන් මනුෂ්යයාට විවිධ රෝග පීඩා ඇතිවිය. ප්රතිකාර සඳහා වෛද්යවරුන් සොයා යෑම වර්තමානයේ මෙන් එදා ද සිරිතක් පැවතුණි. ඉන්දියාවේත් ශ්රී ලංකාවේත් දේශීය වෛද්ය ප්රතිකාර සඳහා පුරුදුව සිටියේ ශාක වන ඔසු භාවිත කිරීමටය. ගස්, වැල්, මල්, පොතු, කොළ, මුල්, දලු, ගෙඩි වර්ග බොහෝමයක බලය මෙම ඖෂධ සඳහා යොදා ගත්තේය. ඒවා නිවැරදිව තෝරා බේරා භාවිතයට ගැනීමෙන් විවිධ රෝග පීඩා සුවපත් කිරීමට එදා දක්ෂ දේශීය වෛද්යවරු සිටියහ. වර්තමානයේද එවැනි දක්ෂ දේශීය වෛද්යවරු සීමිත ප්රමාණයක් සිය කාර්යය නිවැරදිව සිදුකරති. දෙවියන් හා සම්බන්ධ වී යෝගීන්, තවුසන්, බ්රාහ්මණයන්, සෘෂිවරුන් රෝග පීඩා සුවපත් කිරීම සඳහා විවිධ ක්රමවේද සහ දිව්යමය ගුණ ඇති ඖෂධ සොයාගත් බව පැවැසේ. එමෙන්ම දෙවිවරුන් කිහිපදෙනකුද රෝග නිවාරණයට මෙම උතුම් වෛද්ය ශාස්ත්රය මිනිස් ලොවට දායද කර ඇත. දේශීය වෛද්ය ශාස්ත්රය මිනිසාට දායාද කළේ දෙවියන් හරහා සෘෂිවරුන් බවද කියා වේ. දෙවියන් අතර්න් ශිව දෙවිඳු හෙවත් ඊශ්වර දෙවියන්ද, පත්තිනි දෙවඟනද, ආරෝග්ය ලක්ෂ්මි දෙවඟනද, ධන්වන්තර් දෙවියන් මෙන්ම රාවණ රජුද වෛද්ය ශාස්ත්රයේ ප්රබලයන් ලෙස හඳුන්වනු ලැබේ. මෙම දෙවියන් හා සෘෂිවරුන් මිනිසාගේ ශරීරයේ ක්රියාකාරීත්වය, එහි අභ්යන්තරය දැන සිටි අතර ඇතිවන්නා වූ රෝග පීඩාද හඳුනා ගන්නා ලදී. රෝග පීඩාවලට ප්රතිකාර ලෙස කෂාය, ගුළි, කල්ක, ආසව මෙන්ම තෙල් වර්ගද භාවිත කළේය. මෙම ඖෂධ ක්රමවේදය ඉන්දියාවේ ආයුර්වේදය නමින්ද ශ්රී ලංකාවේ දේශීය සිංහල වෙදකම ලෙසද නම් කර ඇත. දේශීය සිංහල වෙදකමට යන්ත,මන්ත,තන්ත්ර ක්රමවේද ද පවතින අතර ඒ සඳහා සිංහල පුද පූජාවන්ද වේ. දෙවියන්ගේ බලමහිමය නිසා රෝග පීඩාවන් දුරුකළ හැකි දේශීය සිංහල වෛද්ය ක්රමවේදයේ පෙන්වාදී ඇති බව ඉතිහාසය පැහැදිලි කරයි. දේශීය වෛද්ය ශාස්ත්රයට යන්ත්ර, මන්ත්ර, තන්ත්ර, යාග හෝම, සෙත් ශාන්ති, භාවනා ක්රම උරුම කරදී ඇත්තේ පුරාණයේ සිටි සෘෂිවරුන් විසිනි. එම ක්රමවේද ඖෂධවලට අමතරව වර්තමානය තුළදී භාවිත කෙරේ. මේ සියලුම දේ දෙවියන් සහ සෘෂිවරුන් විසින්ම නිර්මාණය කරන ඒවා බව පාරම්පරික දේශීය වෛද්යවරු දනිති. මෙම උතුම් වූ දේශීය සිංහල වෙදකමට ජීවය දෙන වෛද්යවරුන්ට රැකවරණය දෙන සහ වෙදකම රැකගනිමින් සියලුම රෝග පීඩා දුරුකරන දේශීය වෙදකමට අධිපතිව වැඩ වාසය කරන ප්රබල දෙවියකු වේ. එනම් “ධන්වන්තර්” දෙවියන්ය. දේශීය වෙදකම හා යන්ත්ර, මන්ත්ර, තන්ත්ර, ප්රගුණ කළ බලසම්පන්න සෘෂිවරයකු මරණින් මතු දේවත්වයට පත්වී ශ්රී විෂ්ණු දෙවියන්ගෙන් වරම් ලබා දේශීය වෛද්යවරුන්ට පිහිට, රැකවරණය ලබාදෙන බව පැවැසේ. ධන්වන්තර් නමින් ඉතා ප්රකට මෙම දෙවින් වෛද්ය ශාස්ත්රය හදාරන අයටද පිහිට රැකවරණය ලබාදී ගිලිහී යන මතක ශක්තියද බුද්ධි වර්ධනයද ඇති කරයි. ධන්වන්තර් දෙවියෝ වෛද්යවරුන්ට තම කාර්යය නිවැරදිව සාර්ථකව කරගෙන යෑමට උදවු උපකාර කරන අතර රෝගීන්ටද නිරෝගී සුවය ලැබෙන්න ආශීර්වාද කරනු ලබයි. මෙම දෙවියන් විෂ්ණු දෙවියන්ගෙන් විවරණ අණ වරම් ලබා ඇති නිසා විෂ්ණු දේවාල තුළදීම වෙනම පුද පූජා සහ පහන් ආලෝක දල්වා පින් අනුමෝදන් කරනු ඇත. ධන්වන්තර් දෙවියන්ගේ වාසභූමිය ඖෂධ විමනයි. එළඟිතෙල් පහනට සහ පිරිසුදු මී පැණි බඳුනට ඉතා ප්රිය කරයි. අත්පා හතරක් ඇති ධන්වන්තර් දෙවියන්ගේ එක් අතක වෛද්ය ග්රන්ථයකි. අනෙක් අත ජය සංඛයකි. තුන්වැනි අතෙහි ඖෂධ කළයකි හතරවැනි අතෙහි ඖෂධ පැළෑටියකි. ළා නිල් පාට ශරීරයක් ඇති මෙම දෙවිඳු ඖෂධීය මල් මිටක් මත වැඩ වාසය කරන බවද පැවැසේ. රන්මිණි ඔටුන්නකින් හිසද ගෙල හා අත් පා විවිධ වූ ආභරණවලින් සැරසී ඇති මෙම දෙවියන් නෙලුම් මලක් මත වැඩසිටින බව බොහෝදෙනාගේ මතයයි. නිවෙසේ මල් යහනක් සාදා ඒ මත කෙසෙල් කොළයක් එළා වන මල්, ඖෂධීය මල්, හඳුන්කූරු, කපුරු, බුලත්, පිනිදිය, පඬුරු, මී පැණි, එළගිතෙල් පහනක් පුදට තබා ධන්වන්තර් දෙවිඳුගේ රූපයක්ද මල් යහනේ තබා ඒ අසල කවඩි බෙල්ලකු හා රිදී කාසියක් ද තබා පළමුව මල් පහන් පුදා තුනුරුවන් වැඳ විෂ්ණු දෙවිඳුටද මල් පහන් පුදා අවසර ගෙන ධන්වන්තර් දෙවිඳුට ස්තෝත්ර කියා පින් අනුමෝදන් කරන්න. රෝගියකුට ඖෂධ වේනම් එයද මල් යහනේ තබා කන්නලව් කරන්න. දිනපතා හෝ විශේෂ රෝග පීඩා දුරුවීමට භාවිත කරන්න. ගිරිමානන්ද පිරිත, බොඤ්ඤජංග පිරිත, බන්ධන පිත නිතර භාවිතා කිරීම යහපත් වේ. දේශීය සිංහල වෛද්යවරුන්ද එම වෛද්ය ශාස්ත්රය ඉගෙන ගන්නා අයද මෙම ධන්වන්තර් දෙවියන් ඇදහීම පුද පූජාදීම යහපත් වනු ඇත. සියලු රෝග දුරුවෙන්න ධන්වන්තර් දේව ස්තෝත්රය ධර්ම ධන්වන්තරායේ නමහා: ඕම් වාසුදේවාය විද්මහේ - වෛද්ය රාජාය ධීමහී තන්නෝ ධන්වන්තර් ප්රචෝදයාත් ඕම් තක් පුරුෂයා විද්මහේ - අමෘත කලස හස්ථාය ධීමහී - කන්නෝ ධන්වන්තර් ප්රචෝදයාත් - ඕම් සංඛම් චක්රම් ජලෞකාම් දඳඩි අමෘත ගටම් චාරු දෝර්නිෂ් චතූර් භිෂ් - සූක්ෂ්ම ස්වච්චහාති හෘදයාම් ශුඛ පර් විලාසම් මෞලිම් අම්බෝජ නේත්රම් - කාල අම්භ උද උජ්ජාව ලාන්ශම් තතිතත විලාසද් චාරු පීටාම් බරාධ්යම් වන්දේ ධන්වන්තර් තම් නිඛිල හදවත ප්රෞඪ දනවාග් ගීලී ලාම් - ඕම් නමො භගවතෝ මහා සුදර්ශන - වාසුදේවාය ධන්වන්තරායේ - අමෘත කලස හස්ථායෙ - සර්ව භය විනාසය - සර්ව රෝග නිවාරණය - ත්රෛලොක්ය - නිථායේ ශ්රී මහා විෂ්ණු ස්වරූපේ - ශ්රී ධන්වන්තර් ස්වරූප ශ්රී ශ්රී ශ්රී ඖෂධ චක්ර නාරායන ඒස්වාහා : සියලු පුද පූජා සමග සුවඳ දුම් දෙමින් මෙම ස්තෝත්රය 7 වර හෝ 21 වර කියා පින් දෙන්න පින් දීමට ගාථාව යං අම්මේහි කතං පුඤ්ඤං සබ්බ සම්පත්ති ධාදකං ධන්වන්තර් දිව්ය මහා රාජාණං අනුමෝදින්තු සාදරං

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk