Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඉදිකිරීම් කටයුතු වලදී නැතිවම බැරි වාර පොරොන්දම

1 year ago 7 Min read
Subha.lk
ඔබ අලුතින් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබගේ අත්තිවාරමේ වර්ගඵලය ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුය පැරැණි වාස්තු විද්යාවේදී අත්තිවාරමේ දිග සහ පළල ගුණ කිරීමෙන් ලැබෙන වර්ගඵලය ග්රහ පිණ්ඩය ලෙස හදුන්වා දී ඇත. ග්රහ පිණ්ඩයේ අගය නවයෙන් වැඩි කර හතෙන් බෙදීමෙන් ගෘහයට අධිපති ග්රහයා කවුරුන්ද යන්න සොයා ගත යුතු බව භාරත වාස්තු විද්යාවේ සදහන් වේ. ගෘහයට අධිපති ග්රහයා කවුරුන්ද යන්න සෙවීම වාර පොරොන්දම එහෙමත් නැත්නම් දින පොරොන්දම ලෙස හදුන්වා දී තිබේ. ගෘහ අධිපතියා ගැන නියම ලෙස දැනගෙන, නිවාස සැලසුම නිර්මාණය කර ගැනීමට පෙර අවශ්යතාවට ගැළපෙන ලෙස ගෘහ නිර්මාණ ශිල්පියා සමඟ සාකච්ඡා කර ඒ අනුව නිවෙසේ දිග පළල සකස් කරගෙන නිවෙස ඉදිකළ විට එහි පදිංචිකරුවන්ට සුවදායක නිරෝගී ජීවිතයක් හිමිවන අතර ව්යාපාරික ගොඩනැඟිලි ඉදිකිරීමේදී ව්යාපාරයට අදාළ ලෙස ගෘහ පිණ්ඩය සකස් කර ගැනීමෙන් එම ගොඩනැඟිල්ල තුළ සිදුකරන ව්යාපාරය දිනෙන් දින දියුණු වන බවද දැක ගැනීමට හැකිවේ. ගොඩනැඟිල්ලක අත්තිවාරමේ වර්ගඵලය නවයෙන් වැඩි කර හතෙන් බෙදූ විට ඉතිරි වන අගය (ශේෂය) එක නම් එහි ගෘහ පිණ්ඩාධිපති වන්නේ සූර්යයාය. රවි ගෘහ පිණ්ඩාධිපති වන නිවෙසක් සාමාන්ය නිවෙසක් වශයෙන් පරිහරණය කිර්මට සුදුසු නැත. මෙවැනි ගොඩනැඟිල්ලක් සුදුසු වන්නේ ඖෂධ, රසායන ද්රව්ය ගබඩා කිරීමට හෝ සංචාරක ව්යාපාරයක් පවත්වාගෙන යෑමට හෝ වැඩිහිටි නිවාසයකටය. ශිව දෙවියන් සඳහා පුද පූජා පැවැත්වීමට දේවාලයක් නිර්මාණය කිරීමේදී පිණ්ඩාධිපති රවි වන ක්ෂේත්රඵලයක් මත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමෙන් ඉතා උසස් ප්රතිඵල ලබාගත හැකිවේ. පදිංචියට සුදුසු නිවෙසක් ඉදිකිරීමට පිණ්ඩාධිපති සඳු වන ක්ෂේත්රඵලයක් මත නිවෙස ඉදිකළ හැකිවේ. ඉදිකිරීමට යන නිවෙසේ අත්තිවාරමේ වර්ගඵලය නවයෙන් වැඩි කර හතෙන් බෙදූ විට ලැබෙන අගය 2ක් වූ විට ඔබට සඳු පිණ්ඩාධිපති වූ නිවෙසක් හෝ ගොඩනැඟිල්ලක් ඉදිකර ගැනීම කරගත හැකිවේ. මෙවැනි ඉදිකිරීමක පදිංචිකරුවන් සතුටින් ජීවත්වන අතර මෙම ගොඩනැඟිල්ල විශේෂයෙන්ම පලතුරු, එළවළු අලෙවිසලක්, උත්සව ශාලාවක්, රෙදිපිළි අලෙවිසලක්, සංචාරක ව්යාපාරයක්, රූපලාවණ්යාගාරයක් සඳහා ඉතාමත් සුදුසු වේ. මෙවැනි ගොඩනැඟිල්ලක පදිංචිකරුවන් දුර්ගා මෑණියන්ට පුද පූජා පැවැත්වීමෙන් මහත් දියුණුවට පත්වන බව වාස්තු විද්යුතවේ සඳහන් වේ. ගොඩනැඟිල්ලක වර්ගඵලය නවයෙන් වැඩි කර හතෙන් බෙදූ විට ඉතිරිවන අගය තුනක් වූ විට එම ගොඩනැඟිල්ල සඳහා පිණ්ඩාධිපති වන්නේ කුජ ග්රහයාය. මෙවැනි ගොඩනැඟිල්ලක් හමුදා කඳවුරකට, ආරක්ෂක ස්ථානයකට, ආයුධ ගබඩාවකට, ආරක්ෂක අංශයේ ප්රධානියකු වෙනුවෙන් තනන නිල නිවාසයකට පළිබෝධ නාශක ගබඩා කිරීම, විකිණීම සඳහා තනන ගොඩනැඟිල්ලකට ඉතාමත් සුදුසුය. ඔබ ඉදිකිරීමට යන්නේ පුවත්පත් ආයතනයක්, ලිපිද්රව්ය පොත්පත් අලෙවි කිරීම සඳහා ස්ථානයක්, මූර්ති කලා ශිල්ප සඳහා ගොඩනැඟිල්ලක්,භාණ්ඩාගාරයක්, තැරැව්කාර ආයතනයක් සඳහා ව්යාපාරික ගොඩනැඟිල්ලක් නම් බුධ එම ගොඩනැඟිල්ල සඳහා පිණ්ඩාධිපති වීම වඩාත් සුදුසුය. මේ සඳහා අත්තිවාරමේ වර්ගඵලය නවයෙන් වැඩි කර හතෙන් බෙදූ විට හතරක් ඉතිරි වන ලෙස සකස්කර ගන්න. ගෘහ පිණ්ඩයේ අගය නවය වැඩි කර හතෙන් බෙදූ විට ලැබෙන අගය පහක් වූ විට එහි පිණ්ඩාධිපති ගුරුය. මෙවැනි ඉදිකිරීමක් පදිංචිය සඳහා ඉතාමත් සුබදායක වන අතර ජ්යොතිෂ කාර්යාල, නීතිඥ කාර්යාල, දේශපාලන කාර්යාල, මැණික්, රෙදිපිළි ව්යාපාරික ස්ථාන ආදිය සඳහා සුදුසු වේ. ගොඩනැඟිල්ලක අත්තිවාරමේ ක්ෂේත්රඵලය නවයෙන් වැඩි කර හතෙන් බෙදූ විට ලැබෙන අගය හයක් නම් එහි පිණ්ඩාධිපති වන්නේ සිකුරුය. මෙවැනි ගොඩනැඟිල්ලක් වඩාත්ම සුදුසු වන්නේ වාහන අලෙවි ව්යාපාර, නිවාඩු නිකේතන, ස්වර්ණාභරණ සහ මැණික් අලෙවිසල්, උත්සව ශාලා ප්රචාරක ආයතන, රූපලාවණ්යාගාර සඳහාය.පිණ්ඩාධිපති ලෙස සෙනසුරු ග්රහයා ලැබෙන්නේ ගොඩනැඟිල්ලක අත්තිවාරමේ අගය නවයෙන් වැඩි කර හතෙන් බෙදූ විට ශේෂය හයක් වූ විටය. මෙවැනි ඉදිකිරීමක් මහලු නිවාස, අවමංගල්ය ආයතන, කෘෂි උපකරණ, කෘෂි නිෂ්පාදන, සත්ත්ව නිෂ්පාදන හා උළු, ගඩොල්, වළං, අලෙවිසල් කර්මාන්ත ශාලා සඳහා ඉතාමත් සුදුසුය. ඉහත කරුණු ගැන නිවෙසක සැලසුම නිර්මාණය කිරීමට කලින් ඔබගේ අවධානය යොමු කිරීමෙන් ඔබ ඉදිකරන ගොඩනැගිල්ල භාවිත කරන්නේ කුමන කටයුත්තකටද යන්න ගැන අවධානය යොමුකර ඉතාමත් සාර්ථක ප්රතිඵල ලබාගත හැකිවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk