Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හතර කේන්දරේ පාළු වුනාට හිත පාළු කරගන්න එපා !

1 year ago 7 Min read
Subha.lk
ජන්ම පත්රයක විෂ්ණු ස්ථාන ලෙස හඳුන්වන ප්රධාන ස්ථාන සතරකි. ලග්නය, 4 වැන්න, 7 වැන්න හා 10 වැන්න එම ස්ථාන සතරයි. මෙකී ස්ථාන සතර හතර කේන්ද්රය ලෙස හැඳින්වේ. මෙහිදී ලග්නයෙන් පෞරුෂය, ගතිගුණ, ශරීර ස්වභාවය ආදී කොට ඇති මුළු මහත් ජීවිතය ද 4 වැන්න හෙවත් සුඛ ස්ථානයෙන් ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, ගෘහ ජීවිතය හා මව පිළිබඳව ද 7 වැන්න හෙවත් කලත්ර ස්ථානයෙන් කලත්රයා හා විවාහය සම්බන්ධව ද 10 වැන්න හෙවත් කර්ම ස්ථානයෙන් රැකී රක්ෂා, තනතුරු, නිලතල ආදිය පිළිබඳව ද විස්තර වේ. සාර්ථක පුද්ගලයකුගේ ජීවිතයේ උක්ත කරුණු සියල්ල බොහෝවිට ඉතාම සාර්ථකයි. කෙසේ වෙතත් සතර කේන්ද්රයේම කිසිදු ග්රහයකු නොමැති වීම එදා මෙන්ම අදත් සමාජයේ බොහෝ දෙනා බියට පත්වන පිහිටීමකි. එවැනි කේන්ද්ර පිහිටීමකින් ජනිත වන්නකු ඉතාම අවාසනාවන්ත බවත් අන්ත දුගී වී අසරණව සිඟමනට වැටෙන බවත් උන්හිටි තැන් පවා අහිමි වන බවත් විවාහයක්, රැකියාවක් නොලබන බවත් බහුතර මතයයි. එහෙත් එය එලෙසම පිළිගැනීම අනුවනකමකි. හතර කේන්ද්රය පාළුව පුස්සක් වූ අවස්ථා බොහොමයක් මා හට හමුවී ඇත. එනමුත් අතීතයේ නම් බොහෝ විට හතර කේන්ද්රයම පාළුවූ කේන්ද්ර හිමියන් බුද්ධ ශාසනයට පූජා කිරීම සිරිතක්ව පැවතුණි. එලෙස සසුනට දරුවකු පූජා කිරීමේ උදාර පින්කමට දෙමාපියන් පෙළඹුණේ බුද්ධ පුත්රයකු වීම තුළින් අති විශාල පින් ප්රමාණය් සිද්ධ කරගත හැකි බැවිනි. එලෙස සසුන්ගත වූ භික්ෂුන් වහන්සේ ඉතාම උගත් කීර්තිමත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේ බවට පත්වූ අවස්ථා ද එමටය. තවද මෙලෙස හතර කේන්දරයම පාළුවූ කේන්ද්ර හිමියන් ස්ත්රී පුරුෂ භේදයකින් තොරව සමාජයේ ඉතාම ඉහළ නිලතල දරුනු ද මා දැක ඇත. ඒ අතර කීර්තිමත් වෘත්තිකයන් ලෙස අති දක්ෂ විශේෂඥ වෛiවරුන්, දක්ෂ ඉංජිනේරුවන්, උගත් බුද්ධිමතුන් මෙන්ම අති දක්ෂ කෝටිපති ව්යාපාරිකයන් ද නැතුවා නොවේ. කරුණු කාරණා එසේ නම් එලෙස සිදුවූයේ කෙසේද? බොහෝ දෙනෙක් අදටත් නොදන්නවා වුවද හතර කේන්ද්රය පාළුව ප්රබල දෝෂයක් වුවද එය භංග වේ. එලෙස තමාගේ ජන්ම පත්රය තුළින්ම හතර කේන්දරය පාළුවීමේ දෝෂය භංගවන පිහිටීම් ගණනාවක් ජ්යොතිෂ පොත පතෙහි සඳහන්ය. එනිසා බැලූ බැල්මට හතර කේන්ද්රයේම එකම ග්රහයෙකු වත් නොමැති බව දුටු සැනින්ම හතර කේන්දරය පාළුය. අශුභය යනුවෙන් නොපවසා කළ යුත්තේ හතර කේන්දරයේ පාළුව භංග වේදැයි සොයා බැලීමයි. හතර කේන්දරයේ පාළු දෝෂය භංග වන පිහිටීම් මෙසේය. 1. සඳුගෙන් කේන්ද්ර ගතව හෙවත් සඳුගෙන් 1, 4, 7, 10 ආදී ස්ථානවල ග්රහයන් සිටීම. 2. සඳුගෙන් ත්රිකෝණගතව හෙවත් සඳුගෙන් 5, 9 ආදී ස්ථානවල ග්රහන් සිටීම. 3. ලග්නාධිපති නවාංශක කේන්දරයේ කේන්ද්ර ස්ථාන හතරින් එකක වීම. 4. ලග්න කේන්දරයේ 4 වැන්නාධිපති නවාංශක කේන්දරයේ 5, 9 ආදී ත්රිකෝණ ස්ථානයක වීම. 5. ලග්නයට ගුරුගේ දෘෂ්ටිය ලැබීම. 6. චන්ද්රයා සමග ග්රහයකු සිටීම. 7. චන්ද්රාධියෝගය හෙවත් චන්ද්රයාගෙන් 6, 7, 8 යන ස්ථානවල පිළිවෙළින් බුධ, ගුරු, සිකුරු යන ශුභයන් සිටීම. ඉහත සඳහන් පිහිටීම් එකකින් හෝ හතර කේන්දරය පාළු දෝෂය භංග වේනම් කිසිසේත්ම හතර කේන්දරය පාළු දෝෂයට අනියත බියක් ඇති කරගත යුතු නැත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk