Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හොඳට නරකට අධිපති මනමාල සිකුරාගේ ග්රහ සංයෝග මෙන්න

1 year ago 7 Min read
Subha.lk
මනමාල කමට අධිපතියා වන්නේ සිකුරු ග්රහයා ය. සිකුරා ලැබීම සිකුරු නළලේ යැයි පවසන්නේ සිකුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබීමෙන් ස්ත්රී පුරුෂයන්ගේ මංගල කරුණු ඉෂ්ට සිද්ධ වෙන බවයි. එමෙන්ම සිකුරුගෙන් මිනිස් සත්ත්වයන්ට හොඳ මෙන්ම නරක ද අත්වේ. සිකුරා ගෙන් මිනිසාට ලෞකික සැප සම්පත් ලබාදීම, කීර්තිය, ප්රසිද්ධිය, ජනප්රියත්වය, ධනය ලැබීම, සුන්දර, වශීයක් ඇති රූ සපුවක් ජන්මියාට උරුම කර දීම හා ප්රසන්න පෙනුම රැකදීම, ජනයා අතර කැපී පෙනීම, නිසි වයසට මංගල්යයක් සිදුවීම, ස්ත්රී පුරුෂයන්ගේ කාම නිල ඇවිස්සීම, ප්රාණවත්වීම, අනියම් පෙම් සබඳතා හා පරදාර සේවනයෙහි වයස් නොබලා හැසිරීම, ආදියෙන් ස්ත්රී පුරුෂයන් පහත් තත්ත්වයට ඇද දැමීම, විකෘති කාමාශාවන්වලින් අධිකව කාම උමතු කිරීම් ඇති කිරීමට සිකුරු බලපායි. තවද සිකුරුගේ බල වැඩිවීමෙන් ස්ත්රී පුරුෂයන් අතිධාවනකාරී වීම නිසා ඔහුට හෝ ඇයටත් සමාජයටත්, කරදර හිරිහැර ඇතිවීමෙන් විවාහ ජීවිතය පවා කඩාකප්පල්වීමට බලපෑම් එල්ල වේ. එසේ නම් සිකුරු ග්රහයා සමග සංයෝග යෙදෙන්නේ මෙසේය. ශුක්ර – රවි සංයෝගය මෙම යෝගය ඇති තැනැත්තා පිරිසිදුව හා පිළිවෙළට සිටීමට ප්රිය අයෙකි. සංගීත කලාවට ප්රිය කරයි. විවෘත මනසක් ඇත. වාසනාවන්ත විවාහයක් සිදුවේ. විවාහ වූ සහකාරියගෙන් දායාද ලැබේ. ශුක්ර – සඳු සංයෝගය නිතර සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීමට කැමැතිය. කිසිම දෙයක බරක්පතලක් ගැන තැකීමක් නැතිව ක්රියා කරයි. අලුත් දේවල්වලට ඇල්මට ප්රියක් දක්වයි. ඉක්මන් කෝපය නිසා තරහ ඇති වේ. එහෙත් එය වැඩි වේලාවක් හිතේ නොදරයි. නාට්ය ගීත, සංගීතයට, නැටුම්වලට, කලාවට, සාහිත්යයට ඇල්ම ඇති වේ. ශෘංගාරයට ඇලුම් කරයි. ශුක්ර – කුජ සංයෝගය අති ධාවනකාරී යෝගයකි. බාල, මහලු, තැන නොතැන නොබලා කාමයේ හැසිරේ. විකෘති කාමුක ක්රියාවන්ට ඇලුම් කරයි. ස්ත්රීන් – ස්ත්රීන් සමග ද පුරුෂයන් සමග ද කම්සැපයෙහි යෙදේ. කාමයෙන් උමතු වෙයි. එනිසා ජන්මියා තම සිත පාලනය කරගැනීම ඉතා වැදගත් වේ. එසේ නොමැති වුවත් තමාට කරදර විපත්වලට මුහුණ පෑමට සිදුවේ. සමාජයෙන් නින්දා අපහාස විඳීමට සිදුවේ. කෙළි සෙල්ලමෙන් කාලය ගතකරයි. එහෙත් කාරුණික හදවතක් ඇත. ඉක්මනින් හැඟීම්බරවන්නෙකි. ශුක්ර – බුධ සංයෝගය කාගෙත් සිත් දිනා ගැනීමට සමතෙකි. පිරිසිදුව, චරිතවත්ව ජීවත්වීමට උත්සාහ දරයි. කලාවට හිත බඳී. ආගම දහමට ලැදිවේ. උසස් අය ඇසුරට පත්වීම ප්රිය කරයි. ශුක්ර – ගුරු සංයෝගය දේපළ ලාභ ලැබීමේ වාසනාව ඇති වේ. තම ඥාතීන්ගෙන් උදව් උපකාර බොහෝ සේ ලැබේ. පවුල් දිවිය යහපත් කරන විවාහයන් සිදුවේ. ශුක්ර- ශනි සංයෝගය දැඩි ආත්ම විශ්වාසයක් ඇති අයෙකි. ජීවිතයේ දියුණුව ළඟාකර ගැනීමට දැඩිව උත්සාහ කරන්නෙකි. මුදල් හරිහම්බ කිරීමට උත්සාහ කරයි. වෙහෙස මහන්සි වේ. පෙර පිනකට ධන සම්පත් මුදල් ලැබේ. ජීවිතයේ අන් සියලු දෙයට වඩා මුදල් අගය කරයි.රඳවා ගනී. විවාහ දිවිය එතරම්ම සාර්ථක නොවීමට ඉඩ ඇත. නැතිනම් විවාහයක් සිදු නොවීමට හැකිය. කාම ඉන්ද්රියයන් ස්ත්රී පුරුෂ දෙපක්ෂයේම අප්රාණිකවීම, පුබුදුවාලීමට නොහැකිවීම, අක්රියවීම ඇති වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk