Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විනාශය වෙනුවට වාසනාව කැඳවන වාස්තුව

1 year ago 7 Min read
Subha.lk
නිවෙසේ දිග, පළල අනුව ගෘහ පිණ්ඩය සොයා ගත යුතුය. ගෘහ පිණ්ඩය හෙවත් ක්ෂේත්ර ඵලය 8න් වැඩිකර 27න් බෙදූ කල ලැබෙන ශේෂයට අනුව ගෘහ නක්ෂත්රය සොයා ගත හැකිය. එම ඉතිරිය අනුව අස්විද බෙරණ, කැති සිට රේවතී දක්වා ගණින ආකාරයට අනුව ගෘහ නක්ෂත්රය සොයා ගත හැකිවේ.මෙසේ සොයා ගන්නා නැකැතත් ගෙහිමියාගේ නැකැතත් ගෘහ නක්ෂත්රයත් එකක් නොවිය යුතුය. නැකැත් දෙකම එකක් වී නම් ගෘහ හිමියා නැතිවීමට තරම් එය හේතුවේ. මෙහිදී සම්පත් ක්ෂේම සාධන, සාධක, මෛත්රි පරම මෛත්රි යන කොටස්වලට අයත් වීම සුබයි. ද්විජන්ම නිජන්ම නැකැත් සුබ යැයි ඇතැම් ආචාර්යවරුන්ගේ මතයයි. විපත් ප්රත්යාරි වධ යන කොටස්වලට ගෘහ නක්ෂත්රය අසුවීම ඉතා අසුබයි. ජන්ම නැකැතට හිමි චන්ද්රයා යහපත් වන්නේ නමුත් යුද වැඩ, ගෘහ ආරම්භය, ඖෂධ පාවිච්චිය, ගොවිතැන් ආදී කටයුතුවලට සුබ යැයි ඇතැම් පොත්පත්වල සඳහන් වේ. ජන්ම නැකැත, නිවාස නැකැත නොවිය යුතුය. ජන්මයෙහි දුකද සම්පත්හි සැප සම්පත්ද ක්ෂේම නැකැතෙහි සමපලද ප්රත්යාරි නැකැතෙහි රෝගද, සාධක නැකැතෙහි සියලු කාර්යද වධ නැකැතෙහි ධන හානි හා වධයද ලැබෙන බව මතයයි. සම්පත් මෛත්රි හා පරම මෛත්රි යන නැකැත් උතුම් කොට සලකයි. එබඳු වර්ග ඵලය ඉතා සුදුසුයි. ක්ෂේම හා සාධක නැකැත් මධ්යම කොට සැලසේ. උතුම් වර්ග නැකැතකට වර්ගඵලය ගත නොහැකි අවස්ථාවලදී මෙම නැකැත් දෙකට අයත් නැකැතක් වන වර්ගඵලය ගත්තාට වරදක් නැත. ප්රත්යාර් හා වධ නැකැත්වලට වර්ගඵලය අයත් වුවහොත් ගෘහ මූලිකයාගේ විනාශයට හේතුවේ. මේ නිසා දියුණුව පතන අයෙක් වේ නම් මේ ආකාරයට ගෘහ නක්ෂත්රය සොයා තම ඉදිකිරීම් කරගත යුතුවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk