Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කෝණ මාසයේ. ගෙවල් හදන්න හොඳ නැද්ද?

1 year ago 7 Min read
Subha.lk

ස්වභාවධර්මයට අනුව ජීවත්වන අප හට ජීවිත ගමනට අත්‍යවශ්‍ය අංගයක් ලෙස නිවෙසක් ඉදිකර ගැනීමට සිදුවේ. මිනිසාට පමණක් නොව ඇතැම් විට සතුන්ටද ඔවුන්ගේ නිදහස ගත කිරීමට කැදැල්ලක් අවශ්‍ය වේ. මේ අයුරින් බලන ව්ට සියලුම සත්ත්වයන් හට වාසස්ථානයක් අවශ්‍ය බව වැටහේ.

 

ඇතැම්විට නව නිවෙසක් ඉදිකර ගැනීම අපට සිහිනයක් වේ. එම සිහින නිවෙස ඉදි කිරීම ආරම්භ කිරීමට පෙර ඔබ මේ ගැන අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වේ. නිවෙසක් ඉදිකිර්මට පෙර සුදුසු ස්ථානයක් ඔබ තෝරා ගත යුතුය. ඔබට ඒ සඳහා ඉඩමක් මිලදී ගැනීමට සිදුවේ. නැතහොත් පරම්පරාවෙන් ලැබෙන හිමිකමක් මත ඉඩමක් හිමිවේ. මේ කුමන ආකාරයකින් ස්ථානයක් හිමි වුවත් එම ස්ථානය ඔබට සුදුසු ස්ථානයක්දැයි දක්ෂ ජ්‍යොතිෂවේදියකු ලවා එම ස්ථානය පරීක්ෂා කර ගැනීම ඔබ පළමුවෙන්ම සිදුකළ යුතු කාරණාවයි. එම අවස්ථාවේදී ජ්‍යොතිෂවේදියකු ඔබ හට එම ස්ථානයේ ගුණදොස් වටහා දෙනු ඇත. එවිට ඔබට එම ස්ථානය තෝරා ගැනීම සුදුසුද නැද්ද යන්න තීරණයක් ගැනීමට හැකියාවක් පවතී. සුදුසු ස්ථානයක් තෝරා ගැනීමෙන් පසු ඔබට නිවෙස ඉදිකිරීමට නිවාස සැලසුමක් අවශ්‍ය වේ.

 

ඔබගේ ආර්ථික මට්ටම අනුව ඔබට සිතැඟි පරිදි නිවෙසට අයත් අංග උපාංග තීරණය කර දක්ෂ වාස්තු ශිල්පියකු වෙත ගොස්, ඔහුට ඔබගේ තීරණය පවසන්න. එවිට දක්ෂ වාස්තු ශිල්පියකු නම් එම භූමිය  පරික්ෂා කිරීමට පැමිණ ඔබ පවසන ආකාරයට නිවාස සැලසුම් සෑදිය හැකි දැයි ඔබට පවසාවි. අනිවාර්යයෙන්ම ඔබ නිවාස සැලසුම් අඳින වාස්තු ශිල්පියා එම භූමියට කැඳවාගෙන ඒමට වගබලා ගන්න. අද බොහෝ නිවාස ඉදිකිරීමේදී ගොඩක් දෙනකුට වරදින්නේ වාස්තු ශිල්පියා භූමිය පරීක්ෂා කර නොබලා අඳින නිවාස සැලසුම් නිසාය. මක්නිසාද යත් ඇතැම්විට නිවාස සැලසුම්වල දිසා වැරැදි ඇත. ඇතැම් විට භූමිය අනුව නිවෙස ඉදිකිරීමට සුදුසු තැන තමාට සිතාගත නොහැකි වීම. ඉඩමේ දිසාවන් පැහැදිලිව හඳුනාගත නොහැකි වීම ආදී ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. නමුත් ඉහත ගැටලු විසඳා ගැනීමෙන් පසුව ඔබට වාස්තු දෝෂ නැති නිවෙසක් ඉදි කිරීමට ආරම්භ කළ හැකිය. ආරම්භයේදීම ගැටලු අවම කර ඉදිකෙරෙන නිවෙසෙහි තමාට වාසය කිරීමට පහසු වේ. ගැටලු සහිතව ආරම්භ කරන නිවෙසක ගත කිරීමේදී ඇතිවන වාස්තු දෝෂ නිසා කාලෙන් කාලෙට ඔබට නැවත වරක් වාස්තු ශිල්පිකු ගෙන්වා දෝෂ බැලීමට සිදුවෙයි.

 

එවිට ඔහු පවසන ආකාරයට නිවෙස වෙනස් කිරීමට ඔබට සිදුවේ. එම නිසා ඔබගේ වියදම් අධික වේ. නොයෙක් ආකාරයේ ගැටලුවලට මුහුණදීමට සිදුවේ. අද සමාජයේ ඇතැම් අය වාස්තු විද්‍යාව පිළිනොගනී. නමුත් වාස්තු විද්‍යාවේ බලපෑම ඇති බව ඔබ සිහියට ගෙන කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වේ. නිවැරැදිව අඳින ලද වාස්තු සැලසුමකින් වැඩ ආරම්භ කිරීමට හැකියාවක් ලැබීම ඔබගේ වාසනාවකි. ඉන්පසු ඔබ නිවෙස ඉදිකිරීමට සුබ දිනයක්, වේලාවක් බැලීමට දක්ෂ ජ්‍යෙතිෂවේදියකු වෙත යා යුතුයි. එහිදී ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඔබට නිවෙස ඉදිකිරීමට මේ කාලය යහපත්, මේ කාලය අයහපත් ආදී වශයෙන් පහදා දී එම ජ්‍යෝතිෂවේදී මහතා ලබාදෙන දිනයට වේලාවට වැඩ ආරම්භ කිරීමට ඔබ උත්සාහ කළ යුතුයි. එසේ නොමැතිව ඔබ පවසන දිනයට, සුබ වේලාවක් ලබා දුන්නොත් එය ඔබට යහපත් කාලයක් නම් ගැටලුවක් නැත. අයහපත් කාලයක් වුවහොත් එයින් සිදුවන හානිය, පාඩුව ඔබට විඳ දරා ගැනීමට සිදුවේ.

 

නිවෙසක් ඉදිකිරීම සුළුපටු කාර්යයක් නොවන බැවින් ඔබ දක්ෂ ජ්‍යොතිෂවේදියකුගේ උපදෙස් පිළිපැදීමෙන් ඉතා ඉක්මනින් ලස්සන නිවෙසක් ඔබට ඉදිකර ගැනීමට හැකියාව පවතී. අද සමාජයේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් වාස්තු ශිල්පය නොදනී. වාස්තු ශිල්පය දන්නා අය ජ්‍යොතිෂවේදය නොදනී. ජ්‍යොතිෂය හා වාස්තු ශිල්පය දෙකම දන්නා අය අද අපේ රටේ සිටින්නේ සුළුතර පිරිසක් පමණක් බැවින් ඔබත් දක්ෂ ජ්‍යොතිෂවේදියකු සොයා ගැනීමට උත්සාහ කිරීම ඔබට පලදායි සේවාවක් ලබාගැනීමට හැකියාව පවතී. ගත වන්නේ කෝණ මාස කාලයයි. මේ කාලයේ නිවාස ඉදිකිරීමට සුබ නැත. එම නිසා යහපත් කාලයකදී ඔබගේ සිහින නිවෙස ඉදිකිරීම ආරම්භ කිරීමට උත්සාහ කිරීම සුබදායකයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk