Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වර්ණයෙන් කියවෙන ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ ගතිගුණ

1 year ago 7 Min read
Subha.lk
වර්ණ හෙවත් පාට ස්වභාව ධර්මයේ අපූර්වතම වූ නිර්මාණයකි- වර්ණ නැතිනම් පාට අපේ එදිනෙදා ජීවිතයත් සමග බෙහෙවින් ම සම්බන්ධය- ඒ අනුව අපේ ජීවිතයත් සමගින් බෙහෙවින් සම්බන්ධ වූ වර්ණයෙන් ඔබගේ ජීවිතයේ සුවිශේෂී වූ චර්යාවන්, හැකියාවන්, චරිත ස්වභාවයන් පිළිබඳව අපට හඳුනාගත හැකිය- අපට එදිනෙදා ජීවිතය තුළ හමුවන ප්රධාන වර්ණයන් ඇසුරු කර ගනිමින් ජ්යොතිෂය ඇසුරින් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය කැමතිම වර්ණය තුළින් ඔහු හෝ ඇයගේ චරිත ස්වභාවය පිළිබඳ නිවැරදි දැක්මක් ලබා ගැනීම මෙම ලිපියේ මූලික අරමුණ වනු ඇත- ● ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ කහ වර්ණය හෝ රන්වන් පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතුය- කහ වර්ණය ගුරු ග්රහයාට අයත් වේ- ඔහු හෝ ඇය බොහෝ දුරට අහිංසක උගත් කෙනෙකු විය යුතුය- ● ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ සුදු වර්ණයට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට ඉතාමත් චාම් ගති ගුණ ඇති කෙනෙකු විය යුතුය- සුදු වර්ණය සඳු ග්රහයාට අයත් වර්ණයකි- ධාර්මික අදහස්වලින් පිරි ආගමට දහමට ලැදි ඉතාමත් අවංක ගුණ යහපත්, වසනාවන්ත එමෙන්ම ඉතාමත් අහිංසක කෙනෙකු විය යුතුය- ● බූධ ග්රහයාට අයත් වර්ණයක් වන කොළ පාටට ඇලුම් කරන ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බොහෝ විට සෘජු අදහස් ඇති කෙනෙකු විය යුතුය- ඔවුන් බෙහෙවින් ම ඇලුම් කරන්නේ කොළ වර්ණය හෝ ලා කොළ පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට ධනාත්මක අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතුය- ඔහු හෝ ඇය බෙහෙවින් පරිසරයට ඇලුම් කරන කෙනෙකු විය යුතුය- ● කුජ හෙවත් අඟහරු ග්රහයාට අයත් රතු වර්ණය ආක්රමණශීලී එඩිතර නිර්භය වර්ණයක් වනු ඇත- ඒ අනුව ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ එම රතු වර්ණය හෝ රෝස පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට රළු අදහස්වලින් පිරි ඉතාමත් සැර පරුෂ කෙනෙකු විය යුතුය. නමුත් ඔහු හෝ ඇය අවංකය. ගුණ යහපත් ය. එමෙන්ම වාසනාවන්ත සේම ඉතාමත් රැඩිකල් කෙනෙකු විය යුතුය- ● ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ නිල් වර්ණය හෝ ලා නිල් පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට ග්රාම්ය මෙන්ම පසුගාමි අදහස්වලින් පිරි ඉතාමත් පසුගාමි අදහස්වලින් යුතු කෙනෙකි- නිල් වර්ණය ශනි හෙවත් සෙනසුරු ග්රහයාට අයත් වර්ණයකි- ඇය හෝ ඔහු බොහෝ විට වංක අදහස්වලින් යුක්ත විය යුතුය- ගුණ යහපත්, වාසනාවන්තකම් අතින් ඉතාමත් අඩු වනු ඇත- එමෙන්ම ඉතාමත් මන්දගාමි කෙනෙකු විය යුතුය- ● ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ කලු වර්ණය හෝ දුඹුරු පාටට නම් ඇය හෝ ඔහු බොහෝදුරට සෘණ ආකල්ප හා මලානික වංචනික අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්කම්වලින් අඩු කෙනෙකු විය යුතුය- නමුත් ඔහු හෝ ඇය යම් පමණකට වාසනාවන්ත එමෙන්ම කරුණාවන්ත කෙනෙකු විය යුතුය- කලු වර්ණය රාහු ග්රහයාට අයත් පාටකි- ● ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ දම් වර්ණයට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතුය- ● ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ තැඹිලි පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතුය- ධාර්මික අදහස්වලින් පිරි ආගමට දහමට ලැදි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් අහිංසක කෙනෙකු විය යුතුය-

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk