Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රවි සිංහයේ ශනි දෝෂ දුරුකර ගනිමු

1 year ago 7 Min read
Subha.lk
සෙනසුරු කියන්නේ රවිගෙ පුත්රයා. ඒ කියන්නේ ශනිගේ තාත්තා තමයි සූර්යයා. අපි මේ ගතකරන්නේ ඒ සූර්යයාගේ බලය උපරිමයෙන් පවතින කාලයක්. ඒ කියන්නේ රවි සිංහ රාශියේ ගතකරන කාලයයි. සෙනසුරු මකර, කුම්භ රාශිවල ගතකරන නිසා බොහෝ ලග්න හිමියන් ඒරාශ්ඨක පීඩාවලින් කාලය ගතකරන බව නොරහසකි. ධනු, මකර, කුම්භ, මීන වගේම මිථුන කටක ලග්න හිමි අපටත් මේ කාලසීමා තරමක් දුෂ්කරයි. ආ තව දෙයක්. ඒ තමයි රවි හා ශනි සතුරුයි. ඒ කියන්නේ තාත්තයි පුතයි හොඳ නෑ. එහෙනම් තාත්තා බලගතු වෙනව කියන්නේ පුතාව පාලනය කරගන්න අවස්ථාවක් උදාකරගන්න පුළුවන් කියන එක. රවිගෙ බලය උපරිමයේ පවතින විට පුද්ගලයන්ගේ ආත්මීය බලය එක්වීමේ හැකියාව වැඩියි. තිර ආත්ම කාරක ග්රහයා බවට පත්වන්නේත් රවි ග්රහයායි. ඒ නිසා රවි සිංහ රාශිගතව ගමන් කරන මේ කාල පරාසයේ එනම් සැප්තැම්බර් 17 උදේ 7.22 තෙක් වත්පිළිවෙත් තුළින් පුද්ගල ආත්මීය ශක්තිය ඉහළ නංවා ගත හැකියි. එමෙන්ම ආත්මීයව බලපෑ දෝෂ ඉවත්කර ගැනීමට ද හැකියි. තවද ආත්මීයව කරගෙන ඇති කුසල් හෙවත් පෙර පින් ඉස්මතු කරගැනීමේ හැකියාව ද ඉතා ප්රබලයි. නීලාංජන සමාභාෂම් රවි පුත්රම් යමා ග්රජම් ඡායා මර්තාංඪ සම්භූතං තං නමාමි ශනේස්ශ්චරම් ගාථාව මෙම කාලය තුළ හැමදාම ඉර උදාවත් සමග සජ්ඣායනා කරන්න. එමෙන්ම ධාන්ය වර්ග 08ක් සහිත (ධනය ආශ්රිත නිෂ්පාදන ගත හැක.) පාර්සලයක් ආබාධිත හිඟන 08 දෙනකුට දන් දෙන්න. නිල් පැහැ වස්ත්ර 8ක් දන් දෙන්න. අලුයම ඉර උදාවට මිනිත්තු 48කට පෙර සිට ඉර උදාව අතර කාලයේ බෝධි පූජාවක් තියන්න. ඊට – එළඟිතෙල් පහන් – 08 ක් අබ තෙල් පහන් – 04 ක් පොල් තෙල් පහන් – 03 ක් දැහැත්විට, උක් හකුරු, සූකිරි, බෙහෙත් පැන් සහිතව බෝධි පූජාව තබන්න. මෛත්රී භාවනාව පුරුදු කරන්න. සෙනසුරාදා දින උදේ 6.00ට පමණ එළඟිතෙල් මිශ්ර කිරිබත් කපුටන්ට කෑමට දෙන්න. දස දිසා පිරිත නිතර කියන්න. කෙසේ වෙතත් හැකිතාක් වෛරය කේන්තිය පාලනය කරවා ගැනීම ඉතා ශුභයි. සෙනසුරු වක්රව ගමන් කරන කාලය තුළ මෙම වත්පිළිවෙත් කිරීමෙන් වඩාත් ප්රතිඵල ලබාගත හැක.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk