Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දිවියම සරු කරන බලවත් කෙම් ක්‍රම 12ක්

1 year ago 7 Min read
Subha.lk

බුදු රජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගත් භික්ෂු පිරිසක් භාවනා කිරීම සඳහා එක්තරා වන පියසකට පැමිණියහ. වැඩි දිනක් ගත වන්නට පළමු ඒ භික්ෂුන් වහන්සේට බියකරු ශබ්ද ඇසෙන්නටද, දුගඳ දැනෙන්නටද විය. සිත එකඟ කර ගැනීමට කිසිසේත් නුපුළුවන් වූ නිසා මේ භික්ෂුහු නැවත බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ තමන්ට සිදුවූ අපහසුව දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ කරණියමෙත්ත සූත්‍රය දේශනා කොට එය ඉගෙනගෙන ආරක්ෂාව සඳහා පිරිතක් වශයෙන්ද භාවනා කර්මස්ථානයක් වශයෙන්ද භාවිත කරන ලෙස වදාළහ.

 

යළිත් ඒ වන පියසටම වැඩි භික්ෂුන් වහන්සේ භාවනා කොට රහත් වූහ. වන වැසි වෘක්ෂ දේවතාවන්ගේද ගෞරවාදරයට පාත්‍ර වූහ.

 

එදා පමණක් නොව අද ද පෘථග්ජන මිනිසුන් වශයෙන් සමාජය තුළ ජීවත් වීමේදී ගැටලු, කරදරයන්ට පාත්‍රවීම සාමාන්‍ය දෙයක්. බොහෝදෙනෙක් මේ පවත්නා අසුඛ දෙයින් මිදීමට පිරිවැයකින් තොරව පාරම්පරිකව වැලඳගත් මෙන්ම දැන උගත් දේ ජීවිතයට බද්ධ කර ගනිති.

 

එසේ නොමැති නම් පොත පතින් නොවූවත් මුඛ වහරින් පැවැතෙන ඇතැම් දේ ගැටලුවලට ප්‍රතිකර්ම වශයෙන් භාවිත කරති. මේවා කෙම් ක්‍රම නමින් හෙළ වෙදකමේත් මෙන්ම ජ්‍යොතිෂය ආදී ශාස්ත්‍රය තුළත් ප්‍රබලව භාවිත වනු ඇත. අද දින ඔබට ලබාදෙනු ලබන්නේද ප්‍රායෝගිකව යම් තැනකදී ගැටලු වශයෙන් පවතින කරුණු කාරණා කිහිපයක් සුමටව විසඳාගන්නා ආකාරයන් පිළිබඳවයි. ඉපැරැණි පොතපතෙහි දක්වා ඇති ආකාරයෙන්ම හා ප්‍රායෝගිකව ලද අත්දැකීම්ද මුසුකොට මෙම දී ඇති කෙම් ක්‍රම ඔබත් ඔබේ ගැටලු වෙනුවෙන් භාවිතාවට ගන්න. උසස් පල ළං කරගන්න.

 

01. විවාහ ප්‍රමාදයට නම් කරඳ කොළ මත කෙකටියා මල් තබා ඒ මතම තවත් දියේ පිපෙන මල් 07ක් (නෙළුම් හෝ මානෙල් ආදී) තබා සිකුරාදා උදේ 06.00ත් 07.00ත් අතර අනුහස් බෝධියකට පූජා කරන්න.

 

02. රසකිඳ වැල්, මුල් හා බෙලි මල් නැවුම් මැටි කළයකට දමා පැන් පුරවා සරස්වතී දැහැනින් 21 වර ජීවම් කර අධ්‍යාපනය සිදුකරන හෝ විභාගවලට පෙනී සිටින දරුවන්ට උදේ - සවස දෙන්න. නුවණ වර්ධනය වේ. අධ්‍යාපන බලය ලැබේ.

 

 

03. කේතු අපල තිබේ නම් වෙද බැබිල මල් සමඟ අබ තෙල් පහන් දල්වා බෝධියකට පූජා කරන්න.

 

04. යන ගමන සුබ වෙන්නත් ජය ගනනත් ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ගාථාවෙන් 21 වර රත් හඳුන් ජීවම් කර නළලේ ගා නිවෙසින් පිටත්ව යන්න. සියල්ල ඉටුවේ.

 

05. නිවෙස්වල සන්ධ්‍යාවේ අමනුෂ්‍ය දුගඳ හෝ වෙනත් දෝෂ පවතින්නේ නම් කොහොඹ ඇට අභිසම්භිධාන පිරිතෙන් 21 වර පිරිත් කර තවත් සුවඳ කුඩු සමඟ මුසු කර සමස්ත නිවෙසටම දුම් අල්ලන්න.

 

06. බලවත්ව දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශීර්වාදය උදා කර ගැනීමට ඇහැළ කඳකින් සාදන ලද බෙරයක් දේව ආරාධනාවට නාද කරන්න. දෙවියන්ගේ පිහිට උසස්ව ලැබේ.

 

07. නිවෙසේ හෝ පිරිසුදු පවිත්‍ර තැනක හීන් උඳුපියලිය සිටුවා ඒ මත කුඩා දරුවන් තබන්න. නුවණ වැඩිවේ. යටගිය නුවණ මතු වේ. පෙනීමත් වර්ධනය වේ.

 

08. මී මැසි පාලනය සිදුකරන තැන්වල මී මැස්සන් වැඩි කර පැණිද වැඩි කර ගැනීම පිණිස හෙන්දිරික්කා මල් පැළ සිටුවන්න.

 

09. සෙනසුරුගේ හෝ කුජගේ රාහුගේ බලවත් අපල දෝෂ දුරු කරගන්නට පූජා පවත්වනවිට කටු කුරුඳු කොළ තබා ඒ මත අබ තෙල් පහන් 4ක් දල්වා පූජා තබන්න. ප්‍රතිඵල ඉක්මනින් ලැබේ. ඉක්මන් සුවය ලැබේ.

10. නොගැළපෙන අනියම් සම්බන්ධතා දුරු කරගන්නට නම් ඒ සබඳතා සහිත අයගේ නම් දෙක දිවිකදුරු කොළ දෙකක ලියා කර ගහේ කටු ගෙන අකුරු ගිනි කාරක දැහැනින් මතුරා පැඟිරි දර මත දමා පුලුස්සන්න. නොගැළපෙන අනියම් සම්බන්ධතා නවතී.

 

11. මී ඇට හා කොළ, ගුඩු පොල්, ඇටඹුරා කොළ එකට කොටා යුෂ ගෙන එයට තැඹිලි තෙල්ද මුසු කොට නැවත හොඳින් පදමට සිඳුවා ශරීරයේ තැළීම්, රිදුම් ඇති ස්ථානවල ගාන්න. ඉක්මනින් සුවය ලැබේ.

 

12. කලකට පසුව පිපෙන කඩුපුල් මල් පිපෙන වේලාව බලා කුඩා දරුවකු අතින් ඒ මල් කඩා අඹ ගසක් යට දී පත්තිනි මෑණියන්ට පූජා කරන්න. දරුවාට නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේ.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk