Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රජුන් තනන රවි

1 year ago 7 Min read
Subha.lk
පාසල් අධ්යාපනයේදී සෞරග්රහ මණ්ඩලයේ "සූර්යයා" වටා වෙනත් ග්රහලෝක භ්රමණය වන බව ඉගෙන ගත් ඔබට ජ්යොතිෂයේදී "සූර්යයා" ගැන ඊට මඳක් වෙනස්ව සිතන්නට සිදුවේ. සෞරග්රහ මණ්ඩලයේ සූර්යයා වටා අනෙක් ග්රහලෝක ඇති අතර "පෘථිවියද" ඉන් එක් ග්රහයෙක් පමනි. ඒත් ජ්යෙතිෂයේදී සූර්යයා එනම් "රවි ග්රහයා" ග්රහයෙක් පමණි. පෘථිවිය ග්රහයකු නොවේ. 'රවි' (හිරු) පෘථිවිය වටා භ්රමණය වන්නාවූ ග්රහයෙක් වී ඇති අතර නවග්රහයන්ට පෘථිවිය අයත් නොවේ.'රවි' නවග්රහයකුගේ එකකු වී ඇත. වෙනසක අපූරුව නේද? පාසල් අධ්යාපනයේදී චන්ද්රයා (සඳු) පෘථිවිය වටා භ්රමණය වන වස්තුවක් පමණි. එහෙත් ජ්යොතිෂයේදී චන්ද්රයා (සඳු) ග්රහයකුගේ තත්ත්වයට උසස්වීමක් ලබයි. මේ නිසා ජ්යොතිෂය අධ්යයනය කරන ඔබට මින් පසු 'පෘථිවිය' ග්රහයකු නොවේ. එසේම 'රවි' සහ 'සඳු' ග්රහයන් දෙදෙනකු වන බව මතකයේ තබාගන්න. රවි උෂ්ණ ග්රහයෙක්. නපුරුය. තේජවන්තය. 'රජුන් තනන්නේත් - රජුන් බලයෙන් පහකරන්නේත් රවිය' එසේනම් රවි උච්චවීම හෝ නීචවීම ඔබගේ පලාපල කථනයේදී වැදගත්ය. රවි ග්රහයා ජන්ම පත්රයේ පිහිටන ආකාරය අනුව ඔබේ ගතිගුණ, චරිතය, රැකියාව ආදිය මෙන්ම රෝගාබාධ, අධ්යාපනය ආදියද වෙනස් කරයි. රවිගේ පලාපල සියල්ල ලිවීම අපහසු වුවත් රවි යමකුගේ ලග්නස්ථානයේ සිටී නම් ඔහු හෝ ඇය ආඩම්බර, කිසිවකුට යටත්වීමට අකැමැති, මනා පෞරුෂයක් ඇති පුද්ගලයෙකි. රවි ඔබේ හත්වැන්නේ නම් ඔබ තවත් කෙනෙක් සමඟ හවුලේ කටයුතු කිරීමට අපහසු පුද්ගලයෙකි. රවි දසවැන්නේ නම් උසස් තනතුරක් ලැබෙන අතර එකොළොස්වන ස්ථානයේ නම් බොහෝ ග්රහ අපල අඩුවීමක් වේ. රවි 12 වැන්නේ නම් විදේශ ගතවීමකට ඔබට අවස්ථාවට උදාවේ.රවි එසේ වුවත් රව්ගේ මහදසාවේදී උෂ්ණ රෝග, විවාහ දෝෂ, ලේ විසවීම්, තුවාල, හදිසි අනතුරු ආදිය ගෙනදේ. උපතින් රවි ග්රහයා පිහිටන ස්ථාන අනුවද ඇස් රෝග, හිසේ වේදනා, උෂ්ණ රෝග, මලබද්ධය වැනි රෝග ඇති කරවයි. ඒ නිසා රවිගේ අපල අඩු කරගන්නට අවශ්ය පිළියම් බලමු. රවිගේ අපල අඩුකර ගන්නට සෙවණ දෙන එනම් කුඩා හිස් වැසුම්, සෙවිලි තහඩු දන්දීම, බස් නැවතුම් ඉදිකිරීම, වෘක්ෂ රෝපණයද වැදගත් වේ. එසේම ශිව දෙවියන්ට පුදපූජා පැවැත්වීමත්, කඩල තම්බා දන්දීමත් සුබය. රතු නෙළුම් මල්, රත්මල් ආදිය පූජා කිරීමත් ශිව සූර්ය මණ්ඩල යන්ත්රය පැලඳීමත් අපල අඩු කරගන්නට සුබයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk