Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කුජගෙන් කියැවෙන කසාදේ විස්තරේ

1 year ago 7 Min read
Subha.lk

දේව පුරාණයේ එන ශිව හා පාර්වතී යන දෙදෙනාම ලෝකයේ සිටිය අග්‍රගණ්‍ය වූ රති ක්‍රීඩාවේ දක්ෂයන් දෙදෙනකු බව ප්‍රකාශිතයි. දිවියට එළැඹීමෙන් පසු සම්බෝගයෙන් බලාපොරොත්තු වන සු බ වින්දනය මෙන්ම ප්‍රජාවගේ පැවැත්මද බලාපොරොත්තු වෙයි. ඒ වගේම ඔවුන්ගේ එකම අපේක්ෂාව වන්නේද සතුට, සාමය හා සැපයෙන් පිරි දිව්යක් ගත කිරීමයි. එහෙත් වත්මන් සමාජය තුළ එවන් අඹුසැමි පවුල් ඇත්තේ අල්ප ප්‍රමාණයකි. එයට හේතුව ග්‍රහ ගැටුම් බව ජ්‍යොතිෂයේ හොඳින් පෙන්වා ඇත.

 

කේන්දරයක කුජ ග්‍රහයා ලොවේ සෙන්පතියාය. සිකුරු ග්‍රහලොවේ මනාලියවේ. පුරුෂයකු හෝ ස්ත්‍රියක් විවාහයට යොමු කරන්නේ සිකුරුය. කාන්තාවක් විවාහයට යොමු කරවන ප්‍රධාන ග්‍රහයා කුජ වන අතර යුගදිවිය පූර්ණව පාලනය කරන්නේද කුජ විසින්ය. ඇගේ යුගදිවිය සාර්ථක වන්නට නම් කුජ බලවත් විය යුතුයි. පාපී ග්‍රහයකු සමඟ සංයෝගව සිටියොත් හෝ පාපී ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්ව සිටියොත් විවාහ දිවියේ ගැටලු ඇතිවේ. කාමාශාවන් හීන තත්ත්වයට හෝ අධික තත්ත්වයට පත්කරයි.

 

කාන්තා කේන්දරයේ කුජ බලවත් වූ විට ඇය අධික කාමාශාවෙන් පෙළෙන්නියකි. එසේ වන්නේ පාපී ග්‍රහ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් අශුභ වූ විටය. කුජ ග්‍රහයා රවිගේ කිරණට හසුවූ විට කාමාශාව හීන වන අතර රති සම්බෝගයට ඇල්ම නැතිවේ. කුජ බලවත්ව තනිව පිහිටියේ නම් විවාහ දිවියේ ගැටලු ඇති නොවේ. හත්වැන්නේ බලවත්ව සිටියොත් ඇය මනා අඟපසඟකින් යුත් හිත් බැඳි ආකර්ෂණය වන මනබඳින ඇත්තියක් වේ. යහපත් මනා පුරුෂයකු සමඟ විවාහ වීමට පින ඇත. රණහංස පියයුරු, පුළුල් උකුල, අඩසඳවන් මුහුණක් ඇති ශරීරාංගයන්ගෙන් හෙබි කතක් වේ.

 

 

එසේ වන්නේ කුජ බලවත් වූ විටයි. පාපී ග්‍රහයකු හා සංයෝග වූ විටද පාපී රාශියක සිටියොත් කුජ පීඩනයට පත් වේ. විශේෂයෙන් කුජ රව්ගේ දෘෂ්ටියෙන් දුර්වල වී නම් එම කාන්තාවගේ ලිංගික ආශාවන් හීන කරයි. එවැනි කාන්තාවකගේ ඉරණම ඛේදජනකයි. ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලද කුජ කාන්තාවකගේ ලිංගික ජීවිතය ඉතාම මධ්‍යස්ථව, ආදර ඇල්මෙන් වෙළී බැඳී පවතී.

 

රාහු සමඟ එක්වීමෙන් කාමාශාවන් ඉහවහා ගොස් පාලනය කර ගැනීමට අපහසු වන අතර සිකුරු හා එක්වීමෙන්ද කාමාශාව අධික වී තෘප්තිමත් වීමට බාල, මහලු පරපුරුෂ සේවනයට ආශාව ඇතිකරන අතර මහලු අයට ප්‍රියකරයි. අධික ලිංගික තෘප්තියට ඇල්මෙන් විකෘති කාමාශාවන්ට ප්‍රිය කරයි. ඉහත කරුණු සැලකිල්ලට ගෙන කේන්දර පරීක්ෂා කර කරට කර කදට කද ඇති එක සමාන ග්‍රහබල ඇති ස්ත්‍රී පුරුෂ දෙදෙනකු විවාහ වීමෙන් යුග දිවිය අනඟ රසයෙන් පිරියයි. පූර්ණව සම වේ. කිරි පැණි සේ රන් රස වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk