Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කුඩා දරුවන් පරෙස්සම් කරගනිමු!

1 year ago 7 Min read
Subha.lk

බුධ ග්‍රහයා 2021 වසරෙහි නොවැම්බර් 21 වැනිදා පෙ.ව. 4.51ට විශ්ව කේන්දරයෙහි මාරකස්ථානය නොහොත් වෘශ්චික රාශියට පිවිස අවිනිශ්චිත සහ ගුප්ත ග්‍රහයකු වන කේතු සමඟ එක්වන අතර මෙසේ වෘශ්චික රාශියට පිවිසුණු බුධ ග්‍රහයා 2021 වසරෙහි දෙසැම්බර් 10 වැනිදා පෙ.ව. 06.07 වන තෙක්ම තම වෘශ්චික රාශි චලිතය පවත්වාගෙන යයි.

මෙම ග්‍රහ චලිතයට අනුව 2021 වසරෙහි නොවැම්බර් 21 වැනිදාත් 2021 වසරෙහි දෙසැම්බර් 10 වැනිදාත් අතර කාලසීමාව තුළ කුඩා දරුවන් සම්බන්ධව අවිනිශ්චිත, ආන්දෝලනාත්මක සහ අසුබ ආරංචිවලට ඉඩකඩ ඇති බැවින් වෙනදාටත් වඩා කුඩා දරුවන් රැකබලා ගැනීම නුවණට හුරුය.

මීට අමතර ලෙස ඉහත කාලසීමාව තුළ කුඩා දරුවන් සම්බන්ධව අවිනිශ්චිත, ගුප්ත සහ හඳුනා නොගත් අසනීප අලුතින් හට ගැනීමේ අවදානමක්ද නිර්මාණය වන බව පෙනේ. එමෙන්ම බුධ ග්‍රහයා මෙසේ වෘශ්චික රාශිය තුළ චලිත වීමට අනුව පොදුවේ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය යන අංශවලටද ඉලක්කම භාවිත වන ආයතනවලටද 2021 වසරෙහි නොවැම්බර් 21 වැනිදාත් 2021 වසරෙහි දෙසැම්බර් 10 වැනිදාත් අතර කාලසීමාව තුළ අපලදායක තත්ත්ව පෙන්නුම් කරයි. එසේම එම කාලසීමාව ශිෂ්‍යයන් සම්බන්ධව, ගුරුභවතුන් සම්බන්ධව, මාධ්‍යවේදීන් සම්බන්ධව සහ වෙනත් උගතුන් සම්බන්ධව අසුබ අවිනිශ්චිත සහ වෙනත් ආන්දෝලනාත්මක සිදුවීම්වලට ඉඩකඩ පවතින කාලසීමාවක් බව පෙනේ.

විශේෂයෙන් බුධ මාරුව සිදුවන මොහොතෙහි  තත්කාල කේන්දර සටහනට අනුව මීට කලින් ලිපියෙන් සඳහන් කළ පරිදිම කෘෂිකාර්මික අංශවලට ඉදිරි කාලයද ඉතා අහිතකර වන අතර ඉදිරි සති කිහිපය තුළ ලෝක මට්ටමෙන් සිදුවන ජල විපත්වලටද ඉඩකඩ ඇත. එමෙන්ම මීට කලින් ලිපියෙන්ද සඳහන් කළ පරිදිම  2021 වසරෙහි නොවැම්බර් 20 වැනිදා ආශ්‍රිත දිනවල සහ එදිනෙන් පසුව එළැඹෙන සතියක පමණ කාලසීමාව තුළ රටම දන්නා ප්‍රසිද්ධ චරිතයකට ඇති වන බලගතු අපලයක්ද පෙන්නුම් කෙරේ.

මීට කලින් ලිපියෙන් සඳහන් කළ පරිදිම 2021 වසරෙහි නොවැම්බර් 19 වැනිදා මධ්‍යය එදින ප.ව. 2.35 වන සේ වෘෂභ රාශිය තුළ කැති නැකැතේ 02 වැනි පාදයෙන් අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවේ. මෙම චන්ද්‍ර ග්‍රහණයට අනුව මීට කලින් ලිපියෙන් සඳහන් කළ පරිදිම 2021 වසරෙහි නොවැම්බර් 19 ආශ්‍රිත දිනවල සහ  2021 වසරෙහි නොවැම්බර් 19 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ හදිසි කාලගුණික විපර්යාසවලට, මුහුද රළු වීමට, පොළොව සෙලවීමට සහ මහ සයුර තුළ භූකම්පන ඇති වීමටද, බලාපොරොත්තු රහිත හදිසි අනතුරුවලටද ඉඩකඩ  පවතින බව පෙනේ. තවද මෙම  චන්ද්‍ර ග්‍රහණයට අනුව 2021 වසරෙහි නොවැම්බර් 19 ආශ්‍රිත දිනවල සහ 2021 වසරෙහි නොවැම්බර් 19 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ජාතික මට්ටමේ ජනතා නියෝජිතයන්ට ඇති වන අපලද පෙන්නුම් කරන අතර එම කාලසීමාව තුළ ලෝක මට්ටමෙන් ආරක්ෂක අංශවලට සහ ක්‍රීඩකයන්ට ඇති වන අපලද පෙන්නුම්  කෙරේ.

කෙසේ වෙතත් ඉහත කී චන්ද්‍ර ග්‍රහණයට අනුව 2021 වසරෙහි නොවැම්බර් 19 ආශ්‍රිත දිනවල සහ 2021 වසරෙහි නොවැම්බර් 19 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මුහුණුවරකින් ආරම්භ වීමට ඉඩකඩ ඇති අතර විදෙස් රටවල් සමඟ ඇති වන නව ගිවිසුම් ආදියටද ඉඩකඩ පවතින බව පෙනේ. තවද මෙම ග්‍රහ ගෝචරවලට අනුව 2021 වසරෙහි නොවැම්බර් 19 ආශ්‍රිත දිනවල සහ 2021 වසරෙහි නොවැම්බර් 19 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධන ආදියටද සුළු ඉඩක් හටගන්නා බව පෙනේ.

මීළඟට සිදුවීමට නියමිත ග්‍රහ මාරුව වන්නේ කුජ ග්‍රහයා 2021 වසරෙහි දෙසැම්බර් 05 වැනිදා පෙ.ව. 5.58ට වෘශ්චික රාශියට පිවිසීම වන අතර එය අතිශය තීරණාත්මක ග්‍රහ මාරුවක් වේ. මෙම තීරණාත්මක ග්‍රහ මාරුව පිළිබඳව ඉදිරි ලිපියකින් කතාබහ කිරීමට බලාපොරොත්තු වෙමු.

ප්‍රවීන ජ්‍යෙතීර්වේදී - පාරින්ද්‍ර සුගතදාස (14/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk