Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබේ කේන්දරයේත් මෙම යෝග තිබෙනවා දැයි බලන්න

1 year ago 7 Min read
Subha.lk

නෞකා යෝගය

 

ලග්නයේ සිට හත් වැන්න දක්වා 1, 2, 3, 4, 5, 6, 7 යන රාශි වල රාහු, කේතු හැර අනෙක් සියලුම ග්‍රහයන් පිහිටීම නෞකා යෝගයයි. මෙම යෝගය ඇති අය ජලයට සම්බන්ධ රැකියාවලට සුදුසුය. විදේශ ගමන් යෙදේ. අරපිරිමැස්ම ඇත. දියුණුව අඩුය.

 

ඡත්‍ර යෝගය

 

හත්වැන්නේ සිට ලග්නය දක්වා 7, 8, 9, 10, 11, 12 යන භාවවල ග්‍රහයන් පිහිටීමෙන් ජත්‍ර යෝගය යෙදේ. මෙම යෝගය ඇති අයගේ ජීවිතයේ මුල සහ අග කාල ශුභදායක වන අතර මැද භාගය තරමක් කරදර සහිත රජයේ රැකියා තනතුරු හිමිකම ඇත.

 

සමුද්‍ර යෝගය

 

සියලු ග්‍රහයන් 2, 4, 6, 8, 10, 12 යන ස්ථානවල පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ. මෙය සැපවත් ජීවිතයක් ගත කළ හැකි වන යෝගයකි. මෙම යෝගය ඇති අයට ජලයට සම්බන්ධ රැකියා ව්‍යාපාර වලින් ධනය ලැබිය හැකිය. දේපළ හිමි පිරිසකට නායකයෙක් වැනි අයෙක් වෙයි.

 

යුෂ යෝගය

 

මෙය සියලුම ග්‍රහයන් 1, 2, 3, 4, යන භාව හතරේ පිහිටීමෙන් යෙදේ. මෙය අධ්‍යාපනයට සුබ යෝගයකි. ගුණයහපත්, සංවර, ආගමට ළැදි අයෙක් වෙයි.

 

ශක්ති යෝගය

 

සියලුම ග්‍රහයන් 7, 8, 9, 10 යන භාවවල පිහිටීමෙන් යෙදෙන මෙම යෝගය ඇති අය උනන්දුව, උත්සාහය, ආත්ම ශක්තිය අඩු අය වෙති.

 

සර්ප යෝගය

 

1.4.7. 10 යන භාවවල රවි, කුජ, ශනි යන පාප ග්‍රහයන් පිහිටීමෙන් මෙම යෝගය යෙදේ. මොවුන්ගේ ජීවිත කරදර බාධකවලින් පිරි අසහනකාරී එකක් වේ.

 

මාලා යෝගය

 

1, 4, 7, 10 යන ස්ථානවල පමණක් බුධ, ශුක්‍ර, ගුරු යන ග්‍රහයින් පිහිටීමෙන් යෙදෙන මේ යෝගය ඉතා සුබ එකකි. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන ආදී සැප සම්පත් ලැබෙන අතර ජීවිත කාලය ඉතා සතුටින් ගත කළ හැකිය.

 

ඉෂු යෝගය

 

සියලුම ග්‍රහයන් 4, 5, 6, 7 යන භාව හතරේ පිහිටීමෙන් මෙම යෝග යෙදේ. මේ යෝගය ඇති අයට දැඩි හිතක් ඇත. දරුණු පුද්ගලයන් ඇසුරු කරන අය වෙති.

 

දණ්ඩ යෝගය

 

10, 11, 12, 1 යන භාවවල සියලු ග්‍රහයන් පිහිටා තිබීමෙන් දණ්ඩ යෝග යෙදේ. මේ අයට බොහෝ විට අනුන් යටතේ .වැඩ කිරීමට සිදුවන අතර විවාහ වීමේ වාසනාව හෝ දරුවන් අහිමි වීමට ඉඩ ඇත.

 

චාප යෝගය

 

මේ යෝගය යෙදෙන්නේ සියලු ග්‍රහයන් 10, 11, 12, 1, 2, 3, 4 භාව තැන්පත් වීමෙනි. මේ යෝගයෙන් තම සැප සතුට පමණක් හිතන, අහංකාර, ලැජ්ජා භය නැති අයකු බිහි කරයි.

 

චක්‍ර යෝගය

 

සියලු ග්‍රහයන් 1, 3, 5, 7, 9, 11 යන ස්ථානවල සිටීමෙන් චක්‍ර යෝග යෙදේ. මේ යෝගය ඇති අයට හොඳ ආර්ථික ස්ථාවර බවක් පවතී. බුහුමන් ලැබෙන නිලයක් බලයක් සහිත උසස් තත්ත්වයක් හිමි වේ.

                                                                                            

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk