Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙයක් හදන්නද කල්පනාව , එහෙනම් මේ උපදෙස් ඔබටයි

1 year ago 7 Min read
Subha.lk

නිවාසයක් සෑදීමට පෙර ඔබ මිලදී ගන්නා ඉඩම ගැනද සැලකිලිමත් විය යුතුය. ඉඩමේ ස්වභාවය, ඉඩම පිහිටීම යන කරුණු ගැනද අවධානය යොමු කරන්න. නිවාසයක් සෑදීමට වඩාත් යෝග්‍ය වන්නේ සමවතුරස්‍රාකාර, සෘජු කෝණාස්‍රාකාර හෝ වෘත්තාකාර ඉඩමීය. සමහර විට ත්‍රිකෝණාකාර ඉඩම් කැබලිද මිලදී ගන්නට සිදුවන අවස්ථා ඇත. එවිට එම ඉඩම නිවාස තැනීමට සුදුසු ආකාරයට පිළියෙල කරගත යුතුය.

 

පාළුවට ගිය ඉඩම්, මුඩු ඉඩම් මෙන්ම මනුෂ්‍ය වාසයෙන් තොර ඉඩමක් මිලදී ගැනීමේදී නිවාසය තැනීමට පෙර බහිරව පූජාවක් තැබීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. එසේම යටිතල පහසුකම් ගැනද බැලිය යුතුය. අවශ්‍ය පහසුකම් තිඛෙන ප්‍රදේශයක් නම් වඩාත් සුදුසුය.

 

සුසාන භූමි ආශ්‍රිත ප්‍රදේශයක ඉඩමක් මිලදී ගනු ලබන්නේ නම් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඒ අසල ඉඩමක් මිලදී ගනු ලබන්නේ නම් එම ඉඩම වටා තාප්පයක්වත් ඉදිකර ගත යුතුය. නාගරික ප්‍රදේශයක නම් මෙම ආකාරයේ ඉඩම්වල අමනුෂ්‍යය දෝෂ නැති වන්නට පුළුවන.

 

කෙසේ වුවත් ඔබ නිවාසය ඉදිකරන්නට පෙර ඔබ සාදන නිවාසයේ සැලැස්ම සැකසීමේදී නිවාසයේ පදිංචි වීමට සිටින අයගේ කේන්දර බලා සුදුසු නිවාස නැකැතක් තෝරාගෙන නිවාස සැලසුම පිළියෙල කරගත යුතුය. එවිට එම නිවාස නැකැත අනුව සුදුසු දිග පළලක් තෝරා ගත හැකිය. මෙම නිවාස සැලසුමට අනුව සුබ දිශාවලට අනුව කාමර බෙදා වෙන්කර ගත යුතුය.

 

නිවාසය සෑදීමට සුදුසු කාලයක නිවාසය තනා ගත යුතුය. මෙහි දී කෝණ මාස මඟහැර  තනා ගත යුතුය. මෙහිදී කෝණ මාස මඟහැර සුබ දිනයකදී සුබ හෝරාවකදී නිවාසයේ වැඩ පටන් ගැනීම වැදගත්ය. ජ්‍යොතිර්වේදියා නියම කරනු ලබන දිනයකදී මෙය කළ යුතුය.

 

එසේම නිවාසය සාදන දිනය පුර පක්ෂයේ දිනයක් විය යුතුය. පුර පක්ෂය ලෙස ගණන් ගනු ලබන්නේ පුර ව්ශේනිය සිට අව ව්ශේනිය දක්වා ඇති කාලයයි. සුබ යෝග ඇති දිනයක් මේ සඳහා සුදුසුය.

 

ආරම්භයේදී එම ඉඩමේ පාද බෙදා වෙන්කර ගෙන නිවාසය ඉදිකරගත යුතුය. මෙහිදී ප්‍රේත පාදය අයින්කර නිවාසය තනනු ලැබේ. පර්චස් 10ක් හෝ 15 බිම් ප්‍රමාණයකදී මෙය කරන්නට අපහසු වුවත් සුළු ඉඩක්වත් ප්‍රේත පාදයට අයින් කළ යුතුය.

 

තවද කුඩා ඉඩම් කැබැල්ලක ඉඩමේ මැදට නිවාසයේ මැද අසු නොවන ලෙස ගැනීම අපහසුය. මෙවැනි කුඩා ඉඩම්වලට මෙය බල නොපායි. පර්චස් 400 වැඩි ඉඩම් වල මෙය බැලිය යුතුය.

 

කඳුකර ප්‍රදේශයක නිවාසයක් ඉදිකිරීමේදී එම භූමියේ පිහිටීමට අනුව නිවාසය ඉදිකර ගත යුතුය. එසේම ජලයට යටවන ඉඩම්වලදීද, මුහුදු ඛාදනයට ලක් වන ඉඩම්වලදීද එම විපත්වලට අසුනොවන ලෙස තම නිවෙස ඉදිකර ගත යුතුය.

 

මෙම කරුණු කෙරෙහි සැලකිලිමත් වී නිවාසය ඉදිකර ගනු ලබන්නේ නම් ඔබට වඩාත් සුදුසු නිවාසයක් සාදා ගැනීමට පුළුවන. තමන් සැදු නිවාසය වාස්තු දෝෂවලින් තොර නම් ඔබට යහපතක්ම වනු ඇත. එවිට නිවාසය යළි කඩන්නට අවශ්‍ය නැත.

 

නිවාසය සෑදීමට ගනු ලබන නැකැත සුදුසු නැකැතක්ම විය යුතුය. මෙය නිවාස චක්‍රයට අනුව ගත යුතුය. අද බොහෝ දෙනෙක් මෙම නිවාස චක්‍රයට අනුව නිවාස නැකැත් දෙන්නේ නැත. එනිසා නිවාසය සාදන විට සුඛ දවසකට සුබ නැකැතක්ම සාදා ගත යුතුය.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk