Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධනවතුන්ට උගතුන්ට භූතදෝෂ නැද්ද?

1 year ago 7 Min read
Subha.lk
මෙලොව වෙසෙන සෑම පුද්ගලයකුගේම ආකල්ප අභිලාෂ මට්ටම්, ලැදියාවන්, කුසලතාවන් සහ සමාජමය ප්රතික්රියා ආදියෙන් එකිනෙකාට වෙනස් ය. මෙම පදනම මත පුද්ගලයා තමාට ආවේණික ස්වභාවයන් තුළ වර්ධනය වේ. සෑම අයකුම කුමන හෝ අංශයක කිසියම් දක්ෂතාවක් පෙන්නුම් කරයි. උපතින් භාග්යවන්තයන් මෙන්ම ස්වකීය උත්සාහයෙන් දියුණු වන අයද සිටිති. උසස් ගුණධර්මවලින් පිරිපුන් අය මෙන්ම දූෂිත චරිත ලක්ෂණ පෙන්නුම් කරන අයද වේ. මෙම පුද්ගල විවිධත්වය ජන්ම පත්රයේ ග්රහ පිහිටීම් තුළින් හඳුනා ගැනීම ජ්යොතිෂයේ ප්රධානම කාර්යයකි. ජන්ම පත්ර අධ්යයනය කිරීමෙන් ධනවතුන්, උගතුන් කලාකරුවන්, දිලින්දන්, පරාර්ථකාමීන්, සමාජ විරෝධී පුද්ගලයන්, දේශපාලනඥයන් ප්රසිද්ධ සමාජ සේවකයන් ආදී විවිධ තරාතිරමේ පුද්ගලයන් හඳුනා ගත හැකිය. මෙවන් ජන්මීන්ට විශේෂ වූ ස්වභාවයන් ප්රකාශ වන ග්රහ පිහිටීම් ග්රහ සංයෝග ආදිය ඔවුන්ගේ ජන්ම පත්ර තුළින් දැකිය හැක. සමාජය තුළ නියම ධනවතුන් වශයෙන් හඳුන්වන්නේ සාධාරණ අයුරින් මුදල් හරිහම්බ කරගනිමින් නිරහංකාර ලෙස අඹුදරුවන් පෝෂණය කරමින් සමාජයට හිංසාවක් නොවන පරිදි ජීවත් වන්නා නියම ධනවතා වශයෙන් හැඳින්විය හැක. ඔහු සමාජයේ යහපත් සාරධර්මවලට ගරු කරයි. බැංකුවලට මූල්ය ආයතනවලට ණය නොවෙති. සමාජයේ දූෂණ අක්රමිකතාවලට සම්බන්ධ නැත. අද සමාජයේ මෙවැනි පුද්ගලයන් ඕන තරම් සිටිති. ගුරු ග්රහයා ලග්නයෙන් හෝ සඳුගෙන් දසවැන්නේ පිහිටි ජන්මීන් සදාචාර සම්පන්න ආගමට දහමට නැඹුරු වූ අයෙකි. එමෙන්ම විවිධ කුසලතා දක්වමින් මුදල් හා වස්තුව උපයා ගැනීමටද සමත් වේ. එමෙන්ම ලග්නයෙන් හෝ සඳුගෙන් දසවැන්නේ සිකුරු වේ නම් ජන්මියා සැපපහසු ජීවිතයකට හිමිකම් කියන සානුකම්පිත අදහස්වලින් හෙබි නිහතමානී අයෙකි. විශාල මාළිගාවල් වැනි නිවාස තනාගෙන තාප්පය ඇතුළටවී ගේට්ටු දමා සිරවී සිටින පුද්ගලයන් ධනවතුන් නොවේ. ධනවත් බවේ අස්ථාවර භාවයක සිටින මෙවැනි අයගේ කේන්ද්රවල රාහු කුජ සංයෝගය ලග්නයේ හෝ එකොළොස් වැන්නේ පවතී. මෙවැනි විෂම ග්රහ සංයෝග හිමි පුද්ගලයන් ධනය අතින් ඉතා ඉහළින් වැජඹුණද ඒවා තාවකාලිකය. මෙම සංයෝගයේ බලපෑම අනුව මෙවැනි ධනවතුන්ට පිනක් දහමක් අවශ්ය නැත. යහපත් සමාජ ඇසුරට ප්රිය නැත. දෙමාපියන් තැකීමක් නැත. අවශ්ය වන්නේ කෙසේ හෝ මුදල උපයා ගැනීමය. කපටිකමින් වංචාවෙන් මුදල් උපයා ගැනීමය. සෙනසුරු ලග්න ඒරාෂ්ඨකය. අෂ්ඨව ඒරාෂ්ඨකය ලැබූ විගස මෙවැනි ධනවතුන්ට උන්හිටිතැන් නැති වී නියම දඬුවම් ලැබේ. පදිංචි වී සිටි නිවාසවල පවතින්නා වූ වාස්තු දෝෂ, භූත දෝෂ මෙම කාලවලදී බලපානවා ඇත. මෙම ලිපියෙහි ඉහත අප විසින් කතා කළ නියම ධනවතා දෙමාපියන් හොඳින් රැක ගනී. යහපත් සමාජ ඇසුර ප්රිය කරයි. පිනට දහමට ලැදිය. සමාජය තුළ හොඳ නම රැක ගනී. සෑමදෙනාටම පිහිට වේ. මෙවැනි අයගේ කේන්ද්රවල ලග්නාධිපති කුමන ග්රහයෙක් වුවද ගුරු ග්රහයා සංයෝග වී දෙවැන්න එකොළොස්වැන්න නවවැන්න ආදි ස්ථානයක බල සහිතව පිහිටා ඇත. මෙවැනි ධනවත් අයට ග්රහ අපල සෙනසුරු ඒරාෂ්ටක අපල බලය බොහෝදුරට සීමා වේ. භූත දෝෂ වාස්තු දෝෂ බලපානු ඇත. බොහෝවිට වාස්තු මර්මස්ථාන පිහිටියහොත් හදිසි රෝගාබාධයන්ට මුල් වේ. මෙවැනි අයට තදබල අපල විපත් කරදර අඩුවී සැනසීමෙන් සිටීමට ශක්තිය උදාවනු ඇත. මීළඟට අපි කතා කරන්නේ නියම උගතුන් පිළිබඳවයි. කේන්ද්රගත ලග්නය, පස්වැන්න, නවවැන්න ආදී භවංක ගුරු ග්රහයා වැනි සුබ ලග්නාධිපතියකු සමග බලයෙන් යුක්ත ශනි බුධ සංයෝග යෙදීම හෝ බුධ සිකුරු ගුරු සමග සංයෝග වීම හෝ පුරසඳු බුධ ගුරු සමග සංයෝග වීම හෝ රවි බුධ සමග ගුරු සංයෝග වීම ආදි පිහිටීම උගත් පණ්ඩිතයකුට තිබිය යුතුයි. ස්ව කටයුතු මැනවින් සංවිධානය කරගන්නා මෙම ජන්මීහු අත්සන් සමග සුහදශීලීව කටයුතු කරති. ඉතා ආදර්ශමත් හා වැඩදායී පුද්ගලයන් ලෙස ජනතාවගේ ප්රසාදය දිනා ගැනීමට සමත් වේ. ගුණවත් හා බුද්ධිමත් භාවය ප්රදර්ශනය කරන උතුම් මනුෂ්යයෝ වෙති. වැරැද්දක් දුටු තැන කාරුණිකව පෙන්වා දෙති. ගුරු මීනයේ ලග්නභාවයේ සිටින විට ජන්මියා මධ්යස්ත මතධාරියකු බවට පත් කරයි. ධනය, බලය හා උගත්කම ලැබුණද මනුෂ්යත්වයට මුල්තැන දී කටයුතු කරන අයෙකි. ගුරුගේ නෛසර්ගික ගුණය මත ලෞකික සම්පත් ලබා දෙමින් ආධ්යාත්මික ගුණයද පෝෂණය කරනු ලබයි. කේන්ද්රයේ අනෙකුත් ග්රහ පිහිටීම් යහපත් නම් ජන්මියාට සමාජයේ ඉහළ තලයකට යෑමේ භාග්ය උදාවේ. මෙවැනි පුද්ගලයින් විශ්වයේ නොපෙනෙන දේ ගැන පරීක්ෂා කර සත්යතාව පිළිගනී. ඒවා පහත් දේ වශයෙන් පහර නොගසනු ඇත. හික්මීමක් නැති අනුන් විවේචනය කරන අභියෝග සංවාද ආදියට මෙවැනි සත්ගුණවත් උගතුන් කැමති නැත. කෙසේ වෙතත් මෙවැනි උගත් අයටත් ග්රහ අපල ලැබු අවස්ථාවල හදිසි කරදර, ලෙඩරෝග සමග භූත දෝෂ යන මෙම අවස්ථා බලපාන බව අපට අත්දකින්නට ලැබේ. සමහර ස්ථානවල බලවත් වාස්තු දෝෂද පවතිනු ඇත. නමුත් ඒ සියල්ල නිවැරදි ආකාරයෙන් සත්ය ලෙස පෙන්වා දීමෙන් අනතුරුව අවශ්ය ප්රතිකර්ම ඉතා උසස් ලෙස සලකා එය ඉටුකර ගැනීමට ඔවුන් නිහතමානී වනු ඇත. මීට අමතරව තමන්ගේ ගාම්භීරත්වය සමාජයට ගෙනහැර දක්වමින් ප්රසිද්ධ වීමට පොරකන පොත පතේ දැනුමට සීමා වී සිටින උගත් යැයි ප්රසිද්ධ වී සිටින පණ්ඩිත මහත්වරුන්ද අද සමාජයේ දක්නට ඇත. ඔවුන් අනුන් විවේචනය කිරීමට කැමති වන්නේ තමන්ගේ ගාම්භීරත්වය පෙන්වීමටයි. මෙවැනි සමහර උගත් යැයි පැවසෙන පුද්ගලයින් විශ්වයේ නොපෙනෙන දේ ගැන සත්යතාවක් දැක්වීම වෙනුවට ඒවාට ගරහනු ලබයි. ලග්නය සිංහ වී රවි, බුධ එහි සිටී නම් ගාම්භීරත්වය මෙන්ම තමන්ගේ අදහසට අනුමත කර ගැනීමට උනන්දු වේ. තමන් නොපිළිගන්නා සියලු දේ මිථ්යා දේවල් බව ප්රකාශ කරයි. කෙසේ වෙතත් 8 අධිපති 22 වෙනි දෙර්කාණාධිපති 12, 6, භාවාධිපතිගේ අශුභ දශාවන් සෙනසුරු ඒරාෂ්ඨක වැනි අපල කාල පැවති විට ඔවුනට මෙම මිථ්යා දේ පිළිගැනීමට සිදුවනු ඇත. මිනිසා තමාට වෙනස් කළ නොහැකි ස්ථාවර නියමයන් සමග ජීවිතය අරඹයි. එනම් පෙළපත, භූගෝලීය සාධක, කලාපය, මනඃප්රකෘතිය හා ජීවශක්ති පදනමයි. මෙම සහජ ප්රාග්ධනය ඔහුගේ පූර්ව කර්ම ශක්තීන් හා බැඳී පවතින අතර එමගින් වත්මන් ජීවන සැලැස්ම නිශ්චය කරනු ලබයි. කර්මවාදය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් වලට බොහෝ සෙයින් සමාන වූ මතවාදයත් තීන්දුත් අතරද පැවතුනි. හින්දු සමාජය විශ්වාස කරන පරිදි වත්මන් මිනිස් පැවැත්ම අතීත පැවැත්මේ පුනරාවර්තනයයි. ඒ අනුව වර්තමානය යනු අතීතය හා අනාගතය සමග ගලායන සනාථන පැවැත්ම නැමැති දම්වැලෙහි එක් පුරුකක් පමණි. මිනිසා එක් උපතදී එක් ආත්මයක් හෙවත් පැවැත්මක් ඉදිරියට තබනු ලබයි. අතීත වත්මන් හා අනාගත තත්ත්වයන් තුළ ස්වකීය අරමුණු ඉටුකරගන්නා තෙක් මිනිසා සසර සැරිසරයි. කර්මයත් නිශ්චිත අරමුණත් කරා පරාසයක් තුළ මොහොතක් මොහොතක් පාසා පලදෙනු ලැබේ. එම කර්ම විපාක දෙනතුරු අදෘශ්යමාන ආකෘතියක් තුළ ගිමන් හරිමින් සිටියි. එය භෞතික වශයෙන් විග්රහ කළ නොහැකි ආදෘශ්යමාන බලවේගයකි. ශුන්යත්වයට යන තෙක් කර්මය මිනිසා විසින් විඳදරා ගත යුතුවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk