Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පාපයන් 10ක් විනාශ කරන නවරාත්රි පූජාව

1 year ago 7 Min read
Subha.lk
නවරාත්රී යනු දුර්ගා මැණියන් සැමරීමට යෙදෙන අති විශේෂ දින නවයකි. මෙහි රාත්රි තවයත් දුර්ගා මැණියන්ගේ ස්වරූප තවයත්(නව දුර්ගා ස්වරූපයන්) වගේම දසවැනි දවසේ මහිෂාසුර මර්දනී ස්වරූපයත් පූජාවට ලක් වෙයි. උතුරු ඉන්දියානුවන් මෙලෙස සමරන අතර දමිළයන් නැතිනම් දකුණු ඉන්දියානුවන් දුර්ගා මෑණියන් පළමුවැනි දවස් තුනෙත්, ලක්ෂ්මී මෑණියන් දෙවැනි දවස් තුනේදීත්, සරස්වතී මෑණියන් අවසන් දින තුනේදීත් සමරන අතරම මහා භද්රකාලි මෑණියන් දසවැනි දිනයේදී සමරයි. දසවැනි දිනයට දුශ්රො, විජයදශාමි, දසාරා යන නම්වලින්ද හඳුන්වනු ලබයි. නවරාත්රි යන්න නම් නවරාත්රිම් ලෙස සංස්කෘත බසින් හැඳින්වේ. නමුත් පහසුවට නවරාත්රි ලෙස උච්චාරණය කරයි. අවුරුද්දකට නවරාත්රි පහක් නවරාත්රියයි. එන අතර එයින් ප්රධාන නව රාත්රිය වෙන්නේ මේ දිනවල සැමරෙන. 1. වසන්ත් නවරාත්රි චෛත්ර මාසයේ (මාර්තු - අප්රේල්) යෙදෙන මෙම නව රාත්රිය ශක්ති මෑණියන්ව සමරයි. නව වැනි දවස රාම දෙවියන්ගේ උපන්දිනය සමරන අතර එය රාම නවාමී ලෙසත් ඇතැම් අය එය රාම නවරාත්රි ලෙසත් හඳුන්වයි. තවද මෙයටම බසත් නවරාත්රි, චෛත්ර නවරාත්රි, චන්ඩිකා නවරාත්රි වශයෙන් හඳුන්වයි. 2. ගුප්ත නවරාත්රි මෙය ආශඩ මාසයේ (ජුනි ජූලි) යෙදෙන අතරම මෙය ගායත්රී මෑණියන් සැමර්ම සිදු කරයි. එනිසාවෙන්ම, ගයත්රී නවරාත්රි සහ ආද්ධ නවරාත්රි වශයෙන්ද හඳුන්වයි. 3. ශරද් නවරාත්රි මෙය තමයි සියලු නව රාත්රිගෙන් ප්රධාන නව රාත්රිය. එනිසාවෙන්ම මෙය මහා නව රාත්රි ලෙසද හඳුන්වයි. මෙය ශාරදා මාසයේ (සැප්තැම්බර් - ඔක්තෝබර්) යෙදෙයි. මෙහිදී දුර්ගා මෑණියන් ප්රධාන වශයෙන් පූජාවන්ට ලක් වේ. 4. පෞශ නව රාත්රි මෙය පෞශ මාසයේ (දෙසැම්බර් ජනවාරි) යෙදෙයි. මෙහිදී ශාකාම්බර් මෑණියන් සැමරීමට ලක් වේ. 5. මඝ නව රාත්රි මෙය මඝ මාසයේ (ජනවාරි පෙබරවාරි) සමරන අතරම මෙය ලලිතා මෑණියන් සැමරිම සිදු කරයි. බොහෝ විට තාන්ත්රික වන්දනාවන් කරන අය මෙම නවරාත්රිය සැමරීම සිදුකරයි. මෙවර නවරාත්රිය සැප්තැම්බර් 26 වැනිදා පටන් ගෙන ඔක්තෝබර් 5 වැනිදාට අවසන් වේ. මේ ශුද්ධ දින දහය ඔබට සැමරීමට හැකි සහ කළ හැකි පූජාවන් බොහෝය. මේ දවස් දහයේ වෘත කතා සහ පූජාවට ලක් වන දෙව්වරුන් ගැන මේ ලිපියෙහි අන්තර්ගත වේ. මේ නවරාත්රි දිනයන්ගේ වටිනාකම ධර්මසින්දු ග්රන්ථයේ පවා සඳහන් වේ. නවරාත්රශබ්ද අශ්විනි ශුක්ල ප්රති පාදමාරඛ්ය / මහා නවාමි පර්යන්තම් ක්රියා මා නකර්මනමාදේයම්// නවරාත්රි යන පුණ්ය කාලය අශ්විනී මාසයේ මුල් භාගයේ පළමුවැනි දිනයේ සිට නව වැනි දිනය දක්වා යෙදේ යනුවෙන් සටහන් වී ඇත. ඉතින් මෙම දින නවයේ මා කලින් සටහන් කෙරූ අන්දමට නව දුර්ගා ස්වරූප සහ දුර්ගා, ලක්ෂ්මී, සරස්වතී යනුවෙන් දින නවය ඛෙදා වන්දනා, පූජා සිදු කරයි. නව දුර්ගා ස්වරූප: 1. ශෛල පුත්රී - ශක්තිය සහ ධෛර්ය නිරූපණය කරයි. 2. බ්රහ්මචාරිනි -ඔබගේ සැබෑ ස්වරූපය සොයා ගැනීම නිරූපණය කරයි. 3. චන්ද්රගඨා - සියල්ලම වෙනස් කරගැනීමට හැකි ශක්තිය නිරූපණය කරයි. 4. කුෂ්මාන්දා - නිර්මාණ ශිල්පීභාවය නිරූපණය කරයි. 5. ස්කන්ධ මතා හැකියාවන්, කරුණාව සහ අහිංසක කම නිරූපණය වේ. 6. කාත්යායනී - ශක්තිමත් සබඳතා යන්න නිරූපණය කරයි. 7. කාලරාත්රි - ක්රියාශීලී බව නිරූපණය කරයි. 8. මහා ගෞර් - ප්රඥාව නිරූපණය කරයි. 9. සිද්ධිධාත්රී - සියල්ලම අවබෝධ කරගැනීම. මෙම ආකාරයට දවස් නවය නව දුර්ගා ස්වරූපවලට වෙන් කරගනිමින් පූජා කිරීමෙන් මෑණියන් ප්රසන්න වී සියලු වරයන් ප්රදානය කරන බව විශ්වාසයයි. ඇතැම් භාරතීය පෙදෙස්වල දුර්ගා භද්රකාලි අම්බා/ජග්දම්බා අන්නපූර්ණා දේවි සර්ව මංගලා භෛරවී චණ්ඩිකා/චණ්ඩි ලලිතා භවානී මුකාම්බිකා යන දේවී ස්වරූපත් වන්දනාවට ලක්වේ. ඒවගේම ශ්රී විද්යා උපාසකයන් (ලලිතා මෑණියන්) වන්දනා කරන්නන් ශ්රී රාජ රාජෙශ්වරියගේ දේවී ස්වරූප වන්දනාවට ලක් කරයි. ඒ දවස් නවයට පිළිවෙළින් මෙසේය. ස්වර්ණ කවචාලංකෘත දුර්ගා ශ්රී බාල ත්රිපුර සුන්දර් දේවිය ගායත්රී දේවිය ශ්රී ලලිතා ත්රිපුර සුන්දර් දේවිය කාමේශ්වර් ස්වරූපයෙන් අන්නපූර්ණා දේවිය මහාලක්ෂ්මී දේවිය සරස්වතී දේවිය දුර්ගා දේවිය දුර්ගා මෑණියන් (මහිෂාසුරමර්ධිනී ස්වරූපයෙන්) පරාශක්ති ශ්රී රාජ රාජේශ්වර් දේවිය. ඉතින් මෙම ආකාරයටම දකුණු ඉන්දියානුවන් සහ බහුල වශයෙන් ශ්රී ලාංකිකයන් ත්රීදේවීන් හටද දින නවය බෙදා පූජා කරයි. 1. දුර්ගා දේවිය (පළමුවන දවස් තුන) 2. ලක්ෂ්මී දේවිය (දෙවන දවස් තුන) 3. සරස්වතී දේවිය (තුන්වන දවස් තුන) 4. මහා භද්රකාලි මෑණියන් (අවසන් නැතිනම් දසවන දවස) ප්රධාන වශයෙන් මෑණියන් මහිෂාසුර අසුරයා මර්දනය කිරීම මේ දින නවයෙන් නිරූපණය කරන අතරම අප මෑණියන් වීරත්වය සැමට අපි යොදා ගනී. ඒ වගේම රාම දෙවියන් රාවණ පරාජය කිරීම සමරන්නද මෙම පූජා කාලය යොදා ගනියි. අර්ථවත් ආකාරයෙන් මේ නවරාත්රි දින සමරන්නේ නම් අපගේ ඇති දස නරකයන් පරාජය කිරීම මෙම පූජා උත්සවයෙන් ගෙන එන්නට පුළුවන්. 1. කාමය 2. ක්රෝධය 3. ලෝභය 4. මෝහය 5. අහංකාරය 6. භය 7. ඊර්ෂ්යාව 8. අලසකම 9. වෛරය 10. හිරිඔතප් නැතිවීම (පව් කිරීමට ඇති බිය) මේ අපගේ සැබෑ ජීවිතේ සිටින අසුරයන් මර්දනය කිරීම මේ නව රාත්රියෙන් අපිට කරගැනීමට උත්සාහ කිරීමට පුළුවන්. ඉතා විශ්වාසයෙන් දුර්ගා මෑණියන් භක්තිවන්තයෙන් නමදී නම් මේ සියලු අසුරයන් මෑණියන් විනාශ කරන බවට විශ්වාස කරයි. ඉතින් ඔබත් දේවියගේ වීරත්වයේ දවස් දහය අර්ථවත් විධියට සහ ආධ්යාත්මික ආකාරයෙන් සමරන්නට උත්සාහ කරන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk