Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බලයට අධිපති අඟහරු නපුරුද?

1 year ago 7 Min read
Subha.lk
අද ග්රහ මණ්ඩලයේ “රතු ග්රහයා' හෙවත් “කුජ ග්රහයා” හදුනාගන්නට වෙර දරමු බලය, ශක්තිය කාමය ආදියට අධිපති ග්රහයා කුජය නැතිනම් අගහරු ලෙස හඳුන්වමු ඉතා නපුරු ඉක්මනින් ප්රතිඵල ලබාදේ අඟහරු තරුණ මදය, ධන බලය, සරාගී බව නිසාම පාලනය කරන්නට අපහසු ග්රහයෙකි. යුද්ධයට අධිපති වන්නේද මොහුයි විශේෂයෙන්ම තරුණ කාලයේ කුජ මහ දසාව ලැබුණේ නම් අත - පය කඩාගෙන ලේ සෙලවීම් සිදු කරගනු නොඅනුමානය “ප්රේමය නොව රාගය ඔහුගේ දහමය ස්ත්රී දූෂ්ණ, පරපුරුෂ සේවනය අනියම් සබඳතා නීති ප්රශ්න ඇතිවන්නට බලපාන්නේ කුජය එසේනම් කුජ ග්රහයා කුමන ආකාරයේ දැයි සිතාගත හැකිය. යම් පුද්ගලයකු පත්රයේ “කුජ” ගෝචරවන ආකාරය බලා පලාපල කීම පහසුය. කුජ ලග්නස්ථානයේ හෝ විවාහ ස්ථානයේ ගෝචර වන්නේ නම් එය ව්වාහය පිළීබඳ දෝෂ ගෙන දෙයි. ජ්යොතිෂය නොදන්නා අය වුවත් හඳහනේ “කුජ හතේ” කතාව දනී. කුජ හතේ නම් එය විවාහ ප්රමාදයට, දෙවන විවාහයකට, විවාහ දෝෂයකට හේතුවේ. හතේ නොවුණද කුජ පළමුවැන්නේ (01) සිටී නම් ඒ ප්රතිඵලම ගෙනදේ. එවැනි අයකුට ගැළපෙන්නේ “කුජ” දෝෂ ඇති සහකාරයකු හෝ සහකාරියකි. ජ්යොතිෂවේදීන් පැහැදිලි නොකළද මෙහි සත්යය වන්නේ එවැනි යෝගයක් ඇති පුද්ගලයා අධික කාමාශාවකින් යුත් අයකු බවයි. අධික ලිංගික අවශ්යතාව නිසා ඊට ගැළපෙන අයකු නොලදහොත් විවාහය දෙදරයෑම පුදුමයක් නොවේ. කුජ අටවැන්නේ (08) නම් ශල්යකර්මයක් සිදුවනු ඇත. නවවැන්නේ නම් (09) හදිසි අනතුරු බහුලය. දසවැන්නේ නම් (10) රැකියාවේදී පාලකයන් හා ගැටුම් ඇති කර ගනී. වෘශ්චික හා මේෂ ලග්නවල ලග්නාධිපති අඟහරුය. කුජ ග්රහයා නපුරු ස්ථානයක සිටීම, ලේ විෂ වීම්, ලේ ගැලීම්, උෂ්ණ රෝග ඇති වීමට හේතු වේ. අයස්ථානයේ සිටී නම් හොඳින් හෝ නරකින් ධනය උපයන්නට සමත්ය. අල්ලස් ගන්නේ හෝ වෙනත් දූෂණ මඟින් ධනය උපයන්නේ කුජ ග්රහයා අයස්ථානයේ හෝ ධනස්ථානයේ ගෝචර වූවන්ය. එසේම කුජ ග්රහයා නිසා දඬුවම් ලැබීමටද ඉඩකඩ ඇත. ඒ නිසා ඔබගේ ජන්ම පත්ර පරීක්ෂාවේදී “කුජ” ග්රහයා සිටින ස්ථානය ගැන ජ්යොතිෂ මහතාගෙන් විශේෂයෙන් සොයා දැන ගැනීම වැදගත්ය. කුජ බලවත් නම් ඔබ ශක්තිමත්ය. ධෛර්ය සම්පන්නය. අභිමානවත්ය. සරාගීය. ඉක්මන් කේන්තිකාරයෙකි. විවාහයට "කුජ" දෝෂය බලපාන බව පැවැසුවේ දෙදෙනාටම “කුජ” දෝෂ ඇත්නම් ඒ භංග වී යයි. කුජ සමඟ ශනි එකම රාශියක සිටියදී ඉපදී ඇත්නම් එය “ශනි මංගල" යෝගයයි. එයද විවාහයට බාධාවකි. කුජ දෝෂ ඇති හෝ ශනි මංගල යෝග ඇති අය විවාහ වීමට බලාපොරොත්තු වන්නේ නම්, නැතහොත් විවාහ වී ගැටලු ඇති කර ගෙන ඇත්නම් “චූල ජිනපංජර පින්නෙන් ජීවම් කරන ලද රන් තැඹිලි තෙල් හෝ හඳුන් තෙල් පැලඳීමෙන් ඒ දෝෂ මඟහරවා ගත හැකිය. කුජ මහ දසාව අනතුරු වැඩි කාලයකි. නීති ගැටලු ඇතිවිය හැකිය. ඒ නිසා කුජගේ දෝෂ අඩු කර ගන්නට කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන්න. රතු පැහැති වස්ත්ර දන් දෙන්න. අභිසම්භිදාන යන්ත්රය පලඳින්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk