Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනන්ත ගුණ බල සහිත ‘රත්නත්‍රය නමස්කාරය’

1 year ago 7 Min read
Subha.lk

ලෝකයම ව්‍යසනකාරී තත්ත්වයට පත්ව ඇති මේ මොහොතේ සෑම නිවෙසකම අනන්ත ගුණ බල සහිත බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය  ප්‍රාර්ථනා කරමින් පහත ක්‍රමවේදයට අනුව ලෝක සත්ත්වයාටම සෙත් ශාන්ති ප්‍රාර්ථනා කරන්න. 

“සග්ගේ කාමේච රූපේ ගිරිශිඛර තමේ වාන්තලික්කේ විමනින් දීපේ රට්ඨෙච ග්‍රාමෙ තරුවණ ගහණෙ ගෙහවත්ථුම්හි ඛෙත්හේ භුම්මා චායන්තු දේවා ජලතල විසමෙ යක්ඛ ගන්ධබ්බ නාගා තිට්ඨංතු සන්නිඛේදං මුනිවර වචනං සාධචොමේ සුනන්තු” 

උත්තමං නාමං තෛ්‍රලෝක්‍ය තිලක සකල ඥෙය්‍ය පාරගතා ශේෂ නෛක ගුණරත්න මන්දිරාය මානවූ ජිනේන්ද්‍රෝත්තම සේකමුණි. අසේකමුණි, අරහන්තමුණි, පච්චේක මුණි, යයි කියන්නාවූ ලබන ෂඩ්විධ මුණිඳුන්ට ඉන්ද්‍රවූ හෙයින් අප තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේටද .... 

“ධම්මං” සියලු සත්ත්වයන් කෙරෙහි හිතෛශිව දේශනා කරන ලද්දාවූ මධූ මද මුදිත ලලිත රතිකර මනෝහර කුරවික නාද නිර් විශේෂාංගස්ඨාංග සමූපේතව මධුරස්වරයෙන් දේශනා කර වදාරන ලද්දා වූ සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, විනය පිටකාදීන්ගෙන් සකලාං සම්පූර්ණව ගැවසී ගත්තාවූ සපරියාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය කෙරෙහිද,

“සංඝං” විශුද්ධ ශුද්ධ ශීල මහා ගුණානු සම්පන්න වූ සාරිපුත්‍ර මොග්ගල්‍යානන්ද, රාහුලාදී, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය කෙරෙහිද .... 

“අයං” මෙම ත්‍රිවිධ රත්නයට

“අහං” මම. 

මාගේ “කාය, වාග්, මන:” යන ද්වාරත්‍රයෙන් රත්නත්‍රයට ශීර්ෂ ප්‍රණාමයෙන් නමස්කාර කොට, 

“තුශ්හං” මෙතැන්හි පැමිණියාවූ මේ ආතුරයන්ගෙන් සකලාරිෂ්ට දෝෂ නිවාරණය පිණිස සෙත් ශාන්තියක් කරම්හ. උතුම් වූ යාග හෝම ශාන්තියක් කරම්හ. ඔවුන්ගේ ඔවුන් සතු නිවස්නයේ ඔවුන්ගේ සියලු වතුපිටි, ගම්, ගොඩැලි, ඇළ, ‍ෙදාළ ආදී සන්තක සියලු ස්ථානවල සහ හරකා බාන ආදී පණ ඇත්තාවූද පණ නැත්තාවූද, සිත ඇත්තාවූද සිත නැත්තාවූද දවස දෙවේලේ දුටුවාවූද, සන්තකයන්ගේ සියලු වස් ‍ෙදාස් නිවාරණය වේවා. ඇස්වහ, කටවහ, දෝෂ, අඬෝවැඩියා දෝෂ, දිවි දෝෂ, දෙවිදෝෂ, මනුෂ්‍ය දෝෂ, අමනුෂ්‍ය දෝෂ, ග්‍රහදෝෂ, කෝටියක් දෝෂ, නිවාරණය වේවා .... යමක් කළා වූද, නොකළා වූද, අනවින, කොඩිවින, අංගං, පිල්ලි, සූනියම්, අහස බැන්දුම්, පොළොව බැන්දුම්, රූප කටු ගැසුම් ආදී සියලු දෝෂාන්ධකාර නිවාරණය වේවා! යමෙක් අහසට අතනඟා ‍ෙදාස් තැබුවේද, පොළොවට අතනඟා ‍ෙදාස් තැබුවේද 

එක්මංසලකදී, දෙමංසලකදී, තුන්මංසලකදී ‍ෙදාස් තැබුවේද යමෙක් ඇතිව ‍ෙදාස් තැබුවේද යමෙක් නැතිව ‍ෙදාස් තැබුවේද ඒ සියලු දෝෂාන්ධකාර දූරිභූතවී සියල් යස ඉසුරින් සපිරි සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවී, යනෙන ගමන, තබන පියෙන් පිය, සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවී සකල ඓශ්චර්යයත් සර්ව සෞභාග්‍යයත් ළඟාවී චිරාත් කාලයකට ආයු බෝවන්නට මෙම පූජා කර්මය හේතු වාසනා වේවා! 

කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සතර මහා බුදුවරුන් මේ මහා පෘථිවි තලය මත පහළව සකළ සත්ත්වයා වෙත පතළ කරුණාවෙන් යුතු මේ මහා සංසාර සාගරයෙන් සියලු සතුන් එතෙර කරවැයි අදිටනින් යුතුව දෙසා වදාළාවූ ශ්‍රී සද්ධර්ම රත්නයේ ආනුභාවයෙන්ද, ආශීර්වාදයෙන්ද සාරිපුත්‍ර මොග්ගල්‍යානන්ද, රාහුලාදී පාත්‍රයන්ගේ සියලු දුක්ඛ දෝමනස්සයන් හිරු දුටු පිනිසේද, ඇලපත දිය බිඳු සේද, විද්වංසනයවී සර්ව සෞභාග්‍ය සැලසී, චිරාත් කාලයකට ආයු බොහෝ වේවා! ආයු බොහෝ වේවා! ආයු බොහෝ වේවා!!! 

ක්‍රමය :- උදය, සවස, ත්‍රිවිධ රත්නය උදෙසා ගෞරවයෙන් යුතුව තෙල්, මල්, පහන්, සුවඳ ධූප හා පුද පූජා සහිතව ඉහත ක්‍රමවේදයට සෙත් පතන්න. ආශීර්වාද කරන්න. සියලු යහපත ප්‍රාර්ථනා කරන්න. ඔබේ නිවෙසේ, ව්‍යාපාරයේ පමණක් නොව මුළු විශ්වයටම ආශීර්වාදයක් වනු ඇත. ලොවම ව්‍යසනයට පත්ව ඇති මේ මොහොතේ නිවෙසේ සිට අපට කළ හැකිදේ ඉටුකරමු. විශ්වයටම ආශීර්වාද කරමු. 

තෙරුවන් සරණයි!

ඊ.එම්. චන්දන බණ්ඩාර

විද්‍යා චක්‍රවර්ති සම්මානලාභී

ගුප්ත විද්‍යාවේදී

(14/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk