Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔක්: 21 දා සෙනසුරුගේ වක්‍ර ගමන නිමාවෙයි.නැවත මහජන කැලඹිලි කරළියට?

1 year ago 7 Min read
Subha.lk

රවී සිංහ රාශියට ඉකුත් 17දා උදේ 7,23ට පැමිණීමත් සමඟ කුම්භ ලග්න ලංකා කේන්දරයේ රවි හත්වැන්නට පිවිසේ ඒ වන විට බුධ ග්‍රහයාද සිංහ රාශියේ පුවපල් නැකැතේ සිවුවැනි පාදයෙහි ගමන් ගනිමින් සිටී. රවි පිවිස ඇත්තේ කේතු හිමි මා නැකැතේ පළමු පාදයටයි. මා නැකැත කාලවර්ණ පුල් ලිංග සිවුපා අධෝමුඛ නාශ උග්‍ර කෲර තරු නවයකින් යුත් තරුවකි. පළමු පාදය කුජට හිමිය.

 

සිකුරු සිංහ රාශියට පැමිණීමත් සමඟ රට තුළ රෝග බිය පැතිරීමේ ඉඩක්

 

පාර්ලිමේන්තුව තුළ භේද භින්නතා සහ නොසන්සුන්කම්

 

ගොවීන්ට බාධක හා දුෂ්කරතා - බවබෝග විනාශයන්

 

සැප්:10න් පසු බුධ වක්‍ර වීමෙන් බුද්ධිමතුන්ට, පාසල් සිසුන්ට බලපෑම්

 

ලෝකායන ජ්‍යොතිෂයට අනුව හත්වැන්නෙන් කාන්තා පක්ෂයේ බාහිර සම්බන්ධතා ගැන කියැවේ. මේ නිසා සමගි සන්ධාන කටයුතුවලදී රජයේ යම් යම් එකඟතාවලට එළැඹීමට අපහසු තත්ත්වයක් මින් මතුවිය හැකිය. මේ වන විට සෙනසුරු වක්‍ර ගමනේ යෙදෙමින් ඔක්තෝබර් 21 දක්වා ගොස් නිවෘත වේ. ශනි මෙම කාලයේ ලංකා කේන්දරයේ කුම්භ ලග්නයේ 12 වැන්නේ ගමන් ගනී. එම නිසා නැවතත් මහජන කැලඹිලි, විරෝධතා, අරගැවූ මතුවීමේ ඉඩකඩ ඇත.

 

දැනට කටක රාශියේ ශනිගේ නැකැතක ගමන් කරන සිකුරු බුධගේ අස්ලිස නැකැතින් පසුව කේතු හිමි මා නැකැතේ පළමු පාදයට සැප්තැම්බර් 01 වැනි දිනට පැමිණේ. මෙය සිංහ රාශියට අයත්ය. රවිට සිකුරු සතුරුය. සිකුරු මාසයකට අඩු කාලයක් නොහොත් දින 24 ක් පමණ සිංහ රාශියේ ගත කරයි. මෙම සුසංයෝගයේදී රට තුළ වයිරස් රෝගීන් මෙන්ම මරණ අනුපාතයද වැඩිවීමක් දක්නට ලැබෙනු ඇත. විදෙස් රටවලින්ද අප රටට විවිධ රෝග පැතිරීමට ඇති අවකාශය වැඩිය. එම නිසා ජනතාව සැලකිල්ලෙන් ඉවසිල්ලෙන් කටයුතු කිරීම වැදගත්ය.

 

සිකුරු කුම්භ ලග්න කේන්දරයේ බාධක ග්‍රහයාද වේ. මෙකී කාලය තුළ පාර්ලිමේන්තුව තුළ භේද බිඳීම් නොසන්සුන් බව, එකඟතාවලට පැමිණීමට අපහසුතා පෙන්වයි ගොවියාටද බාධක හා දුෂ්කරතා ගෙන දෙන බව පෙනේ. බෝග විනාශවලට ඉඩ පවතී. සැප්තැම්බර් 10 න් පසු බුධ ග්‍රහයාද වක්‍ර වෙමින් කුම්භ ලග්න ලංකා කේන්දරයේ අට වැන්නේ ගමන් කිරීම තුළ බුද්ධිමතුන්ට, පාසල් සිසුන්ට තැපැල් විදුලි සන්දේශ ආදියට බලපෑම් ඇතිවිය හැකිය. මෙම කාලය තුළ පාසල් සිසුන් අතර වයිරස් රෝග සහ හමේ රෝග ශීඝ්‍රයෙන් පැතිරීමට පිළිවන.

 

සැප්තැම්බර් 17 න් පසුව රාජ්‍ය කාරක රවි කන්‍යා රාශියට පිවිසීම තුළ මසක පමණ කාලයක් විවිධ බාධකවලට මුහුණ දීමට රජයට සිදුවනු ඇත. මේ අනුව මෙම වසර පුරාම ජනතාව බලාපොරොත්තු වන අස්වැසිල්ල, සහන දීමට රජයට හැකියාවක් ඇත්ද යන්න සැක සහිතයි. එහෙත් විදෙස් ආධාර, ණය සහන නිරන්තරයෙන් ලැබෙන බව පෙනේ. එම නිසා ජනතාව ඉවසීමෙන් කටයුතු කරමින් සාමකාමීව කටයුතු කිරීමට අදිටන් කර ගැනීම වැදගත් වේ.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk