Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබේ අත ඔබම බලාගන්න

1 year ago 7 Min read
Subha.lk
වර්තමාන සමාජයේ ද හස්තරේඛා විශේෂඥයන් බොහෝ සිටී. ඒ වගේම අතක් බලා තම ජීවන තොරතුරු දැනගැනීමට ආශාවෙන් කටයුතු කරන අය බොහෝය. එසේ වුවද එම ශාස්ත්රඥයා බොහෝ අත්දැකීම් ඇති පරිණත අයකු වුවහොත් පමණක් එම ශාස්ත්රවන්තයා කියන පලාපල නිවැරැදි වේ. එවැනි ආකාරයට පලාපල කියන්නේ මෙසේය. ඒ අනුව තමා බලන අත කුමන වර්ගයකට අයත් එකක් දැයි තීරණයකට ආ යුතුය. පලාපල කීමේදී අත් වර්ග හතක් (7) තිබෙන බව සාමුද්රිකා ශාස්ත්රය පෙන්නා දෙයි. එම අත් වර්ග හත (7) මෙසේය. මිශ්ර හස්තය, චතුරශ්ර හස්තය, කලා හස්තය, දාර්ශනික හස්තය, කාර්මික හස්තය, වෛසිත හස්තය, මූලික හස්තය යනාදී වශයෙනි. මෙම අත් වර්ගයන්ට අනුවත් ඒ ඒ අත්වල වැටෙන ග්රහ මණ්ඩල ප්රධාන රේඛාවන්ට අනුවත් පලාපල වෙනස් වේ. උදාහරණයක් ලෙස කෙනකුගේ හස්තය කලා හස්තයක් වී එහි බලවත් වූ සිකුරු හා රවි මණ්ඩල ප්රබල වී සිකුරු චක්රයක් තිබී රවි හෙවත් සූර්ය රේඛාවන් ඉතා පැහැදිලි ලෙස වර්ණවත්ව තිබේ නම් එම අත්ල හිමියා අතිශයින්ම ජනප්රිය කලාකරුවකු වනවාය. මෙය හස්ත රේඛා ශාස්ත්රයේ උගන්වන සිද්ධාන්තයි. ඊළඟට බැලිය යුත්තේ ප්රධාන රේඛාවන්ය. ප්රධාන රේඛා වශයෙන් ගණන් ගන්නේ ජීවන, ශීර්ෂය, හෘදය, දෛවය රවි හෙවත් සූර්ය රේඛාවන්ය. ප්රධාන රේඛාවන් මඟින් ආයුෂ, නිරෝගීකම, වැලඳෙන ලෙඩ රෝග පිළිබඳවත් අවබෝධයන් ලැබිය හැකිය. තවත් උදාහරණයක් ලෙස ගතහොත් කෙනකුගේ අතක් දාර්ශනික වර්ගයට අයත් එකක් යැයි සිතමු. මෙහි අත්ලේ ප්රයෝගික කොටස ලෙස නම් කරන බුධ, රවි, හා ගුරු මණ්ඩල ඉතා ප්රබල නම් ශීර්ෂය රේඛාව දික්ව කඩතොලු ලක්ෂණයන්ගෙන් යුක්තවී, පරහිත් දර්ශන රේඛාව වැටී ඇත්නම් එවැනි අය කුශාග්ර බුද්ධිමතුන් වේ. බොහෝ ඥානවන්තයන්, ලේඛකයන්, චින්තකයන්, ආගමික නායකයන්ගේ අත්වල මෙවැනි ආකාරයේ රේඛා පිහිටන බව අප අත්දැක තිබේ. මෙවැනි අය සංසාර දුකින් මිදීම සඳහා බලවත් පරිශ්රමයක් දක්වන බව පෙනේ. අතක් බලා නිවැරැදිව පලාපල කීමේදී අත්වල වැටෙන සියුම් රේඛාවන් බොහෝය. මෙම සියුම් රේඛාවන්ද පලාපල කීමේදී විශාල කාර්යභාරයක් ඉටුකරන බව අප අත්දැක ඇත. එම සියුම් රේඛා සලකුණු මේවාය. සුච රේඛාව, දේශාටන හෙවත් සංචාරක රේඛා, ගුප්ත කතිරය, සොළමන්ගේ මුද්ද, දරුපල රේඛා, විවාහ හෙවත් ජය රේඛා, සහෝදර පල රේඛා, ශනි චක්රය, පරධන රේඛා, කුජ රේඛාව වැනි රේඛාවන්ය. තවද අත්ලේ පාට, හැඩය, ඇඟිලි පුරුක්, පිටිඅල්ල, ඇඟිලි පුරුක්වල වැටෙන සියුම් රේඛා මෙන්ම මහපට ඇඟිල්ලේ පිහිටීම නියපොතුවල පිහිටීම වැනි කරුණුත් බෙහෙවින් බලපානු ඇත. කෙනකුගේ රැකියාව, ධනය, දේපළ, වත්පොහොසත්කම වැනි කරුණු පිළිබඳ අතක සලකුණු වන දෛවය හා රවි රේඛාත් ප්රධාන රේඛා ග්රහ මණ්ඩලත් අතිශයින් බලපාන බව දිගු කාලීන හස්තරේඛා පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. මේ අනුව අතක් බලා නිවාරැදිව පලාපල කීමට නම් ඉහත සඳහන් කරුණු විශේෂ සැලකිල්ලට ගෙන පලාපල කීමෙන් ඉතා නිවැරැදි පලාපල කිව හැකි බව අපගේ දිගුකාලීන අත්දැකීම් වන බව පෙන්වා දිය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk